බැදීමක් යනු කුමක්දැයි
ලිහාගැනුමට හිතට සවි නැති
බිදුනු හදවත් ඇත්තියක්
හුස්මගන්නට ඇයට සවි දුන්
කුඩා පෙනහලු සමග උරණව
කතා නොමැතිව සිතින් සිතුවලු
පලිගන්නවාමයි කියාපලිගන්නටත් හුස්ම ඇවැසියි
කියා ඒ පොඩි හිතට අමතකව
හුස්ම ගන්නට බෑ කියද්දිත්
පෙනහැල්ල කැපුමට සිතුවලුසැතැක් අතැතිව පිය මනින විට
අහස කලුකර කදුලු සැලුවලු
අනිච්චානුගව අතේ රැදි තිබු
සැතත් අතැරී බිමට වැටුනලු
මොලය සංවේදනයටත් පෙර
දෑත දිවගොස් වැළදගත්තලූ
බිදෙන්නට ගිය බැදීමක් යළි
එකට එක්වූවායැයි දුටු
අහස හරි සතුටින් පිනාගොස් ...කහපැහැති මල් ඉති කැබැලි ගෙන
පෙනහැල්ල හොද තදට බැන්දලු 💛Yeye
මේක මගේ හොදම යාලුවා _Lan_kimra වෙනුවෙන් ...
What is the meaning of best friend පොත කියවපු අය දන්නවා අපි දෙන්න්ගේ බැදීම ගැන ... ඒකේ එක තැනක මං කියනවා අපි දෙන්න කවදාවත් ම තරහ වෙලා නෑ කියලා ... ඒත් ...
අපි ලොකු වෙන්න ලොකු වෙන්න දේවල් වෙනස් උනා ... ඉස්සර අපි දෙන්න වෙනුවෙන් අපි දෙන්න විතරක් ම හිටියට කාලයත් එක්ක අපි දෙන්න වටා ගොඩාක් මිනිස්සු එකතු වෙනකොට ... ම්ම්ම් දේවල් වෙනස් උනා ...
ඉතින් මේ නිසදැසෙන් කියලා තියෙන්නෙ අපි දෙන්න අතර උනු ලොකුම රණ්ඩුව ගැන ...
විනාඩියක් වත් කතා නොකර ඉන්න බැරි අපි දෙන්න ... විනාඩි පහක් කතා නොකර හිටියත් ඔය දෙන්න තරහ වෙලාද කියලා අහන තරමටම කතා කරන අපි දෙන්න ... එදා පැය තුනක් එකදිගට කතා කරේ නෑ ... .
බැරිම තැන කිම් රා මට දේවල් ලියලා පෙන්නනව ... මං නෙමෙයි ගනන් ගත්තෙවත් ... ඒත් ඇතුලින් මං හිටියේ ලොකු යුද්දෙක ... එදා ක්ලාස් එකක් වෙලාවෙදී ඔය ... මං හිතුවා මං ක්ලාස් එක මැද්දෙදිම අඩයි කියලා ...
කොහොමහරි ඉවසගෙන එලියට ගියා ... වෙනදා ට එයාගේ තාත්තා එනකං මං යන්නේ නැතුව හිටියත් එදා මං හොයන්නේ බලන්න්නේ නැතුව අපේ තාත්තා එක්ක ගියා ... එකපාරටම වැස්සක් කඩා පාත් උනා ...
අනේ මන්දා මට මොනා උනාද කියලා ... එකපාරටම මං කුඩෙත් උස්සගෙන දුවගෙන ගිහින් එයාව කුඩෙ යටට ඇදලා ගත්තා ... ඇත්තටම මට එයාව බදාගෙන අඩන්න ඕනේ උනත් , පාර මැද නිසා මං ලාවට එයාව තුරුල් කරගත්තා ...
කහාපාට මල් සාමාන්‍යයෙන් දෙන්නේ මිත්‍රත්වය වෙනුවෙන් ...
ෆිල්ම් එකක් වගේ නේද ... ඒඋනාට මේක ඇත්තටම උනා ...

YOU ARE READING
La Vie en Rose
Poetryඅදහස් කැටි කර දැක්වීමට ඇබ්බැහි වූ කල ... නිසදැස් ලිවීම නවතාගත නොහැක ...