වැස්ස වෙලාවට කුඩයක් ඉහලන්න
උදේට ගුඩ් මෝර්නින් කියන්න
ඔයා හොදින්ද කියලා එක පාරක් අහන්න
ඔත්තු නොබලා හොයල බලන්න
කරන ලොකුම වැරැද්දෙදිත් ... කමක් නෑ කියලා සමාව දෙන්න
මටත් කියලා කෙනෙක් ඉන්නවා නම්වැටෙන කදුළක් ගානේ සනසන්න පුළුවන්
ඉරිතැලුනු හදවතට ඔසුවක් වෙන
කදුළු හංගන උරහිසක් වෙන
අඩනකොට වගේම හිනාවෙනකොටත් ... එකතුවෙලා හිනාවෙන්න පුළුවන් හදවතක්කියන හැමදේම තේරුම් ගන්න කෙනෙක්
අඩන්න බරවුණු ඇස්වලට සිසිලක් වෙන කෙනෙක්
ඉන්නවනම් මටත් ...සීමාවක් නැතුව ආදරේ දෙන්නම්
බිදුණු හදවතේ රුදිරය මැදින්
රිදෙන ඇස්වල කදුළු මැදින්පුළුවන් නම් මේ අපාය වගේ වේදනාවෙන්
ගැළවෙන්න දෙනවද මටත්
සාමාන්ය හදක් ...අපේ ගෙදර මිනිස්සු මට හිනාවෙනවා ... හිනාවෙලා මදී පොල්ලකින් ඔළුවට ගහන්න ඕනේ ... නෑ නෑ මං බූට් කාලා නෙවෙයි ... බූට් කන්න කලින් කොල්ලෙක් එක්ක කතා කරන්නවත් එපැයි ඉතිම් ... මිනිස්සු .... ඇත්තටම මම සමාජෙට වෛර කරනවා ...

YOU ARE READING
La Vie en Rose
Poetryඅදහස් කැටි කර දැක්වීමට ඇබ්බැහි වූ කල ... නිසදැස් ලිවීම නවතාගත නොහැක ...