02 🍂

2.1K 242 26
                                        

Zhan,'s POV

මං එහෙමම නැගිටලා ටැක්සියකට අත දාලා ඒකට නැග්ගෙ තවත් මට ඇවිදින්න තියා හිටගන්නවත් පණ නැති වෙද්දි... driver යන්න ඕනි කොහෙටද ඇහුවම මං address එක කිවුවා 🥀 ඔව් ඒ යක්ෂ බංගලාවෙ අඳුරු ගුහාවට ආයම පාරක් අවුරුදු 2කට පස්සෙ මට යන්න වෙලා.අපාය කියන එක මං දැකලා නැතත් අපාය ඒ යක්ෂ ගුහාවෙන් වෙන් කරන්නෙ කොහොමද කියන්න මං දන්නෙ නෑ.මගේ හිතට කිසිම හැඟීමක් දැනුනෙ නෑ ඒ දේවල් මතක් වෙද්දි වේදනා විදලා විදලා අන්තිමටම මම මගේ පපුවෙන් මැරිලම ගිහිල්ලා..... ඒත් මගේ බෝදිත් එහේ නේද කියලා මතක් වෙන කොට මගේ ඇඟ ආයම වෙව්ලන්න පටන් ගත්තා...🥀 උන්ට බය නෑ වගේ මං පෙන්නුවත් මගේ බෝදිව උන්ගෙන් බේරගන්න තරම් හයියක් මට නෑ කියලා මං දන්නවා.කොහොමද මං ඔයාව බේරගන්නෙ බෝදි... මං ඔයාට කිවුවා මගේ අපායක් වගේ ජීවිතෙන් ඈත් වෙන්න කියලා උන් ඔයාවත් ඉත්තෙක් කරන් ඒකට කමක් නෑ බෝ බෝ ඒත් මට බයයි උන් මට කරපුවා ඔයාටත් කරයිද කියලා...... ඇයි දෙයියනේ මෙහෙම වෙන්වෙ මට ........💔💔💔💔💔💔

මං එහෙමම හිත හිත shuttle එකට ඔලුුව තියා ගත්තා ..... මට මතක් වුනේ ගිය පාර මගේ birthday එක දවස..... එදා බෝදි party එකක් ලෑස්ති කරලා තිබුනා මටත් හොරෙන් ... මට යාලුවො නැති නිසා එතන හිටියෙ එයාගෙ යාලුවො ටික දෙනෙක්... එයා හිනා වීගෙනම මං ගාවට ඉටිපන්දම් පත්තු කරපු cake එකක් අරන් ආවා ...එ ඇස් සතුටින් පිරිලා හරියට මං ඉපදුණ එකට එයා මට ස්තූති කරනවා වගේ....නෑ මං ඉපදුණ එක තමයි එයාගෙ මුලු ජීවිතේටම සතුටක් ගේන්න හේතු වුනේ වගේ.... මට දැනුන සතුට 🥺🥺 මේ මං හැමදාටම මගේ ජීවිතේ හීනයක්ම විතරයි කියලා හිතපු දෙයක්.මුල්ම වතාවට කෙනෙක් මෙහෙම මගේ birthday එක මං එක්ක සමරන්නෙ 🥺 මට එක පාරට ගිහින් බෝදිව බදාගෙන ඉඹගෙන ඉඹගෙන යන්න හිතුනා......🥞❤️

ඒත්

මං කරේ මොකක් කියලද ඔයාලා හිතන්නෙ......

මං එක පාරම ගිහිල්ලා ඒ cake එක බෝදිගෙ අතෙන් අරන් පොලොවෙ ගැහුවා ....ඒ ඇස් වල තිබුනෙ දුකක්ද කේන්තියක්ද පුදුමයක්ද මං දන් නෑ.ඒත් මගේ ඇස් කේන්තියෙන් පුපුරනවා පේන්න ඇති එයාට....ඔව් මට මාව පාලනය කරගන්න බැරි තරමට කේන්ති ගියා මැරෙන්න දඟලන මට ආයම බලාපොරොත්තු දෙන්න යන එකට මං එයාට වෛර කරා මං වගේ මූසලයෙක්ට ආදරේ පෙන්නලා එයා මොනාද බලාපොරොත්තු වෙන්නෙ....එයත් මාව සෙල්ලම් බඩුවක් කියලද හිතන්නෙ....මං මගේ ජීවිතේ හැමෝගෙම එක්ක තිබුණ තරහා එයා පිටින් පිට කරා...මගේ හිත මට කියපුවා මං සත පහකට ගනන් ගත්තෙ නැතුව හිතට ලොක් එකක් දාලා වැහුවා....බෝදිට ඇතුලු වෙන්න බැරි විදිහටම...

🖤🥀  I 🥀hate 🥀my 🥀destiny🥀🖤 (Yizhan ☑️)Where stories live. Discover now