"සෙමී..ඔයා මේක කියවද්දි සමහරවිට මම නැතිවෙයි...මට සමාවෙන්න හැමදේටම...ඔයාගේ ආදරේ දැකලත් නොදැකපු විදියට මට ඉන්න සිද්ද වුනා..සමාවෙන්න මට..මං ඇත්තටම ජන්කුක්ට ගොඩක් ආදරෙයි සෙමී..ඇත්තමය...එයා මගේ මුලු ජිවීතේම වුනේ හරිම පුදුම විදියට...ඒත් මං හරිම අවාසනාවන්තයි...ජන්කුක්ව මං වෙනුවෙන් බලාගන්න...ටේහියුන්ට ජන්කුක් ලගට එන්න දුන්නෙ නොදැනුවත්ව නෙමෙයි...එයා ජන්කුක්ට ඇත්තටම ආදරෙයි..මම එයාව විශ්වාස කරනවා...මේ ටික දවසට එයා මට හොද යාලුවෙක් උනා...ජන්කුක්ව ටේහියුන් ලගට යැව්වෙත් මම හැමදේම දන්න නිසා..ටේහියුන් මුල ඉදලම ජන්කුක්ට කැමති කියලා මට තේරුනා...මට සතුටුයි සෙමී...ඇත්තටම ඔයාට ලස්සන හදවතක් තියෙනවා..ස්තූතියි මගේ හොදම යාලුවා වුනාට..ඒ වගේම සමාවෙන්න ඔයාට ආදරේ කරන්න බැරි වුනාට...ජන්කුක්ට අඩන්න දෙන්න එපා එයාව බලාගන්න තනි කරන්න එපා..සෙමී ජන්කුක් අපි වගේ සාමාන්ය කෙනෙක් නෙමෙයි එයා විශේෂ කෙනෙක්...ඒ නිසා එයාව පුලුවන් තරම් පරිස්සමෙන් බලාගන්න..ටේහියුන් හැමදේම දන්නවා..මට ඉක්මනට යන්න වෙනවා කියලත් එයා දැනගෙන හිටියා...ජන්කුක්ට එයා ගොඩක් ආදරෙයි...මං වෙනුවෙන් එයාලට සතුටින් ඉන්න උදව් කරන්න සෙමී...මගේ කියලා තිබුන හැමදේම මං ජන්කුක්ට ලිව්වා...මගේ කුකීව සතුටින් තියන්න..."
"අනේ සමාවෙන්න යොන්...මං ඔයාට ආදරෙයි...මට බැරිවුනා ඔයාව තේරුම් ගන්න...ආයෙත් එන්න...ජන්කුක් වෙනුවෙන් එන්න..එයා හොයන්නෙ ඔයාව..කොහොමද එයාගේ හිත හදන්නෙ??"
යොන් අවසන් වතාවට ඇයට ලියපු ලියුමත් අතේ තියාගෙනම සෙමී එතනම දනගසාගත්තේ ඇයට තවත් හැගීම් වලින් අසරණ කරලා...
"එයා ආයෙත් එන්නෙ නැහැ සෙමී..මේක ලොකු වේදනාවක්...ඔයලා හැමෝටම..ඒත් හිත හදාගන්න උත්සාහ කරන්න..අපිට සිද්ධ වෙන්න තියෙන දේවල් කවදාවත් නතර කරන්න බැහැනෙ...කරන්න තියෙන්නෙ ඒ හැමදේටම කොහොමහරි මූන දෙන්න.."
"ටේහියුන්..."
ටේහියුන් සෙමීව ආදරෙන් වැලදගත්තේ ඇයගේ හිත ටික වෙලාවකට හරි සන්සුන් කරන්න හිතාගෙන..
"ජන්කුක්??.."
"කලබල වෙන්නෙපා සෙමී..ඔයා දැන් ගෙදර යන්න..මම ජන්කුක් ගැන බලන්නම්..."
ඇය ටේහියුන්ට සමුදී එතනින් පිටව ගියේ හැමදේම වෙනුවෙන් ස්තූතියි කියන්න වගේ...ටේහියුන්ද නිහතමානීව ඇය සමග හිනාවුනේ ඇයව තේරුම් ගත් බව හගවමින්..
මාපල් ගහක් යට බංකුවට වෙලා තාමත් ඇස් වල කදුලු පුරවන් ඉන්න ජන්කුක්ව ටේහියුන් ඔහුගේ පපුවට තදින් තුරුල් කරගත්තේ ගොඩක් ආදරෙන්...