01 🍂

2.2K 268 17
                                    

Xiao zhan's POV🖤🐰

මම යුනිවර්සිටි එකේ ඉදන් එළියට ආවේ කිසිම අරමුණක් ඇතුව නෙමෙයි.... අරමුණක් නැති ,බලාපොරොත්තුවක් නැති ,හුස්ම වැටෙන ජීවිතයක් ......මැරුනත් පණ තියන මළ කඳක් .......මට දැන් ඒ මළ කඳ ජීවත් කරවලා පුරුදුයි..🥀

එක පාරටම පොද වැස්සක් කඩන් වැටුනත් එන්න එන්නම වැස්ස සැර වුනා.... මං අතේ කුඩයක්වත් නෑ .... මට ගානක් නෑ මගේ ජීවිතේ හැම දේම ඔහොම, මට ඕනි වෙලාවට මං ළඟ මට ඕනි දේ නෑ, මට ඕනි අය මං එයාලා මං ළඟ ඉදී කියලා බලාපොරොත්තු වෙන වෙලාවට මං ළඟ නෑ . අන්තිමට මං තේරුම්ගත්තා මට ඉන්නෙ මං විතරයි කියලා ..... ඒත් ඒ දේවල් තව ටිකක් කලින් තේරුම් ගියා නම්..... අද මේ මැරුණු මළ කඳක් වගේ ඇවිදින මගේ ජීවිතේ ලස්සනම ලස්සන එකක් වෙන්න තිබුණා....💔

මං ඔහේ වැස්සෙම ඇවිදන් ගියා හෝල්ට් එකට, පාර මාරු වෙද්දි දෙපැත්ත නොබලා පාර පනින එක දැන් මගේ පුරද්දක් .... මට ඕනි ඉක්මනටම මැරෙන්න .... ඒත් මගේ කරුමෙ දැන් අවුරුදු 3ක් වෙලත් මට ඇක්සිඩන්ට් එකක් වුනේ නෑ විශ්වාස කරන්න අමාරුද .පිල්ගන්න ඒ තරම් මගේ දෛවය මට නපුරුයි 🙂 ඇයි suicide කරගන්නෙ නැත්තෙ කියලද අහන්නෙ....... මං හිතන්නෙ මාව මරාගන්න තරම් හයියක් මට නෑ ඔහේ අඬ අඬ කාලකන්නි වෙන ජීවිතයක් මේක අනික මං මැරුනත් කවුද ඉන්නෙ මං වෙනුවෙන් අඬන්නවත් මං මැරිලා යන එකමයි හොඳ....

අද වගේ දවසකත් මරණය ගැනම හිත හිත ඉන්න තරම් මං කොච්චර පව් කරලද එත් සත්තයි හිතට එකඟව මං දන්න පවක් මං කරලා නෑ ..... 🥀 අද මගේ 25 වෙනි birthday එක.... ඒත් ඒක සමරන්නෙ මං කා එක්කද 😞

ඉස්කොලෙ කාලෙ හොරෙන් සිංදු කියලා එකතු කරපු සල්ලි වලින් මං මං වෙනුවෙන්ම කේක් එකක් අරන් ඒකෙ ඉටිපන්දම් ගහලා මටම සුභ පතාගත්තා මට මතකයි.ඒ කාලෙ මං හැම උපන්දිනේකදිම ප්‍රාර්ථනා කරේ මට මගේ ඊළඟ හැම උපන්දිනයක්ම එකට සමරන්න පුලුවන් මට ගොඩක් ආදරේ කරන කෙනෙක්ව මට ලැබෙන්න කියලයි..... මල විකාර මං මගේ ඒ මෝඩ සිතුවිල්ලටත් වෛර කරනවා.මං මොන තරම් මෝඩයෙක්ද ඒ තරම් බොළඳ ප්‍රාර්ථනාවක් කරන්න තරම්.....

දැන් මං එහෙම ගොන් වැඩ කරන්න යන්නෙ නෑ මොකද දැන් මං මටම වෛර කරනවා ........මං ඒ තරම් මෝඩ උන එකට.........මං මේ ලෝකෙ ඉපදුන එකට ........මං මටම සාපයක්...... මං මහ අවාසනාවන්තයෙක් .......මං මහ කාලකන්නියි...... මැරෙන්නවත් නෑ නිදහසක්....... ඇයි මං ඉපදුන වෙලාවෙම මැරුනෙ නැත්තෙ.... මං මගේ හැම උපන්දිනේකදිම දැන් අහන්නෙ ඒක. මං මගේ මූණෙ ඇදෙන හැම හිනාවකටම වෛර කරනවා... මං මගේ හිනාව මරලා දැම්මා...... මගේ ගිරවෙක් වගේ කියවන කටට මං වෛර කරා..... මං ඒ ගිරවව මරලා දැම්මා ....මට ගොඩක් සතුටුයි ඒකට .....මං දැන් මැරිලා හැමදාම රෑට සීතල පොළොවෙ අඬ අඬම නිදියනවා... මොනාහරි මඟුලක් බීලා මගේ සිහිය නැති වෙන වෙලාව තමයි මං ජීවිතේ සතුටින්ම ඉනින වෙලාව......

🖤🥀  I 🥀hate 🥀my 🥀destiny🥀🖤 (Yizhan ☑️)Where stories live. Discover now