නවතපු තැනින්💜️(chapter 3)

91 19 11
                                    

" ටේහ්‍යුනා මට අලුතින් පටන් ගන්න ඕන."

තමන් ලඟට ආපු  ටේහ්‍යුන් ගෙ ඇස් දිහා බලන ගමන් ජිමින් කිව්වා.
ටේහ්‍යුන් ට ඕන එයාගෙ යාලුවට කොහොමහරි උදව් කරන්න .ජිමින් මේ කියන්න යන දේ ගැනත් ටේහ්‍යුන් හොදින්ම දන්නවා.ඒකනිසාම.

" ජිමිනා අපි ඒක කරමු.ඔක්කොටම කලින් පොඩ්ඩක් හිනා වෙලා ඉන්න නැත්නම් ඔයාගෙ ඔය ලස්සන මූන කැත වෙයි."

ජිමින්ගෙ මූඩ් ෆික්ස් කරන්න කියල ටේහ්‍යුන් කිව්වෙ කටත් උල් කරගෙන මෙයාගෙ මේ වැඩ වලට ජිමින්ට හිනාත් ගියා.ටික වෙලාවක් එකඑක දේවල් ගැන මේ දෙන්නා කතා කරා.

" ටේහ්‍යුනා මට එයාව හොයාගන්න ඕන.මගේ පලවෙනි වගේම එකම ආදරය
මම එදා එයාට පොරොන්දු උනා එයා වෙනුවෙන් බලන් ඉන්නවා කියල මට ඒ පොරොන්දු ව ඉශ්ටකරන්න ඕන"

" හරි.එහෙමනම් අපි හොයාගමු.ඒත් ඔයාට
හොදටම විශ්වාසද එයා ඔයා එනකම් බලන් ඇති කියල.කාලයත් එක්ක මිනිස්සු ගොඩක් වෙනස් වෙනවා ජිමිනා.එයත් ඒ විදිහට වෙනස් වෙලා තිබ්බොත් ඒක උබට දරාගන්න පුලුවන්ද"

" මට එහෙම  නෑ කියන්නත් බෑ.ඒත් මම හිතන්නෙ නෑ එහෙම වෙයි කියල මට පොඩිම හරි වාසනාවක් තියනව කියලා මට හිතෙනවා උත්සහ කරල බලමු"

ඇස්වල බලාපොරොත්තු දල්වගෙන ජිමින් කිව්වා.ජිමින්ගෙ පිටට තට්ටුවක් දාපු ටේහ්‍යුන්  කාමරයෙන් යන්න ගියේ ජිමින්ට තවත් හිතන්න ඉඩ ඉතුරු කරලා.

මේ අතර,

ලස්සන ලිලී මල් පොකුරකුත් අතේ තියාගෙන  හරිම සන්සුන් විදිහට සොහොන්
කොතක් ඉස්සහරහ ඉදගෙන ඉන්න ජීසෝගෙ මූනෙ තිබ්බෙ කලකිරීමක් මිශ්‍ර උන අහිමිවීමක්.තමන්ගෙ ඉස්සහර ගොඩක් ආදරය කරන කෙනක් ජීවමානව ඉන්න විදිහට ජීසෝ ඒ සොහොන් කොත දිහා බලන් කතා කරන්න ගත්තා.

" ඔන්නි මියන්හේ ..මට එන්න බැරි උනාට.
ඔයා හොදින් ඉන්නවද මට ඔයාව ගොඩක් මතක් වෙනවා ඔන්නි.ඔන්නි මට හිතෙන්නෙ ඔන්නි තාම ජීවත් වෙනවා කියල ඔන්නි .ඔන්නිට මම ගොඩක් ණයගැතියි ඇත්තටම ඔන්නි නිසා මම ජීවත් වෙන්නෙ ඔන්නිගෙ ජීවිතය මම අරන් යන්නෙ මට ජීවත් වෙන්න ඕන කමට  නෙවෙයි ඔයා මම වෙනුවෙන් දෙයක් ඉතුරු කරල ගියපු නිසා.ඒ දේට මම වටිනාකමක් ඉතුරු කරන්න ඕන."

My precious number 13 [ completed]Where stories live. Discover now