'අදත් නින්ද ගියාද'
'ඔව් බන් ඒකයි උබ එන බස් එකේ එන්න බැරි උනේ'
යීබෝ එයාගේ හොදම යාලුවා බින්ගෙන් ඇහුවේ බින්ට අද යීබෝ ආපු බස් එකේ එන්න බැරි උන නිසා.
( Wang Yibo )
( Yu Bin )
අද යීබෝ කැම්පස් යන පලවෙනි දවස , යීබෝට බයක් තිබුනේ නැත්තේ යීබෝගේ ඉතුරු බාගේ බිනුත් ඒ කැම්පස් එකටම තේරුනු හින්දා.
ඒත් දෙන්නා හිටියේ ෆැකල්ටි දෙකක යීබෝ ඩාන්සින් ෆැකටියේ ඉන්නකොට බින් හිටියේ මියුසික් ෆැකල්ටියේ ඒක නිසා දෙන්න හිටියේ ටිකක් අවුලින් , ඒත් දෙන්නම එකම රූම් එකේ ඉන්න නිසා දෙන්නම සතුටු උනා.
'යමන් යමන් කැම්පස් එකේ පලවෙනි දවසෙම චොර වෙන්න බෑ '
යීබෝ බින්ට එහෙම කියලා බින්වත් ඇදගෙන යුනි එක ඇතුලට ගියා.ශැංහයි විශ්වවිද්‍යාලයේ පරිසරයට යීබෝ ආසා කලා. ෆැකල්ටිය වටේම තිබ්බ ගස් වලින් එන සුලග නිසා යීබෝගෙ ඇගට සුවයක් දැනුනා.
කැම්පස් එකෙ වැඩ ටික ඉවර වෙලා යීබෝ බින්වත් හොයාගෙන ගිහින් බින් එක්ක කැන්ටිමට රිංගුවා.
කැන්ටිමට ගිහින් බඩ පුරව ගත්ත යීබෝයි බිනුයි ඊලගට ගියේ එයාලගේ රූම් එකට අනිත් රූම් මේට්ලා දෙන්නා කවුද කියලා දැනගන්න.
YOU ARE READING
𝐅𝐋𝐎𝐖𝐄𝐑𝐒 𝐁𝐋𝐎𝐒𝐒𝐎𝐌 [ᴢʜᴀɴʏɪ]✔
Teen Fiction[𝘾𝙊𝙈𝙋𝙇𝙀𝙏𝙀]✅ කැම්පස් එකේදි හම්බුන තරහකාරයෝ දෙන්නෙක් ආදරේ කරන්න ගත්තොත් ❤💚 𝙏𝙝𝙞𝙨 𝙞𝙨 𝙤𝙣𝙡𝙮 𝙛𝙖𝙣 𝙛𝙞𝙘𝙩𝙞𝙤𝙣 𝙙𝙤𝙣'𝙩 𝙘𝙤𝙢𝙥𝙖𝙧𝙚 𝙬𝙞𝙩𝙝 𝙧𝙚𝙖𝙡 𝙘𝙝𝙖𝙧𝙖𝙘𝙩𝙚𝙧𝙨 ________________________________________________________ U...