දෛවය කියන්නෙ වෛර කරන්න ඕනි දෙයක්ද ?
ඒත් කෙනෙක් එයාගෙ දෛවයට වෛර කරනවා නම් ඒ එයා පරාජිතයෙක් නිසාමද?
සමහර විට ඒ එයා මේ ලෝකෙ ඉන්න ශක්තිමත්ම කෙනෙක් වෙන්න බැරිද....
පුලුවන් උපරිමේටම දේවල් දරා ගත්ත....
හැම හමුවීමකම වෙන් වීමක් තියනවා ..
ඒ හැම වෙන්වීමකම වේදනාවක් තියනවා...
ඒත් ඒ වේදනාව වැඩිපුරම දැනෙන්න නම් වෙන් වෙන්න ඕනි කොයි විදිහටද ........
ගැහෙන පපුවල වේදනා මනින්න SI ඒකක නෑ ..
වේදනාව හැඟීමක් ඒක දන්නෙ වේදනා විදපු හදවතක්ම විතරයි..
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
Flash back
ඒත් ඔයා දන්නවා නම් කවදාවත් ඔය ඇස් මට හම්බුන දවසෙ ඉදන් ඔයා තනි වෙලා නෑ කියලා.මේ ඇස් ,මේ හිත ඔයා මත්තෙම නැහුනා කියලා ඔයාට සතුටු හිතෙයිද මැණික...
ඔයා මට ආදරේ කරන්න ගනීද...
....................................................................................
Continue.....
Zhan's POV
අමාරුවෙන් ඇස් ඇරලා මම වටපිට බැලුවා සිද්ධ වෙච්ච හැම දේම මතක් වෙද්දි මෙච්චර කාලයක් හැම වේදනාවකටම අඬපු මගේ මූණට හිනාවක් ආවා.........ජීවිතේ පලවෙනි වතාවට මම මටම වෛර කරන්න පටන් ගත්තා....මං මූසලයි කියලා පිලිගන්න පටන් ගත්තා....
එහෙමම දුවලා ගිහින් මැරෙන්න හිතුනා....
ඒත් ..........................
මට එතකොටයි දැනුනෙ මගේ අත දරදඬු උණුසුම් දේකට හිර වෙලා කියලා.....
මං එහෙමම ඒ දිහා බැලුවා..
ඒ තමයි මං එයාව දැක්ක මුල්ම වතාව..
මොහොතකට මට මාවම අමතක වුනා..දේව දූතයෙක්...
මගේ හිත මට මිමිණුවෙ එහෙම....
ඒ පියවිලා තිබුණ ඇස්..ඒ කම්මුල් ... ඒ නළල ...අන්තිමට මගේ ඇස් ඒ තොල් ළඟ නතර වෙද්දි මං එහෙමම මගේ අනික් අත ගෙනිච්චෙ ඒ හිස කෙස් අතරට මටත් නොදැනීම.
ESTÁS LEYENDO
🖤🥀 I 🥀hate 🥀my 🥀destiny🥀🖤 (Yizhan ☑️)
Fanfictionදෛවය නම් වූ කරුමයට වෛර කරන මැරුනු පපුවක අයිතිකාරයෙක් , මැරුණු පපුවකට නැවත ගැහෙන්නට පණ දෙන දේව දූතයෙක් , මේ ඔබේ නොවූ ඔවුන්ගේ කතාව ඔබේ කරවන්නට දරන වෑයමයි ❤️💚🐰🦁 Start - 22/04/05 End - 22/06/28 💜️✨️
