ජන්කුක් ආස කලා school යන එකට, හැබැයි ඒ ටේහියුන්ව හම්බුනාට පස්හේ නැත්තං එයාට ඉස්කෝලේ කියන්නේ අරහං වගේ. ටේහියුන්ව දැනගෙන සති පහක් වුනත් ඒ කාලය අතර තුර ජන්කුක්ට දැනුනේ එයා ටේහියුන්ව ආත්ම ගානක ඉදලා දන්නවා වගේ, එයා ආස කලා ටේහියුන්ගේ ලස්සන දිලිසෙන ඇස්වලට, රෝස පාටට ටින්ට් වෙන කම්මුල් වගේම, රෝස පාට තොල්. හැමදාම ජන්කුක් හිත සතුටින් ඇහැරිලා ඉස්කෝලෙට එන්නේ ටේහියුන්ව දැකගන්න විතරයි, ඒත් ඒක අද වෙනස්.....
ජන්කුක් සාමාන්‍ය වෙලාවට ඉස්කෝලෙ ගිහින් එයාගේ ඩෙස්ක් එකට ගිහින් ඉදගත්තේ මොකද එයා ටේහියුන්ට කලින් එන නිසා, ඒත් හරියටම 8:15 වෙද්දි එන කෙනා අද නැහැ, ටේහියුන් එනකන් නොඉවසිල්ලෙන් කකුලත් පද්ද පද්ද ජන්කුක් ඇස් දෙක දොර frame එකෙන් පිට යවන් නැතුව බලන් හිටියේ තඹ පාට කොණ්ඩයක් තියෙන ඒ කොල්ලා එනකන්, 8:25..... ජන්කුක්ගෙ මතය අනුව පංතියේ හැමෝම දැන් ආවා ටේහියුන් නැහැ, ඒත් එක්කම එයාට ඇහුනේ බෙල් එකේ සද්දේ, දැන් එයි, දැන් එයි කිව්වට ටේහියුන් ආවේ නැහැ.....
ටේහියුන්....ආවේ නැහැනේ.....ඒත්...ඇයි ඒ??
ජන්කුක් හිතුවා, ටේහියුන්ගේ බොක්ස් ස්මයිල් එක නැතුව එයාගේ දවසම මූසලයි වගේ, ඒ හඬ, හිනාව, ඇස් වලින් ජන්කුක් දිහා බලන විදිහ..... ජන්කුක්ට හෙන පාලුවක් දැනුනා...
හිත වද දුන්නෙම ටේහියුන් ඇයි ආවේ නැත්තේ කියලා.. එයාට නිකන් අඩන්න ඕනා වුනා වගේ ඒත්...එයා කලේ නැහැ. ජන්කුක් ටේහියුන්ගේ හිස් ඩෙස්ක් එක දිහා බලාගෙන පාරේ දාලා ගිහින් ඉන්න බලුපැටියෙක් වගේ ලොකු දුකකින් බලාගෙන හිටියා.
"ජියොන්.....ජියොන්.." ජන්කුක්ට එයාගේ නම ඇහෙනවත් එක්ක ඩෙස්ක් එකෙන් ඔලුව උස්සලා Mr.චෝයී දිහා බැලුවා.
"අද කිම් ඇවිත් නැහැ වගේ..." Mr. චෝයී කිව්වම ජන්කුක් සුසුමක් පිට කරලා ආයේ ඩෙස්ක් එකට ඔලුව තියාගත්තා. ඇත්තටම මේක දකින ඕන කෙනෙක්ට දුක හිතෙන්න පුළුවන්. Mr. චෝයීට වුනත් හිත ඇතුලෙන් පුංචි දුකක් දැනුනා ඒත් ඒක පිටට පෙන්නුවේ නැහැ.
"ජියොන්...පාඩමට ඇහුම්කන් දීගෙන ඉන්න..." Mr. චෝයී කිව්වේ බෝඩ් එක පැත්තට හැරෙන ගමන්. අද දවසෙම ජන්කුක් ඔලුව හැරුන අතේ පංතිවලට කකුල් දෙක ඇදගෙන ගියේ එයාට දැනුන මහ මූසල කම නිසා, වගේම ටේහියුන් ආපූ නැති දුකට. 3:45 බෙල් එක වදිනවත් එක්ක ලමයි පංතියෙන් පිටත් වෙලා ගෙදර යන්න ලෑස්ති වෙනකොට ජන්කුක් ටේහියුන්ගේ හිස් ඩෙස්ක් එක දිහා බලාගෙන ඉදලා නැගිටලා එයා ගෙදර යන්න බෑග් එක ලෑස්ති කලා.
![](https://img.wattpad.com/cover/300233971-288-k221130.jpg)
BẠN ĐANG ĐỌC
Wet Dreamz (Sinhala) ✔
Fanfictionජන්කුක් පලවෙනි වතාවට ටේහියුන් ව දකින්නේ Mr. චෝයීගේ මැත්ස් Class එකේදී.... කල් යත්ම ජන්කුක්ගේ හිත ටිකෙන් ටික ටේහියුන්ට ආදරෙන් බැඳෙන්නේ නොදැනුවත්ම....ඒත්... හැමදාම උදේට එයා ඇහැරෙන්නේ දහඩියෙන් තෙත් වී, ගැඹුරු හුස්මවල් අදින ගමන්..... ඒ ඇයි?? මොකද ටේහි...