අමුත්තෙක්💜️(chapter 10)

63 17 13
                                    

පුටුවෙන් ඉදගත්ත ජිමින් ඉස්සරහින්ම ඇවිත් ජීසෝ ඉදගත්තා .හොද හුස්මක් ගත්ත ජීසෝ කතා කරන්න ගත්තා.

" අන්න්‍යොහාසෙයෝ  මම ජීසෝ .මම හිතනවා ඔයා මට ඔයාගෙ හිතට වද දෙන ප්‍රශ්නය කිසිම දෙයක් මඟ අරින්නෙ නැතුව කියන්න මට එතකොට පුලුවන් වෙයි ඔයාට ටිකක් හරි සහනයක් වෙන්න."

ජිමින් හිටියෙ අහක බලාගෙන අහක බලාගෙන ම ජිමින් ජීසෝට උත්තර දුන්නා.ඒ කටහඬ තුල දුක කලකිරීම ගැබ් වෙලා තිබ්බ බව ජීසෝ එදා වගේම අදත් දන්නවා.

" ඔයා කොහොමද මේවට උත්තර දෙන්නෙ ජීසෝශි..හහ්..ඇයි ඔයාට මැරුන අය ගෙන්නන් තරම් බලයක් තියනවද? මැරුන කෙනෙක්ව ගෙනල්ල දෙන්න පුලුවන්ද? එහෙම එකක් තියනවනම් මට කියන්න .එතකොට විතරයි මට ඔයාට උදව් කරන්න පුලුවන්."

කියවගෙන ගියාට ජිමින්ගෙ කටහඬ තුල අන්තිම වචන ටික කියනකොට ගැබ්වෙලා තිබ්බෙ සමච්චල් සහගත බවක්.
ගොඩක් උවමනාවෙන් අහන් හිටපු ජීසෝ

" අහම්. එහෙනම් ඇයි ඔයා ඒක ප්‍රශ්නයක් කරගෙන දුක් වෙන්නෙ.මැරුන කෙනෙක් ආයෙම එන්නෙ නෑ කියල ඔයා දන්නවනම් ඔයා උත්තරයක් දැනගෙනත් ඇයි නොලැබෙන දේවල් පස්සෙ යන්නෙ."

ජීසෝගෙ කතාවට ජිමින් නිරුත්තර උනා කිව්වොත් හරි.

" අහ්..මම ප්‍රශ්නයක් ඔයාගෙන් අහන්නද?"

" නේ අහන්න ජිමින්ශි"

" ඔයා කාටවත් ආදරය කරල නැද්ද නැත්නම් කාටහරි ආදරය කරනවද? "

ජීසෝගෙ ඔලුව උඩ හෙනයක් පිපිරුවා වගේ උනා ජිමින් අහපු ඒ ප්‍රශ්නයට නම්.හදවත ගැස්සුනා වගේම ජීසෝගෙ ඇඟත් ඇස් දෙකත් ඒ වෙනුවට පිටතින් ප්‍රතිචාරයක් දැක්වූයේ ජිමින්ට උත්තරයක් ඉතුරුකරලා.එහෙම උනත් බොහොම ලස්සනට හිනාඋන ජීසෝ කතා කරන්න ගත්තා.

" මම ආදරය කරල තියනවා.මීට අවුරුදු ගානකට කලින් පලමු වගේම අවසාන ආදරය හහ්..ඒක බොරුවක් හරිම ලස්සන බොරුවක් වෙලා මගෙන් ඈතට පියාබලා ගියේ මම බලාගෙන ඉද්දිමයි "

ජීසෝ හිතගොඩක් ශක්තිමත් කරගෙන ජිමින්ගෙ ඇස් දිහා බලාගෙනම කිව්වා.ජිමින් දැක්කා ජීසෝගෙ ඇස් වල කදුලු බිංදු රැදිල තියනවා.ජීසෝගෙ බැල්ම ජිමින්ට ජීසෝගෙ ගොඩක් හුරුපුරුදු බවක් දැන්වූවා.ඒක මොක්ක්ද කියල දන්නෙ නැති ජිමින් තමන් ඇහුවෙ වැරදි ප්‍රශ්නයක් බවට තේරුම් ගත්තා.ඒක නිසා.

My precious number 13 [ completed]Where stories live. Discover now