🅒🅗🅐🅟🅣🅔🅡 ➊➏

898 206 42
                                    

'ආයි යීබෝ උබ මට ගහන්නේ ඇයි මෙච්චර' බින් මේ කෑගහන්නේ උදේ 6ට විතර නිදියන් ඉන්නකොට එක පාරට පිට හරහා වැදුන පාරත් එක්ක.

'ඇද උඩට නැග්ග යීබෝ ආපහු බින්ට ගහන්න පටන් ගත්තා'  යීබෝ මේ බින්ට තඩිබාන්න් හේතුව තමා මෙඩිකල් යුනිට් එකේදි ශාන් දෙන්න ගියපු ෆස්ට් කිස් එක මැදට පැනලා කාබාසිනියා කරපු එකේ තරහ

'බල්ලා තෝ ,මං කොච්චර බලන් හිටියද ඒක දෙනකන්'

'ඌයි මොකක් දෙනකන් ද බන්' බින් ආපහු කෑගහන්න ගත්තා.

මේ වෙනකොට ශාන් ප්‍රැක්ටිස් වලට ගිහින් හිටියේ චෙන් හිටියේ ලයිබ්‍රි එකේ , ඊයේ ශානුයි යීබෝයි නිදාගත්තේ මෙඩිකල් යුනිට් එකේ , කිස් එක දුන්නෙ නැති එකට යීබෝ හිටියේ ශාන් එක්කත් තරහෙන්.ශාන් ප්‍රැක්ටිස් යනකොට යීබෝ ඇහැරෙයි කියලා වඩාගෙනම රූම් එකට දාලා ගියා , ඒත් පුරුදු උනුහුම නැති වුන නිසා යීබෝ ඇහැරුනා. ඊට පස්සේ ඉස්සරලම මතක් වුනේ බින් මැද්දට පැනලා කලා දැම්ම ඒ සොදුරු මොහොත ඉති න් යීබෝ බින්ගෙ ඇදට නැගලා ම බින්ට තඩි බාන්න ගත්තා.

'උබ මහ හෙනහුරෙක් බන්' ගහලා මහන්සියි නිසා ඇදෙන් බහින ගමන් යීබෝ කිව්වා.

'ආවු....මේ බලපන් උබ සූරලත් එක්ක , දැන් චෙන් අයියා ආවොත් මං මොකක්ද කියන්නේ'

'ආ............මේක හරි මගුලක්නේ මං සීරුවා කියපන් ' 

යීබෝ ලෙක්චස් ඉවර වෙලා රූම් එකට යද්දි ශානුත් හිටියා. යීබෝනම් ශාන් දිහා බැලුවෙ වත් නෑ. යීබෝ හිටියේ ශාන් එක්ක තරහ වෙලා බින් ඉස්සරහ උනත් කිස් එකක් දුන්නෙ නැති එකට.

'බෝ ඔයා ඇයි අද පරක්කු ' ශාන් යීබෝගෙන් අහන ගමන් ලගට ආවා

'මොකුත් නෑ' යීබෝ කතා කලේ ගහන්න වගේ

'බෝ ඔයාගෙ කකුල රිදෙනවද' ශාන් නැමිලා යීබෝගෙ කකුලෙ තුවාලෙ බලන ගමන් ඇහුවා

'ටිකක්'

'බෙහෙත් බිව්වද'

'අහ්ම්ම්..මේ'

'ඕකා බෙහෙත් බිව්වේ නෑ ශාන්' කොහෙන්දෝ කඩා පාත් වුන බින් කිව්වා

'බෝ ඇයි බෙහෙත් බිව්වෙ නැත්තේ' ශාන් ටිකක් සැරෙන් ඇහුවා.

'එයා පොඩි කාලෙ ඉදන් එහෙමයි ශාන් බෙහෙත් බොන්නෑ' ආපහු බින් මැදට පැනලා කෑගැහුවා.

𝐅𝐋𝐎𝐖𝐄𝐑𝐒 𝐁𝐋𝐎𝐒𝐒𝐎𝐌 [ᴢʜᴀɴʏɪ]✔Where stories live. Discover now