Yibo's POV
අදට මං ශාන්ගා follow කරන්න අරන් හරියටම මාස 10යි දවස් 27යි ...
දැන් දැන් ඒ මූණෙ තිබ්බ හුරතල් පාට වෙනුවට මොකක්දෝ කලකිරීමක් පේනවා.ඒ කලු බෝල ඇස් දෙක මැලවිලා වගේ පේනවා...
එයා ඇවිදින්නෙ හරියට එයාගෙ කකුල් දෙකට එයාව උස්සන් ඉන්න බෑ වගේ.....
අනේ මන්දා මට පේන හැටිද ඒ
එයා සතුටින් නෙමෙයිද ජීවත් වෙන්නෙ
ඔයා ලෙඩකින්වත්ද මැණික....
මට අහන්න ප්රශ්න කෝටියයි ....
මම මෙහෙම ඔයාට හොරෙන් ඔයත් එක්ක එකම පාරෙ ඇවිද්දා ඇති මැණික ඔයා මට ආදරේ නොකරට කමක් නෑ ඔයා මාව එලවගත්තත් කමක් නෑ මං අද කොහොම හරි ඔයාට කතා කරලා මගේ ආදරේ ඔයාට කියනවා...
මං ඔයා පස්සෙන් හැම තැනටම ආව හැටි
ඔයා දිහාම බලන් හිටි හැටි
මහ රෑට ඔයාගෙ ෆොටෝවක් තුරුල් කරන් අඬපු හැටි
ඔයා වෙන කෙනෙක්ගෙ කියලා දැන ගත්තම යකෙක් උන හැටි.....
ඒ සේරටම වඩා මගේ ශාන්ගව නැතුව මට ජීවත් වෙන්න බැරි හැටි....
මං මේ සේරම කියනවා...
මෙිවා මගේ පපුවට බර වැඩි ....
බැල්කනි එකට වෙලා වයින් එකකුත් අතේ තියන් මං හිටියෙ බර කල්පනාවක....
Room එක ඇතුලින් මගේ ෆෝන් එක ring වෙනවා ඇහුන මං ඒක answer කරා ...
වෙන මොකාද මගේ පාප මිත්රයා විනා ඒ ...
🦁:මොකද යකෝ.මේ උදේ පාන්දර වද දෙන්නෙ.
☀️: තොට ඉතින් සුභ පණිවිඩ උදෙන්ම ගේන අපි තමයි වදේ...
මං කිවුවෙ ළමයි ෆෝන් එක විනාගෙ උනාට කෑ ගගහා මට කතා කරන්නෙ බ්රයිටා .. මට සාධාරන සැකයක් එනවා මුං දෙන්නා living together ද කියලා අම්මපා.. මුං මට හංග හංග මෙව්වා කරයිද ඒත්.....
🍷:උඔ දන්නවද ඔන්න උඹේ වාර ඇවිත් යකෝ
☀️: ඔව් ඔව් පුතේ දැන් උබේ අතේ තමයි වැඩේ තියෙන්නෙ
☀️.ගුඩ් ලක් උණහපුලුවො...
🦁:මොකක් ගැනද බං කියන්නෙ .තොපි උදේම බීලද ... තේරෙන විදිහට දෙයක් කියන්න තොපි දෙන්නා ඉගෙනගන්නෙ කවද්ද කියපල්ලා මං තියනවා මඟුල..
ВЫ ЧИТАЕТЕ
🖤🥀 I 🥀hate 🥀my 🥀destiny🥀🖤 (Yizhan ☑️)
Фанфикшнදෛවය නම් වූ කරුමයට වෛර කරන මැරුනු පපුවක අයිතිකාරයෙක් , මැරුණු පපුවකට නැවත ගැහෙන්නට පණ දෙන දේව දූතයෙක් , මේ ඔබේ නොවූ ඔවුන්ගේ කතාව ඔබේ කරවන්නට දරන වෑයමයි ❤️💚🐰🦁 Start - 22/04/05 End - 22/06/28 💜️✨️
