"තව සතියයි..."
තමන් එක්කම හිනාවෙමින් යොන් හෙමීට කිව්වේ අතේ තියාගෙන ඉන්න කොලයක් දිහා බලාගෙන...
එලියෙ වැටෙන හිම දිහා කාමරේ ජනේලෙන් බලන් ඉදපු ඔහුට ටික වෙලාවකින් දැනුනේ කාගෙහරි අතක් තමන්ගේ උරහිස මත ඇති බව..
"ජ..ජන්කුක්...ඔයා...ඇයි මෙතන...මම ඔයාගේ මූනවත් බලන්න කැමති නැහැ කියලා දන්නවනේ...මොකටද දැන් මෙතෙන්ට ආවේ??..."
යොන් ටිකක් තදින් උස් හඩින් කියද්දි ජන්කුක් බිම බලාගත්තා.
ඔහු ජන්කුක්ගේ වැලිමිට ලගින් තදින් අල්ලගත්තේ ජන්කුක්ට වේදනාවක් දැනෙන බව හොදටම දැනගෙන...
වේදනාව නිසාම ජන්කුක්ගේ ඇස් වලින් කදුලු කැට එකින් එක වැටෙන්න ගත්තේ නොදැනුවත්වමයි."කියනවා ජන්කුක්...මොකද්ද ඔයාගේ ප්රශ්නෙ??...ඇයි කියනවා නිතරම මෙහෙම මට වද දෙන්නෙ??..ඇයි!!..."
ජන්කුක් නිහඩයි..එහෙත් ඔහුගේ ඇස් වලින් කඩාහැලෙන කදුලු කැට තවත් වේගවත් වුනා.
මේසයක් උඩ තිබුන කොලයක් එක්කම පෑනක් අතට ගත්ත ජන්කුක් එහි යමක් ලිව්වා..හෙමීට යොන්ට ලංවුන ජන්කුක් එය ඔහුගේ අතින් තිබ්බා..
"ඔයා මට ආදරේ නිසා.."
ජන්කුක් කොලේ ලියපු දේ නිසා යොන් නොසන්සුන් වුනා වගේම ජන්කුක්ගේ ඇස් මගහරින්න උත්සහ කලා.
"මො..මොනවද කියන්නෙ???...පිස්සුද තමුන්ට...හරි තමුන් ඉන්නවා මෙතෙන්ට වෙලා මම යන්නම්.."
තරහෙන් කෑගහලා යන්න හදපු යොන්ව ජන්කුක් අතින් අල්ලන් නවත්තගත්තා..
ජන්කුක් කදුලු පිරුන ඇස් වලින් යොන් දිහා බලන් හිටියේ ඔහු පුලුවන් තරම් ජන්කුක්ගේ දෑස් මගහැර යන්න හදද්දි...යොන්ගෙ අත අතහැරපු ජන්කුක් තවත් කොලයක් එක්ක පෑනක් අතට අරන් අනිත් අතින් නැවතත් යොන්ගේ අතින් අල්ලන් හෙමීට ඇද උඩින් වාඩිවුනා...
යොන් නිහඩවම ජන්කුක් ඔහුට කියන්න යන දේට අවධානය දුන්නේ ප්රශ්න ගොඩක අතරමං වුන හැගීමකින් ජන්කුක් දිහා බලද්දි...එහෙත් ජන්කුක් යොන් දිහා නොබලම ලියන්න පටන් ගත්තේ ඇස් වලින් ගලන කදුලු නවත්තගන්න උත්සහ නොකරමයි.