සීත උදුවපට බැදි සිහින පොදි ගණන්
දරමින් තැබු දෙපා නුඹ හද මඩල මතින්
මසිතත් ගතත් ඔබට ම පේ කෙරුනු පසුත්
උදුවප් සද වැටුනි අහසින් අසුරු සැණින්පරණ මතක පොදි අස බර නුඹේ උරහිසට
තුහිනය වූයේ මගෙ නොව ඇගෙ ගෙත්තම ද
ගැටලුව වූයේ මගෙ ගෙත්තමේ නුහුරම ද
නැතිනම් අනගි බවෙ වූ පරතරයම දකිණිසක් පපුව හාරවනවා ඒ හැගුම
ඔබටත් වඩා දන්නවා මගෙ තනි යහන
නිදිනැතින් හදින් කදුළින් බැදි සෝ හසුන
ගැන දැන සිටියේ තනි වූ පුරහද එළිය"මම නැතත් තව මල් පිපෙනව හෙටට "
නුඹ නැති හද අරණේ ඔව් මල් පිපේවිය
එනමුදු පිපෙන මල් සේරම පරව ඇත
නුඹෙ හනහකිය පමණක් තව දළුලා යසාර වූ හදට බිජු ගෙන නොආවනම්
හනහකි පැළය මෙහි පැළකර නොගියේ නම්
පොරොත්තු දී එකවර අත්නොහැරියේ නම්
නිසරු බිමේ හනහකි පැළ නොවෙවි අදත්නුඹ මට නුසුදුසුයි සිතනා ඔය හදට
ඇසුමට දියහැකි නම් මගෙ හද තනුව
නුඹටත් වැටහේවි මේමට වාගේම
එය ගැහෙනුවේ නුඹෙ නමේ ස්වර රටාවටනැවතත් සගවගෙන ඝන කඩතිරෙන් හද
මුල්ලට වීසිකර නොදමා මොහොතකට
තව එකවරක් අවසර දෙනු මේ සිතට
පැලැස්තර අලවන්න ඔබෙ හද පැළුමන්ට_yeye_
මේක නම් ලිව්වෙ මගේ යාලුවෙක්ගේ ඉල්ලීමකට
එයාගේ love story එක ඇසුරින් ...
VOUS LISEZ
La Vie en Rose
Poésieඅදහස් කැටි කර දැක්වීමට ඇබ්බැහි වූ කල ... නිසදැස් ලිවීම නවතාගත නොහැක ...