"මේක....."
"ටේ....ඔයා එනවද නැද්ද...." ජන්කුක්ගේ හඬට ගැස්සිලා ගිය ටේහියුන් අතට ගත්ත දේ ආයේ පෙට්ටියට දැම්මේ පහලට යන ගමන්.
බර කල්පනාවක හිටපු ටේහියුන්ට ජන්කුක් කතා කරන එකවත් ඇහුන් නැති තරම්, හීනයක්ද දැක්කේ කියලා හිතන් කම්මුලට තට්ටුවක් දාන්න අත උස්සපු ගමන්;
"ඔහ්....no you don't..." ජන්කුක් ටේහියුන්ගේ අත නතර කරලා තදින් අල්ලගත්තේ ටේහියුන්ව හරි මනසකට අදින ගමන්.
"ආහ්..ආහ්...රිදෙනවා..."
"අත්වල දුවිල්ල එකයි...එනවා මෙහෙට.." ටේහියුන්ගේ අතින් ඇදගෙන බාත්රූම් එකට ගිය ජන්කුක් කිව්වේ ටේහියුන් වේදනාවට ඇඹරෙන ගමන්.
"මොකද මේ හොල්මනක් වැහිලා වගේ??" නිෂ්ශබ්දව හිටපු ටේහියුන් දිහා ජන්කුක් concerned look එකක් එක්ක ඇහුවම ටේහියුන් හිමීට ඔලුව උස්සලා හිනා වුනේ 'මම හොදින්' කියන ගමන්.
"ජන්කුක්...."
"හ්ම්ම්...."
"ඒ පෙට්ටියේ තියෙන හැමදේම ඔයාගේ දේවල්ද??"
"ඔව්...ඇයි??" ජන්කුක් ටේහියුන්ගේ අමුතු ප්රශ්නෙට උත්තර දුන්නේ ඇහිබමක් උස්සගෙන. "ටේ..හැමදේම හොදින්ද???"
"හ්ම්ම්...මට නිදිමතයි..."
"හ්ම්ම්....මම ගෙදරට දාලා එන්නම්.... ඉන්න මම ඔයාගේ hoodie එක අරන් එන්නම්..." ජන්කුක් එයාගේ කාමරේට ගිහින් ආවේ ටේහියුන්ගේ තද රතු hoodie එක අතැතිව.
"අම්මේ...ටේහියුන් යනවලු..." ජන්කුක් කිව්වත් එක්ක Mrs. Jeon ටේහියුන්ව ඇවිත් බදාගත්තේ ජන්කුක් කාර් key එක ගන්න ගමන්.
ජූලී සීතල සුළඟ නිසා ටේහියුන් තමන්ගේ අත් මුවට ලං කරලා උණුසුම් කරන්න ගත්තත් එක්ක තමන්ගේ ඉණ වටා එතුන ජන්කුක්ගේ අත් එක්ක brunette ටිකක් ගැස්සුනා. හ්ම්ම් හඩත් එක්ක ජන්කුක් ටේහියුන්ගේ බෙල්ල ඉඹලා උරහිස උඩින් නිකට තියාගත්තා.
"අපි කොහෙ හරි යං??" ජන්කුක් හිමීට මිමිණුවා.
"මේ දැන්?" ටේහියුන් ජන්කුක්ගේ අත්වලින් ඈත් වෙන ගමන් අනිත් පැත්තට හැරෙන ගමන් ඇහුවා.
"නෑ...හෙට... අපි මීට කලින් කොහෙවත් ගිහින් නෑනේ..." ජන්කුක් ටේහියුන්ගේ නළලට නළල තියාගෙන ඇහුවේ ටේහියුන්ගේ ඇස්වල උත්තරයක් හොයන ගමන්.
![](https://img.wattpad.com/cover/300233971-288-k221130.jpg)
YOU ARE READING
Wet Dreamz (Sinhala) ✔
Fanfictionජන්කුක් පලවෙනි වතාවට ටේහියුන් ව දකින්නේ Mr. චෝයීගේ මැත්ස් Class එකේදී.... කල් යත්ම ජන්කුක්ගේ හිත ටිකෙන් ටික ටේහියුන්ට ආදරෙන් බැඳෙන්නේ නොදැනුවත්ම....ඒත්... හැමදාම උදේට එයා ඇහැරෙන්නේ දහඩියෙන් තෙත් වී, ගැඹුරු හුස්මවල් අදින ගමන්..... ඒ ඇයි?? මොකද ටේහි...