Life in Rose 🌹

422 29 5
                                    

ඉතින් ම්ම්ම් කොහොමද ඔයාලට 😊 මං හිතනවා හොදින් ඉන්නව ඇති කියලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඉතින් ම්ම්ම් කොහොමද ඔයාලට 😊 මං හිතනවා හොදින් ඉන්නව ඇති කියලා .

මේ මං අද අලුත් පොතක් දැම්මා ... මේ ඒකට පොඩි විශේෂ හේතුවක් තියනවා 🌝

ඒ තමයි ...

අද මගේ birthday එක 😁 ඉහි 😉

ඉතින් ඒකට මට විශේෂ දෙයක් කරන්න ඕනේ උනා . ඉතින් මං හිතුවා මෙච්චර කල් මගේ note book එකටයි whatsapp status වලටයි විතරයි සීමාවෙලා තිබ්බ මං ලියපු නිසදැස් ටික එකතු කරලා පොතක් published කරන්න , ඔයාලා වෙනුවෙන් තෑග්ගක් විදිහට .

මුලින්ම කියන්න ඕනේ ඇත්තටම මං නිසදැස් ලියන්න ඒතරම් දක්ශ කෙනෙක් නෙමෙයි . ඉස්සරහ මගේ යාලුවෝ නිසදැස් ලියලා දානකොට් මං ඒව හරිම ආසාවෙන් කියෙව්වා . මං ගොඩාක් ආස කරා ඒවගේ ඒව ලියන්න . ඒත් මට හිතුනෙ මට එච්චර ලස්සනට ලියන්න බැරිවේවි කියලා . ඉතින් මං ලියන්න උත්සාහ නොකර ඉදියා .

දවසක් ... එදා රෑ ගොඩාක් වැස්ස . මං පාඩම් කර කර හිටියේ  . රෑ 12 ට විතර වගේ  . මට ඇත්තටම ඕනේ උනා ඇදට ගිහින් ගුලිවෙලා හොදට නිදාගන්න . ඒත් මං මටම කියාගත්තා බෑ බෑ එහෙම යන්න බෑ කියලා . කොහොමහරි අන්තිමට මං  හිතුවා කම්මැලි කම යන්නත් එක්ක පොඩ්ඩ වෙලාවකට මොනාහරි ලියමු කියලා . ඔන්න ඒ විදිහට තමයි මගේ පලවෙනි නිස්දැස මං ලියන්නේ . ඊලග දවසේ මං ඒක මගේ යාලුවො දෙන්නට පෙන්නුවා . ඒදෙන්න කිව්වා ඒක ලස්සනයි ඒවගේම හරිම සරලයි කියලා .

මගේ නිසදැස් හරිම සරලයි . ලොකු ලොකු බැරෑරුම් වචන නෑ . ඒනිසා නිස්දැස් කියවන්න අකමැති අය උනත් ආසාවෙන් වැලැදගනීවී කියලා මට නිකමට හිතෙනවා .

පලවෙනි නිස්දසෙන් පස්සේ මාස කිහිපයකට සැරයක් මං එක එක ඒව ලිව්වා . ඒව wattpad වල message board එකේ දැම්මා . සමහර ඒව මං ගාවම විතරක් තියාගත්තා .

ඉතින් ඔහොම දවසක් ඉන්නකොට  , මගේ යාලුවෝ ගොඩාක් අය යන chemestry class එකේ teacher ගැන නිසදැසක් ලියලා මං ඒක status දැම්මා . ඇත්තටම මං ලොකු ප්‍රතිචාර බලාපොරොත්තු උනේ නෑ . ඒත් දන්නවද wattpad පොතකටත් වඩා මට ප්‍රතිචාර හම්බුනා ඒ නිසදැසට . කොච්චර ද කියනවා නම් අපේ ඉස්කෝලේ යාලුවෝ විතරක් නෙමෙයි වෙන ඉස්කෝල වල ළමයි පවා මගේ යාලුවෝ share කරපු status දැකලා ඒව share කරලා තිබුනා . ගොඩාක් ලස්සනයි කියලා මැසේජ් ගලාගෙන ආවා .

ඉතින් අන්න එදා තමයි මට ලොකු confident එකක් ආවේ මගේ නිස්දැස් යම්තාක් දුරකට හොදයි කියලා .

ඉතින් එදා ඉදන් ඉඩ ලැබුනු වෙලාවක මං වචන ඇමිනුවා . ඉතින් ඒ විදිහට නිමවුනු ඒ දේවල් අද මං ඔයාලත් එක්ක බෙදාගන්නයි මේ ලෑස්තිය .

  මේක කියවනකොට ඔයාලටත් දේවල් හිතේවි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

  මේක කියවනකොට ඔයාලටත් දේවල් හිතේවි . ඉතින් ඒදේවල් කැමැති නම් හැමෝම එක්ක බෙදාගන්න comment section එක ඔනෑම වෙලාවක ඔයාට විවෘතයි . ඉතින් එහෙම අකමැති නම් inbox එන්න , නැත්නම් message board එකේ පොඩි සටහනක් තියන්න . එහෙම නැත්නම් ඔයාගේ මැසේජ් බෝඩ් එකේ ඔයාගේ අදහස් එක්ක පොඩි සටහනක් තියනවා . ඒත් නැත්නම් ඒව ඔයත් එක්කම විතරක් බෙදාගන්න ඔයාගේ diary එකේ එහෙමත් නැත්නම් note book එකේ පොඩි ඉඩක් වෙන්න කරන්න .

මේ පොත නිදහසේ කියවන්න . Vote & comment කැමැති නම් කරන්න . ඒත් ඒවෙනුවට ඔයාගේ නිදහස් මනස වෙනස් කරගන්න එපා .

මං ආසයි මොහොතකට මගේ හදවත උඩින් ඔයාලා නිදහසේ ඇවිදිනවා බලන්න ... කිසිම බාදාවක් නැතුව ...

ඉතින් යමුද මාත් එක්ක ... 🌹

Cover එක වගේම  Life in Rose කියන තේරුම තියන La vie en Rose නම ත් _Lan_kimra ගොඩාක් ස්තූති හැමතිස්සෙම මා එක්කම ඉන්නවට ...

La Vie en Rose Where stories live. Discover now