⚠️T//W ⚠️
Abuse, strong language"Ahh... it's cold" පිනි පොද වැස්සේ වතුර බෝතල් දෙකක් ගන්න ආපූ ටේහියුන් තමන්වම අත් වලින් බදාගෙන ඉක්මනට open area එකට ආවේ පිනි පොද වැස්සෙන් බේරෙන්න. වතුර බෝතල් දෙක ගත්ත ටේහියුන් කැබින් එක බලන් යන්න හදනවත් එක්ක තමන්ගේ නම ඇහුන නිසා නතර වුනා.
"ටේහියුන්..."
"Yugyeom?" ටේහියුන් මිමිණුවේ තමන් ලගට එන තරුණයා දිහා බලාගෙන. ටේහියුන් ඔහුව නොදන්නවා කිව්වොත් බොරු, ජන්කුක්ගේ හිටපු හොදම යාළුවා.
"ටේ...ජන්කුක්ට ඔයාව හම්බෙන්න ඕනා කිව්වා..." yugyeom කිව්වේ ටේහියුන්ගේ ඇස් පුදුමයෙන් ලොකු වෙනකොට. "ආ...ඔයා මේ ටික බොන්න..." yugyeom අඩියේ ඉතුරු වෙලා තිබ්බ කොෆි කප් එක දුන්නේ ටේහියුන් ඒක හිමීට බොන ගමන්.
"ජන්කුක්?? මට?? ඔයාට ෂුවර්ද?" කොෆි කප් එක පොඩි කරලා ඩස්බින් එකට දාපූ ටේහියුන් ඇහුවා.
"ඔව්...එයා කැලේ ගාවට එන්න කිව්වා...ඔයා එක්ක දෙයක් කතා කරගන්න තියෙනවා කියලා...හැබැයි තනියම එන්න කිව්වේ..."
"ඔහ්...එහෙමද...අහ්...." ටේහියුන්ට හිතන්න දේවල් ඉතුරු වෙලා තිබ්බේ නෑ. Brunetteගේ ඔලුවේ තියෙන්නේ දැන් ජන්කුක්ව හම්බවෙන අරමුණ විතරයි. "අහ්...හරි...මම ඉක්මනට මේ ටික තියලා එන්නම්..." ටේහියුන් කැබින් එක පැත්තට පොද වැස්සේ දිව්වේ හිත ඇතුලේ ප්‍රශ්න ගොඩක් එකතු වෙද්දි.
ජන්කුක් ආයේ යාළු වෙන්න තමා කතා කරන්නේ....
ටේහියුන් හිත හිතම කැබින් එකේ දොර ඇරගෙන ආවාම දැක්කේ ඔලුව පීද පීද ෆෝන් එකෙ ඉන්න ජිමින්. බෝතල් දෙක මේසේන් තියලා ආයේ එලියට යන්න හදද්දිම,
"ටේ...කොහෙද ආයේ මේ යන්නේ??" ජිමින් ටේහියුන්ගේ නොසන්සුන්කාරී හැසිරීම නිසා ඇහුවා.
"අහ්...මේ...මේ...ජන්කුක් කතා කරපු නිසා යන්නේ..." ටේහියුන් කිව්වේ ටෝච් එකක් අතට ගන්න ගමන්.
"මාත් එන්නද..." ජිමින් ඇහුවේ ඇදෙන් නැගිටින්න හදද්දි;
"නෑ...එපා...එයා තනියම එන්න කිව්වේ...ඒක නිසා ඔයා එන්න ඕනා..නෑ..."
"ඔහ්...හ්ම්ම්...හරි...පරිස්සමින් හරිද.." ජිමින් කිව්වට කිසි දෙයක් කනට නොගත්ත ටේහියුන් ඉක්මනට කැබින් එකෙන් එලියට ගියේ ජිමින් යටි හිතින් ගොඩක් වදවෙද්දි.
YOU ARE READING
Wet Dreamz (Sinhala) ✔
Fanfictionජන්කුක් පලවෙනි වතාවට ටේහියුන් ව දකින්නේ Mr. චෝයීගේ මැත්ස් Class එකේදී.... කල් යත්ම ජන්කුක්ගේ හිත ටිකෙන් ටික ටේහියුන්ට ආදරෙන් බැඳෙන්නේ නොදැනුවත්ම....ඒත්... හැමදාම උදේට එයා ඇහැරෙන්නේ දහඩියෙන් තෙත් වී, ගැඹුරු හුස්මවල් අදින ගමන්..... ඒ ඇයි?? මොකද ටේහි...