35| High School Sweethearts

1K 167 46
                                    

අන්න...

එයා ඉන්නවා....

එදා වගේමයි...

ඒ ඇස්වල තරු කැට වගේ දීප්තිය දැනුත් තියෙනවා...

දුඹුරු පාට doe eyes, හාට් shape රෝස තොල්, coconut haircut එක. තද නිල් පාට එයාට ගොඩක් ලස්සනයි.

එදා වගේම හොල්මනක් දැකලා වගේ බලන් හිටියේ. කතා කරද්දි වචන පරිස්සමින් කියන විදිහ, සැරින් සැරේ තමන්ගේ දිහා බලන් ඉන්න විදිහ, ජන්කුක් තනිකර High school sweetheart කෙනෙක් වගේ. 

ඒ හැමදේකටම වඩා ලොකු වෙනසකට තිබ්බේ...

ඒ හැමදේම අද මගේ...

වගේම මම එයාගේ...

ටේහියුන්ටවත්, ජන්කුක්ටවත් වචන හුවමාරු කරන්න උවමනාවක් තිබ්බේ නෑ, මොකද ඔවුන්ගේ ඇස් වචන වලට වඩා ගොඩක් දේවල් කතා කලා. ඒ දෙන්නාගේ එක රිද්මයකට ගැහෙන හදවත් දෙක ඒ දෙදෙනාගේ ඇස්වල තිබ්බ ආදරයට, උණුහුමට ලෝභ වුනා. මොහොතකට ඒ ඇස්වල අතරමං වුනේ ලෝකය ගැන අමතක වෙන ගමන්. ජන්කුක් කට කොනින් හිනාවෙලා class room එක ඇතුලට එන ටේහියුන් ලඟට ගිහින් හිටගත්තා. 

ජන්කුක්ගේ ෆෝන් එකෙන් play වෙන සිංදුවේ beat එකට තාල ගලපන Class room එක වටේ තියෙන නිවි නිවි පත්තු වෙන ලයිට් එලි, රෝස මල් පෙති හැමතැනම තියෙන විදිහ, බැලුන් කීපයකින් පුංචියට සරසලා තිබ්බ විදිහ දැක්කම ටේහියුන් හිනා වුනා. 

"ඔයා මේකටද පරක්කු වුනේ??" ටේහියුන් ඇහුවම ජන්කුක් බෙල්ල පිටිපස්ස අතගාන ගමන් ඇස්වලින් ඔව් කිව්වා. 

"Ayu තමා උදව් වුනේ..." ජන්කුක් කිව්වා.

♪And just know that I do...♪

ටේහියුන්ගේ යටි තොල දත් අතරට ලිස්සා ගියේ background එකේ play වෙන සිංදුවේ වචන වලට.

♪ Oh I really like you babe...♪

"ඔයා අද ලස්සනයි..." ජන්කුක් කිව්වේ ටේහියුන්ගේ ඇස් පිහාටූ උඩ සෙල්ලම් කරපු කෙස් ටික අයින් කරන ගමන්. ටේහියුන් soft chuckle එකකින් ජන්කුක්ගේ ඇස් දිහා හුරතල් විදිහට බැලුවා. ඔවුන් වටා තියෙන ලයිට් එලි රතු පාටට හැරුන ගමන් ජන්කුක් ටේහියුන්ගේ කම්මුල් සිප ගත්තේ brunetteව පුදුම කරලා. 

Wet Dreamz (Sinhala) ✔Where stories live. Discover now