ජීසෝ ඉදන් හිටපු බන්කුවෙ එහා පැත්තෙ ඉදගත්ත ඒ ආගන්තුක මනුස්සයා මොනවද මන්ද තනියම කියවන්න ගත්තෙ පිස්සුවෙන් වගේ ජීසෝගෙ අවදානය එයාගෙ ලෝකෙන් ගිලිහිලා ගියේ ඒ කෙනාගෙ කෑහැහිල්ල නිසා.ඒ කෙනා වෙන
කවුරුත් නෙවෙයි ජිමින්." ඇයි මම එනකම් එන්න බැරි උනේ ඇයි මට දුන්න පොරොන්දුව රකින්න බැරි උනේ?
වේ ? වේ? ඇයි ඔයා මට එහෙම කරේ මම විතරයි ආදරය කරල තියෙන්නෙ මම විතරයි බලන් ඉදල තියෙන්නෙ නිකම් නෙවෙයි අවුරුදු පහලවක් මම බලන් ඉදල තියෙන්නෙ මේ ලෝකෙ නැති ඔයා වෙනුවෙන්ද ? මට උත්තරයක් දෙන්න...මට මෙහෙම දුකක් ඔයා ඇයි දෙන්නේ ඇයි මට එහෙම කරේ ඔයා? වේ .වේ......"එහෙම කියපු ජිමින් මහහයියෙන් අඬන ගමන් පපුවත් අල්ලගෙන පොලවට බර උනේ තමන්ගෙ මුලු දුකම පොලව දරාගනියි වගේ.එකපාරම හයියෙන් හුස්ම ගන්න ගමන් ජිමින් පපුව අල්ලත්තා.
සිද්දවෙන කිසිම දෙයක් ගැන හරි අවබෝධයක් නැති ජීසෝ මේ දිහා බලන් හිටියෙ ගොඩක් පුදුම වෙලා පුදුම දුකක් හිතේ රදවගෙන.මහහයියෙන් අඬන ඒ පිරිමි කෙනා කවුරු කියල නොදන්නවා උනත් ඒ කෙනා ගැන ජීසෝගෙත් හිතේ ලොකු දුකක් උපන්නෙ ජීසෝටත් එයාගෙ ජීවිතය ගැන දුකක් ජීසෝ දරන් ඉන්න නිසාමයි.
ටිකින් ටික අමාරුවෙන් හුස්ම ගන්න ඒ කෙනා දිහා ජීසෝට බලන් ඉන්නකොට ජීසෝට තරමක බයක් දැනුනා.
ජීසෝ හෙමින් හෙමින් ඒ කෙනා දිහාවට ලන් උනේ කෑම එකක් ලඟට යන පූස් පැටියෙක් වගේ ජීසෝ ලඟට යනවත් එක්කම ජිමින් පපුවත් හයියෙන් අතින් ගුලි කරගෙන බිමට නැවුනෙ හයියෙන් හුස්ම උඩට අදින ගමන්.හෙමින් හෙමින් ජිමින් ලඟට ලන්වෙන්න ගිය ජීසෝ පුදුම ඉක්මනින් ජිමින් ලඟට ලන් උනා.ඒ වෙනකොටත් ජිමින් තමන්ගෙ ඇස් දෙකත් පියාගෙන බිම වැටිල ඉවරයි.
කාත් කවුරුත් නොදන්න කෙනක් උනාට ජීසෝ තමන්ගෙ රැකියාව නිසාම ඕනම කෙනෙක්ගෙ හිතේ ඇති දුක කරදර වලට මැදිහත් උනේ කිසිම පැකිලීමකින් තොරවයි.ජිමින් ලග දණගහගත්ත ජීසෝ ජිමින්ගෙ ඔලුව තමන්ගෙ උකුල උඩින් තියාගෙන ජිමින්ට කතා කරන්න ගත්තා.
" චොගියෝ...මාව ඇහෙනවද? ඇස් අරින්න.
මාව පේනවද?"
YOU ARE READING
My precious number 13 [ completed]
Lãng mạnහැමෝම හීන දකින්නෙ සුන්දර අතීත මතක තුලින් අනාගතය බොහොම ලස්සනට ගොඩ නගාගන්න.හැමෝටම ඒක කරන්න බෑ. කෙනෙට තවත් කෙනෙක් වෙනුවෙන් නොසෑහෙන්න බලන් ඉන්න පුලුවන්ද ඒක ආදරයක්ද නැත්නම් ඉවසීමක්ද? ඔව් මේ අවසානයක් සොයා පියමනින ඔවුන්ගේ ආදර කතාවයි.එය ආදරයක්ම වේවිද?