15🍂

658 139 3
                                    

Yibo's POV

බනිගෙ ඇස් පුරා කඳුලු පිරිලා....

මැණික ඇයි මේ .....

උත්තරයක් දෙනවා වෙනුවට ඒ ඇස් වල තවත් කඳුලු පිරෙනවා...මං මේ ලෝකෙ දකිද්දි වෛර කරන දේවල් වල උඩින්ම තියෙන්නෙ එයාගෙ කඳුලු .....ඒවා එන්නෙ ඒ ඇස් වලින් උනාට පිච්චෙන්නෙ මගෙ පපුව....

මට මාව පාලනය කරගන්නම බැරි තැනක් ඒ.

ශාන්ගා කියනවා ඇයි අඬන්නෙ ආ....
මොකක්ද වුනේ ....ඔය ඇස්වල කඳුලු තියෙද්දි රිදෙන්නෙ කාටද කියලා ඔයා දන්නවද ආ.....නවත්තනවා දැන්ම ඔය ඇඬිල්ල...

එයා තවත් අඬනවා.....මං කෑගැහුවා .... එයාට බය හිතෙන්න ඇති...හරි නම් මං කරන්න ඕනි එයාව ටිකකට බදා ගන්න එක...අඬනකොට මිනිස්සුන්ට ඕනි ඔලුව තියාගන්න උරහිසක්ලු...ඒත් මං වැරදිද මං දන් නෑ.... මට බෑ මං පණ වගේ රකින්න හදන ඒ ඇස් වල කඳුලු දකින්න ... මට ඕනි ඒ ඇස්වල හිනාව හිනාවම විතරයි..... එයාව අඬවන උන්ව මං මරනවා...එයාව අඬවන කෙනා මම නම් මං මටම වද දී ගන්නවා...ඒ මගේ හැටි...

මට සමාවෙන්න බෝදි...අන්තිමට එයා කතා කරා..ඇඬුවටද මේ සමාව ඉල්ලන්නෙ...මට දුකයි...

මං කේන්තිය පැත්තකට දැම්මා....

මැණික...... මේ අඬන්න එපා...ම්ම් මට කේන්ති ගියා ඒකයි එහෙම කෑ ගැහුවෙ...දැන් ඉතින් අඬන එක නවත්තන්න කෝ ඉතින් නවත්තන්නකො..

අන්තිමට එයාගෙ ඇඬුම ඉකියක් වුනා..මං නිසාම.... මම එයාව මගේ පපුවට තුරුල් කරගෙන ඇති වෙනකම් අඬන්න දුන්නා මගේ පපුව පිච්චෙද්දි...

🐰මං.... ඇඬුවෙ ඔයා කෑ ගැහුවට නෙමෙයි බෝදි...සමාව ඉල්ලුවෙත් ඇඬුවට නෙමෙයි...මට සමාවෙන්න ඔයාට රිදෙව්වට...ඔයාගෙ ආදරේට වෛර කරාට ....ඔයා මාව රකිද්දි ඔයා මගේ පස්සෙන් එද්දි මං වැඩිපුරම මේ ලෝකෙ දකින්න අකමැති මූසලම මූණ ඔයාගෙ කිවුවට....මං දන් නෑ හැම දේටම..

ඉකි ගගහම එයා කියවනවා..

දැන් මේ උදේ පාන්දරම ඒකටද අඬලා තියෙන්නෙ..මට රිදුණ එකටද...

🖤🥀  I 🥀hate 🥀my 🥀destiny🥀🖤 (Yizhan ☑️)Où les histoires vivent. Découvrez maintenant