13| Anger Issues

1.4K 235 40
                                    

"මට තාමත් හිතාගන්න බැහැ...."

"මොකක්ද??" ජන්කුක් dumbfounded වගේ ඇහුවේ ටේ දිහා සැලකිල්ලකින් බලන ගමන්.

"මට තාමත් හිතාගන්න බැහැ අපි දෙන්නාම එකම PE පිරීයඩ් එකටම වැටුනා කියන එක....දැන් අපිට Mr. චෝයීගේ මැත්ස් ක්ලාස් එකෙයි PE වලයි එකට ඉන්න පුළුවන්."

ටේහ්‍යූන් climbing bars වල ඉදන් පහලට නැවුනේ ජන්කුක්ව ඔලුවෙන් හිටන් ඉන්නවා පේන විදිහට හිනා වෙන ගමන්, ජන්කුකුත් හිනා වෙවී හිටියට ඒ හිනාව නැති වෙලා ගියේ ටේහ්‍යූන්ගේ ටී එක පහලට වැටිලා එයාගේ hipbone එක ගාව තියෙන දම් පාටට හුරු පැල්ලම ඉස්මතු වෙන්න පේනවත් එක්ක,

"ටේ...වෙස්ට් එකක් ඇන්දේ නැද්ද??" ජන්කුක් ටිකක් කලබල වුන ගමන් ටේගේ ටී එක shorts එක අස්සට යට කලේ කාට හරි පෙනෙයි කියලා. ජන්කුක්ගේ ඇගිලි ටේහ්‍යූන්ගේ බඩේ ගෑවූන නිසා ටේහ්‍යූන් ටිකක් සද්දෙන් හිනා වුනා.

"කවුද අනේ gym ටීෂර්ට් එක යටට වෙස්ට් එකක් අදින්නේ. ටේහ්‍යූන් කිව්වම ජන්කුක් එයාගේ කනට ලං වෙලා කියපු දේට මූණ රතු වෙලා යන්න ගියේ තප්පරයයි.

"ටේහියුන්ගා...." ටේගේ නම කතා කරන් blonde කොන්ඩයක් තිබ්බ ටිකක් කොට පිරිමි ලමයෙක් ආවේ අතේ රතු පාට dodgeball එකකුත් තියාගෙන. ඉක්මනින්ම climbing bars වලින් බැහැලා ඇදුම හදාගත්ත ටේහ්‍යූන් ඒ කොල්ලා එක්ක හිනා වුනා. ඒ කොල්ලා ජන්කුක් දිහා බලලා ආයේ ටේහ්‍යූන් දිහාවට හැරුනේ පුංචි කියුට් හිනාවකුත් එක්ක. "මාත් එක්ක play කරන්න එනවද??"

"තාම කෝච් සර් නැහැනේ ජිමින්....එයා ආවාම බලමු...." ටේහ්‍යූන් කිව්වා. ඒත් එක්කම ජන්කුක් පැත්තට හැරුන ටේහ්‍යූන්;
"මේ ඉන්නේ මගේ පංතියේ ඉන්න මගේ යාළුවා....පාර්ක් ජිමින්..." ටේහ්‍යූන් කිව්වේ ජිමින්ගේ උරහිසට ගහන ගමන්. "එතකොට ජිමිනි....මේ ඉන්නේ මට මැත්ස් ක්ලාස් එකේ ඉන්න හොදම යාළුවා...ජියොන් ජන්කුක්..."

"nice to meet you" ජන්කුක් කිව්වාට ජිමින්ගේ ඇස් තිබ්බේ වෙන පැත්තක නිසා ජන්කුක් පිටිපස්ස හැරුනා. ඒත් එක්කම දැක්කේ සිල්වර් පාටට හුරු කොණ්ඩයක් තියෙන කෙනෙක්ව, එයා ස්කූල් බාස්කට්බෝල් යුනිෆෝර්ම් එක ඇදලා නිසා එයා බාස්කට්බෝල ගහන කෙනෙක් වෙන්න ඇති කියලා ජන්කුක් හිතුවා. ඒත්....ඇයි එයා මෙතන ඉන්නේ?? අනික නිදාගෙන???

Wet Dreamz (Sinhala) ✔Where stories live. Discover now