සිසිරයේ සීතලෙන්
ගතම වෙවුලුම්කද්දී
ගිම්හානයේ රත්වූ සුළං රැළි
හෙමි හෙමින් නැග ඒවි
සරත් සමයේ අවිනිශ්චිතතාව
සිතට මුසුවෙද්දී
වසන්තය හෙමි හෙමින්
ළං වේවිබෙල්ලන්ගේ කදුළින්
මුතු කැට මතු වෙද්දී
වෙරළ ඉමෙ වාලම්පුරි
රළ සමග ගැස්සේවි
නිම්නය සිසාර කගවේනු දිව යද්දී
දෙව්ලොව මිහිපිට ම
රැස් දහර පතුරාවිසද සැගව හිරු නැවත
මහපොළොව සිප ගද්දී
මහ පොළව තව ඍතුවකට
දින ගණන් කරාවි ...Weiyexiao
ඇත්තටම ඉතින් මෙහෙමයි , ලියනකොට අනියම් පෙමක් ගැන හිතුනේ නෑ ලිව්වට පස්සේ තමයි හිතුනේ ...
බ්ලා බ්ලා එකක් ලියන්න තමයි ඕනේ උනේ ... මුල් ටික කියෙව්වොත් තේරෙවි නේ ඉතින් ... ඊට පස්සේ අන්තිම ටිකේදී සද කියන්නේ අනියම් ප්‍රේමවන්තිය , හිරු කියන්නේ සැමියා එතකොට මහපොළොව කියන්නේ බිරිද
ලස්සන ද මංදා 😁🌚
VOUS LISEZ
La Vie en Rose
Poésieඅදහස් කැටි කර දැක්වීමට ඇබ්බැහි වූ කල ... නිසදැස් ලිවීම නවතාගත නොහැක ...