"ඇයි ඔයා එයාට ඒක කිව්වේ නැත්තේ??"
"ඔහ්...." ඇහුන හඬත් එක්ක ටේහියුන් ගැස්සිලා පිටිපස්ස බැලුවම දැක්කේ තමන්ගේ beanch එකට උඩ ඉදගෙන ඉන්න යුන්ගිව.
"ඇයි ඔයා එදා වුන දේ කිව්වේ නැත්තේ?" යුන්ගි ආයේත් ඒ ප්රශ්නෙම ඇහුවා. ටේහියුන් යුන්ගිගේ ඇස් මගැරලා අත් දෙක දිහා බලගත්තේ උත්තරයක් හිතන ගමන්. යුන්ගි ලොකු සුසුමක් පිට කරනව ඇහුනත් එක්කම තමන්ගේ එහා පැත්තෙන් ඉදගත්ත යුන්ගි දිහා ඇස් කොනින් බැලුවා.
"කොල්ලො....ඔයා-"
"මගේ නම ටේහියුන්..."
"අහ්..හ්ම්ම්... ඔයා.. ඔයාගේ කොල්ලට වුන දේ කිව්වේ නැත්තං... මම කියනවා..." යුන්ගි එක සැරේ කියපු දේට ටේහියුන්ගේ ඔලුව එකසැරේ හැරුනා.
"ක-කොල්ලාට??" ටේහියුන්ට දැනුනේ තමන්ගේ කම්මුල් රත් වෙනවා වගේ. ටේහියුන්ට තේරූනා යුන්ගිගේ ඇස් දෙක තිබ්බේ වෙන දිහාවක කියලා. හිතුවා වගේම යුන්ගි බලන් හිටියේ ජන්කුක් එක්ක ඉන්න ජිමින් දිහා.
"ඔයා ඔයාගේ හැගීම් බොරු වලින් හැංගුවට ඔයාගේ ඇස්වල එයාට තියෙන හැගීම් හංගන්න බෑ ටේහියුන්... "
"යුන්ගි හියුන්..."
"ටේ!!!!" ජන්කුක් දුර ඉදන් අත වනලා කතා කලා, raven කොල්ලාගේ මූණේ ලොකු හිනාවක් ඇදුනා ටේහියුන් අනිත් පැත්තට අත වැනුවම.
"මම හරි වෙලාවක් ආවාම කියනවා හියුන්..." ටේහියුන් දුක්මුසු හිනාවකින් කිව්වේ දුර ඉදන් ජිමින්ගේ කොණ්ඩේ අවුල් කර කර හිනාවෙන ජන්කුක් දිහා බලාගෙන.
"හ්ම්... හැබැයි ඔයා කිව්වේ නැත්තං මම කියනවා... අනික ඔය බෝගම් කොල්ලා හොදකට නෙමී එන්නේ..." යුන්ගිගේ හඩේ නොසංසුන්භාවයක් තිබ්බ නිසා ටේහියුන් හිමීට එයා දිහා බැලුවා. ටේහියුන්ගේ මනසට අවේ බෝගම් එදා තමන්ගේ කනට කරලා කියපු දේ;
"මොකද බෙබී බෝයි...ජියොන් ගාව හැසිරෙනවා වගේ මාත් එක්ක ඒම හැසිරෙන්න ආස නැද්ද.."
බෝගම් පල් හිනාවක් පෙන්නලා ටේහියුන්ගේ කන ගාවට ලං වුනේ ටේහියුන් ඇස් තද කරන් වහගෙන ඉද්දි,
YOU ARE READING
Wet Dreamz (Sinhala) ✔
Fanfictionජන්කුක් පලවෙනි වතාවට ටේහියුන් ව දකින්නේ Mr. චෝයීගේ මැත්ස් Class එකේදී.... කල් යත්ම ජන්කුක්ගේ හිත ටිකෙන් ටික ටේහියුන්ට ආදරෙන් බැඳෙන්නේ නොදැනුවත්ම....ඒත්... හැමදාම උදේට එයා ඇහැරෙන්නේ දහඩියෙන් තෙත් වී, ගැඹුරු හුස්මවල් අදින ගමන්..... ඒ ඇයි?? මොකද ටේහි...