හැමෝටම තියනව තමන්ගෙ කියල ලස්සන හීන පුංචි ජිමින්ගෙ හීනෙ උනෙත් කවදාකහරි ගොඩක් ජනප්‍රිය නර්තන ශිල්පියෙක් වෙන එක ඉතින් ඒ හීනෙට එයා
ඒයාට තේරුමක් ඇති කාලෙ ඉදලම පන පෙව්වා. කොච්චර කරදර ආවත් තමන්ගෙ හිත ශක්තිමත් කරගෙන ඒවට මුහුන දුන්නා.ඒත් අද වෙනකොට තමන්ගෙ හීනෙ අනාගතය වෙනුවෙන් එයාට ලොකුම ලොකු
තේරීමක් කරන්න වෙලා.ඒ වෙලාගෙ ගන්න තීරණය එයාගෙ ජීවිතයෙ ඉදිරියට ගොඩක් බලපාන බව දැනගෙන හිටියා ඒත් එයාට තීරණයක් ගන්න තරම් ශක්තියක් තිබුනෙ නෑ.මොකද ඒ තීරණය එයාගෙ හැඟීම් එක්ක ගන්න තිබුන තීරණයක් නිසා .ජිමින් අන්තිමට තීරණයක් ගත්තා ඇත්ත ජීවෝට කියන්න තත්වය පැහැදිලි කරන්න.එහෙම හිතාගෙන ජිමින් ජීවෝට මැසේජ් එකක් දාල ගියේ ජීවෝගෙ ගෙවල් ඉස්සරහට .
Jimin's pov:
මම දන්නවා මේක අමාරුයි කියල ඒත් එය තේරුම් ගනීවි.වෙලාවකට මට හිතෙනව මම මේ කරන දෙය නිසා එයා මාව වැරදි විදිහට තේරුම් ගනීවිද කියල.
මම එහෙම හිතහිත ඉන්නකොට මගේ ජීවෝ ලස්සන ගවුමක් ඇදගෙන කොන්ඩෙත් කඩල දාල මගේ ඉස්සරහට ආව.කියන්න තියන දේ ඒ වෙලාවෙ මගේ හදවත ඇතුලෙ හිර උනා වගේ මට දැනුනේ.
හිනා වීගෙනම මගේ අතේ එල්ලිලා හරිම ආදරයෙන් එයයි මමයි පාරදිගට ඇවිදගෙම ගියා.එක පාරටම නැවතුන එයා මගේ අත අරගෙන ලස්සන බ්‍රේස්ලට් එකක් දැම්මා.
එයා කිව්ව විදිහට ඒක මටම හදල වගේලු.මේ කෙල්ල කියන ඒවට වෙලාවට මට පුදුමත් හිතෙනවා.ඔව් ඒකෙ ලස්සනට අංක දහතුන කියල ගහල තිබබා.නිකම්ම නිකම් අංකයක් වෙලා තිබ්බ අංක දහතුන මට එයා ගොඩක් විශේෂ අංකයක් කරා.
මොකද ඒ අපි දෙන්නගෙ ලස්සනම මතක වලින් පිරිල තිබ්බ ලස්සන අතීතය තරමක් දුරට කොමාවක් දාන්න උන මොහොතෙ තිබ්බ ලස්සන මතකය නිසා.එහෙම හිතහිත ජිමින් එයාට උරුම එයා තෝරගත්ත පාරෙ යන්න ගියා .
After 14 years
2027අද මේ ලෝකෙ හැමෝටම තමන්ට ආදරය කරන්න කියල දීපු ආදරය කියල කියන්නෙ මොක්ක්ද කියල තේරුම් කරපු ලෝකය ලස්සන කරන්න දායක උන තමන් ගැනවත් නොහිතා වයස් බේදයකින් තොරව ආදරය ගොන්නක් ලෝකයට දුන්න ඒ ලස්සන කුමාරවරු හත් දෙනා එයාලගෙ ඒ ලස්සන අතීතයට කොමාවක් දාල අලුත් අනාගතයක් ආරම්භ කරන්නයි යන්නෙ .ඒ ලෝකයෙ ඉන්නෙ ගොඩක් අයගෙ ආදරයත්
පොදිබැදගෙනමයි.
YOU ARE READING
My precious number 13 [ completed]
Romantizmහැමෝම හීන දකින්නෙ සුන්දර අතීත මතක තුලින් අනාගතය බොහොම ලස්සනට ගොඩ නගාගන්න.හැමෝටම ඒක කරන්න බෑ. කෙනෙට තවත් කෙනෙක් වෙනුවෙන් නොසෑහෙන්න බලන් ඉන්න පුලුවන්ද ඒක ආදරයක්ද නැත්නම් ඉවසීමක්ද? ඔව් මේ අවසානයක් සොයා පියමනින ඔවුන්ගේ ආදර කතාවයි.එය ආදරයක්ම වේවිද?