සෝල් අහසෙ සුන්දරත්වය විඳිමින් තමන්ගෙ එක අතක මොකක් හරි පොඩි දෙයක් ගුලි කරගෙන හන්ගඟ ගාව බන්කුවක් උඩට වෙලා ජීසෝ ගොඩක් ලොකු කල්පනාවක.කල්පනාවක් කෙසේවෙත්ත් ලොකුම ලොකු ප්රශ්නයක.
Falshback
තමන්ගෙ කෝට් එක ඇද උඩට වීසි කරපු ජිසෝට දකින්නට ලැබුනේ දිලෙසෙන සිල්වර් පාට බ්රේස්ලට් එකක්.දෙපාරක් හිතන්නෙ නැතුව ජිසෝ ඒක අතට ගත්තේ
බලන්න හිතගෙන.ඒක අතට අරගත්ත ජීසෝට එයාගෙ ඇස් දෙක අදහගන්න බැරුව ගියා.ගොඩක් පුදුමයෙන් ඒක එහෙ මෙහෙ හරව හරව ජීසෝ බැලුවේ තමන්ගෙහිත ප්රශ්න දාහකින් විතර වෙලා ගන්නකොටයි.
Jisoo's pov:
එහෙම කොහොමද වෙන්නෙ..මේක මේක කොහොමද මගේ ලඟ තියෙන්නේ.මේ ඒකමද ඒත් ....අනී නෑ.එහෙම වෙන්න කොහොමත් ම විදිහක් නෑ මේ වගේ ඒව ලෝකෙටම එකක් නෙවෙයි නේ තියෙන්නේ.
අනික මම මොකටද මගේ පරණ දේවල් ගැන හිතන්නේ හහ්..පිටතට පේන්න තියන හැමදෙයකම හැන්ගිලා තියෙන්නෙ බොරුව විතරයි.තවත් පාරක් මට මගේ ජීවිතය ආපස්සට ගන්න දෙන්න බෑ තවත් පාරක් මට ජීවිතය විනාස කරගන්න බෑ.මගේ කාලය හැමදෙයක්ම විනාස කරගෙන බොරුවක් ජීවත් කරවන්න මට කොහෙත්ම උවමනාවක් නෑ.ඒත් මගේ හිතේ තියන මේ ප්රශ්නෙ ලෙහාගන්න නම් මට ප්රශ්නය ආරම්භ වෙච්ච තැනටම යන්න වෙනවා .උත්තරය මම බලාපොරොත්තු උනත් නොවුනත් හොයාගෙන හිත නිදහස් කරගෙන පාඩුවෙ ඉන්න එක කෝකත් හොදයි.
ජීසෝ එහෙම හිතල හන්ගඟ ගාවට යන්න ගියේ එයාගෙ ලඟ තිබ්බ බ්රේස්ලට් එකත් අතේ ගුලි කරගෙනමයි.ජීසෝ පිලිගන්න අකමැති උනත් නැතත් හුරුපුරුදු බවක් ජිසෝට ඒ සම්බන්ධව දැනුනෙ හිතේ කොනක වලලලා දැම්මත් ඒ හැගීම් වලට යම් තරමකට ජීසෝ හොරෙන් හොරෙන් පන දෙන නිසාමයි.
Time skipped.
හන්ගඟ ගාවට වෙලා ජිසෝ එයාගෙ පරන ලස්සන මතකයන් අතරෙ හිරවෙලා හිටියෙ
ජීසෝගෙ ජීවිතයෙ ලස්සනම කාලෙ මතකයන්.එයාගෙ ඔම්මා අප්පා යාලුවෝ අහම්බෙන් හම්බුන එයාට ජීවිතය දුන්න යාලුවා එයාගෙ පලවෙනි ආදරය.
නොදැනුවත්වම එයාට එයාගෙ පලවෙනි ආදරය මතක් වෙනකොටම ජීසෝගෙ ඇස් වලට කදුලු ඉනුවෙ නිරායාසයෙන්මයි.තමන්ගෙ අත් ඇතුලෙ තව තවත් ගුලි කරගත්ත බ්රේස්ලට් එක තමන්ගෙ පපුවට තුරුල් කරගත්තෙ නිරායාසයෙන්මයි.දන්නෙ නෑ ඒ ඇයිද කියන්නවත් ඇයි ජීසෝ එහෙම කරන්නෙ කොහොමද එහෙම වෙන්නේ?
YOU ARE READING
My precious number 13 [ completed]
Romanceහැමෝම හීන දකින්නෙ සුන්දර අතීත මතක තුලින් අනාගතය බොහොම ලස්සනට ගොඩ නගාගන්න.හැමෝටම ඒක කරන්න බෑ. කෙනෙට තවත් කෙනෙක් වෙනුවෙන් නොසෑහෙන්න බලන් ඉන්න පුලුවන්ද ඒක ආදරයක්ද නැත්නම් ඉවසීමක්ද? ඔව් මේ අවසානයක් සොයා පියමනින ඔවුන්ගේ ආදර කතාවයි.එය ආදරයක්ම වේවිද?