ප්‍රතිකාරය💜️(chapter 8)

64 17 26
                                    

ජීසෝ වෙනදටත් කලින් නැගිටල.ජීසෝ හදන්නේ එයාගෙ ජීවිතය අලුතින්ම පටන් ගන්න.එයාගෙ තැනින් තැන කලු පැල්ලම් එකතු වෙලා වල ගැහිල ගියපු ජීවිතයට එයා හදන්නෙ අලුත් පනක් දෙන්න.අතීතය අමතක කරල වර්තමානයේ ඒ ගෙවන මොහොත ගොඩක් සතුටින් ඉන්න තමයි එයා අද ඉදන් පටන් ගන්නේ.අවුරුදු ගානකට කලින් උන සිදුවීම් මතක් කරමින් දුක් වෙනවා වගේම අවුරුදු ගානක් ඉස්සරහ අනාගතය ගැන හිත හිත දුක් වෙන එක එක්තරා ආකාරය මානසික තත්වයක්.ජීසෝ ඒ තත්වෙ මග ඇරලා දැන් අලුතින් පටන් ගන්නයි  යන්නෙ.
උදේම නැගිට්ට ගමන් ඇද උඩ වාඩි වෙලා මේ ගැන හිතපු ජීසෝ තමන්ගෙ ඇද එහා පැත්තෙ සැපට ගුලි වෙලා නිදාගෙන ඉන්න යෝරිගෙ ඔලුවත් අතගාලා පහල ආවෙ උදේ කෑම ලෑස්ති කරන්න හිතාගෙන.

ටික වෙලාවකින් ගොඩක් ලස්සන ඒ වගේම සුවද ගහන උදේ කෑම වේලක් ලෑස්ති කරන්න ජීසෝට පුලුවන් කම ලැබුනා.
එයාගෙ කෑම වල සුවද කොච්චරද කියනවනම් යෝරි ඇඟ මැලි කඩම ආවෙ ඇස් දෙකත් ලොකු කරන් කුස්සියෙ ඉන්න ජීසෝ ලස්සනට හිනා වෙන දිහා බල බල.

"යා......ඔන්නී ඔයා මෙච්චර කෑම.බලන්නකෝ..ගොඩ.කිම්බප් ,හෙජන්ගුක් වාහ් තව බත් කිම්චි....වාහ් ඔන්නී...ඔයා නම් දේබක්."

"මම ඔයා කියපු දේ ගැන හිතල බැලුවා යෝරියා.මම අලුතින් මගේ ජීවිතය පටන් ගන්නවා.කුමාවෝ ඔයාට මට වෙනස් වෙන්න උදව් කරනවට"

ජීසෝගෙ කතාව අහපු යෝරිට කියාගන්න බැරි තරම් සතුටක් ආවෙ නිරායාසයෙන්මයි
පැනපු ගමන් යෝරි ජීසෝව තදින් බදාගත්තා.

" ඔන්නී මට හරිම හරිම හරිම සතුටුයි.ඔයාගෙ තීරණය ගැන එහෙනම් අද ඉදන් පටන් ගන්න ලයිෆ් එක එන්ජෝයි කරන්න යෝරීස් තියරි එක යූස් කරලා"

ජීසෝට ඇහැක් ගහන ගමන් යෝරි කිව්වෙ හිනාවෙන් මූන පුරවගෙන.

" අම්මෝ ඔයාගෙ මොන මොන තියරි තියනවද දන්නෙ නෑ මට නම බයෙත් බෑ."

මේ විකාර කතාවට දෙන්නම හයියෙන් හිනා උනේ ගේ දෙවනත් වෙන්නයි.
හිනාවෙලා ඉවර වෙලා කෑම කාල ඉවර කරපු යෝරි

" ඔන්නි මම මහත් වෙලා වගේද? "

"අනී..ඔය ඉන්නෙ ලස්සනට මොන මහතක්ද කෙල්ලෙක් උනාම ටිකක් පිරිල ඉන්න ඕන  ඔයා ගාන හොදයි"

My precious number 13 [ completed]Where stories live. Discover now