🅒🅗🅐🅟🅣🅔🅡 ➋➎

749 169 24
                                    

'boss'

'යීබෝ සර් ඉන්නවා '

'කොහෙද'

'ලී මැඩම් ගාව යීබෝ ඉන්නේ'

'කොහෙද කියලා හොයා ගත්තද'

'නෑ සර් ඒත් මැඩම් ලී ගාව ඉන්නේ කියලා දන්නව'

'හ..හරි'

ශාන්ට බයක් දැනුනත් යීබෝ ඉන්නවා කියලා හිත හදාගත්තා.

ශාන් කෙලින්ම ගියේ එයාගෙ ගෙදරට එයා ගේ ඇතුලට යනකොට තාත්තා ගෑනු කෙනෙක් එක්ක එලියට යන්න සූදානම් වෙලා හිටියේ

'පපා' ශාන් දෙන්නගේ මග හරස් කරලා හිට ගත්තා.

'මොකද ශාන් මේ'

'මමා මගෙ බෝයිෆෙන්ඩ්ව උස්සලා ඔයා දන්නවනේ එයා ගැන , මට මගේ මැනික ගෙනත් දෙන්න පපා ප්ලීස් මට එයාව හොයලා දෙන්න' ශාන් මුල් ටික කේන්තියෙන් කියාගෙන ගියත් අන්තිම ටික කියනකොටනම් හඩ බිදිලා තිබුනා.

ශාන් හිටියේ මිස්ටර් සියාවෝ ගාව දන ගහගෙන

'ශාන් ඔයාට මං කියලා තියේ ඔය වගේ බොලද වැඩ වලට උදව් ඉල්ලන්න එපා කියලා ඔයා ඔයාගේ බෝයිෆ්‍රෙන්ඩ්ව හොයාගන්න කොහොම හරි මට දැන් වැඩක් තියෙනවා'

'හරි ඒ කියන්නේ ඔයා මට උදව් කරන්නේ නෑ කියලනේ එහෙනම් මේකත් හොදට මතක තියාගන්න මිස්ටර් සියාවෝ සීන් තමුන්ට මං මට අවුරුදු 25 සම්පූර්ණ වෙනකොට හම්බෙන ප්‍රොපටීස් වලින් සත පහක දෙයක් දෙන්නෑ කියලා , මං කියන්න ඕනේ නෑනේ එතකොට වෙන දේ' ශාන් එයාගේ තාත්තා ලගින් නැගිටිලා එහෙම කියනකොට සීන් සුදුමැලි උනා

'ශාන්' මිස්ටර් සියාවෝගේ කෝපයෙන් පිරුනු කටහඩ ගේ ඇතුලේ දෙදුරුම් කෑවා

'ඔයාගේ සද්දෙට මං බය වෙන්නෑ මිස්ටර් සියාවෝ' ශාන් හරිම සන්සුන් විදිහට කටකොනින් නැගුණු දරුණු හිනාවක් සමගින් කිව්වා.

ශාන් දන්නවා එයාට අම්ම ඉන්න තැන හොයාගන්න බෑ කියලා. ඒකයි සීන්ගෙන් උදව් ඉල්ලුවේ සීනුත් මේ වගේ දේවල් වලට උදව් කරන්නෑ කියලා ශාන් දැනගෙන හිටියා ඒකයි එයා අන්තිම තුරුම්පුව විදිහට එයාගෙ ප්‍රොපටිස් ගැන කියලා සීන්ව බය කරන්න හිතුවේ , සියාවෝ කම්පැනීස් වගේම මේ ගෙදරත් අයිති ශාන්ට මේ හැමදෙයක්ම ශාන්ගේ සීයාපාපා ශාන්ට දුන්න දේවල් ඒත් සීන් මේ හැමදෙයක්ම හංගගන හිටියේ සීන්ට ඕනි උනා ශාන්ට අවුරුදු 25ක් උනහම ඒ දේවල් එයාගෙන් ගන්න ඒකයි ශාන්ට හොදින් සැලකුවේ ඒත් එයා දන්නෑ මේ හැමදෙයක් ගැනම ශාන් දන්නවා කියලා.
ශාන් මේ දේවල් දැනගත්ත එක සීන්ට ලොකු ප්‍රශ්නයක් උනා , මොකද ශාන් මේ කිසි දෙයක් දෙන්නෙ නැතුව එයාට යන්න කිව්වොත් අනිවාර්යෙන්ම සීන්ට යන්න වෙනවා , ඒ නිසා සීන් ශාන්ට උදව් කරන්න හිතා ගත්තා.

'හරි මං ඒ කොල්ලව හොයලා දෙන්නම්"
සීන් එහාට යන ගමන් කිව්වා.

සීන් කාටහරි කෝල් කරනවා වගේ දැක්කා. ටික වෙලාවකින් සීන් ශාන් ගාවට ආවා.

'එයා ඉන්නේ අම්මගේ කම්පැනි එකේ බිම් ගොඩනැගිල්ලේ , එතනින් එහාට කිසිදෙයක් මං දන්නෑ , ඔයාට පුලුවන් ඕනනම් මගේ බොඩිගාඩ්ලවත් අරන් යන්න' සීන් කියලා ඉවර වෙන්නත් කලින් ශාන් එයාගේ  කාර් එකත් ඇරන් මිස්ටර් පාර්ක් එක්ක එතනට පියෑබුවා.

........................................................................

'ඉතින් පැටියෝ ඔයා මොකද කියන්නේ' ලී ඇවිත් යීබෝ ඉස්සරහ තිබුන ස්ටූල් එක උඩ වාඩිවෙන ගමන් ඇහුවා.

'එක' යිබො ලීගේ මූන දිහාවත් බලන්නේ නැතුව කියලා දැම්මා.

'මං හිතුවා පැටියෝ ඔයා ඒක තෝරගනියි කියලා ' ලී එයාගේ ගන් එක ලෝඩ් කරන ගමන් කිව්වා

'ම්ම්ම්...ඒත් බෑ වගේ මට ඔයාව එහෙම මරන්න දෙන්න' ලී ගන් එක එයාට ඉස්සරහින් තියෙන ස්ටූල් එක උඩ තියන ගමන් කිව්වා.

'මට ඔයාව එහෙම ලේසියෙන් මැරෙන්න දෙන්න බෑ ඒක නිසා මැරෙන්න කලින් අපි ටිකක් එන්ජෝයි කරමු' ලී වියරුවෙන් වගේ හිනා වෙන ගමන් කිව්වා

'මාව මරලා දාපන් ගෑනියේ' යීබෝ පුලුවන් උපරිමෙන් කෑගැහුවේ ලීගේ සිතුවිල්ල තේරුන නිසා.

'Let's enjoy baby' ලී එහෙම කියන ගමන් යීබෝ හිතන්නත් කලින් යීබෝගේ ශර්ට් එක ඉරලා දැම්මේ බොත්තම් කැඩිලා බිම වැටෙද්දි

'වාව් මේ වීව් එක මගේ පුතා පිස්සු වැටෙන්නේ නැතුවයෑ' ලී කාමුක දෑස් වලින් යීබෝගෙ උඩුකය දිහා බලාගෙන කිව්වා.

ලී යීබෝගෙ පපුවට පාත් වෙනකොටම

'ඕක නවත්තපන් ගෑනියේ' ශාන් දොරත් කඩාගෙන ඇවිත් ලීට ගැහුව පාර ලී බිම වැටුනේ ඔලුවෙන් ලේ ගලද්දී

'මැනික ඔයා හොදින්ද' ශාන් කදුලු පිරුනු ඇස් වලින් යීබෝ දිහා බලාගෙන ඇහුවේ හිතින් යීබෝව තනිකරලා ගියපු එකට හිතින් බැන ගන්නා ගමන්.

'ශන්ගා' යීබෝ ශාන්ව බදාගෙන ඇඩුවේ මෙච්චර වෙලා හිතේ තිබ්බ දුකට.

ශාන් එයා ඇදගෙන හිටපු කෝට් එක ගලවලා යීබෝගේ ඇගට දාලා යීබෝව වඩාගෙන එලියට ගියා . එත් එක්කම වගේ ආපු පොලීසියෙන් මිස්ටර් පාර්ක් වගේම ශාන්ගේ බොඩිගාලා අල්ලගෙන හිටපු ලී ඇතුලු පිරිසව එක්කන් ගියා.







______________________________________

☘ඔන්න හම්බුනා

☘අද කොටස ගැන මොකෝ හිතෙන්නේ

☘වෝට් කරන කමෙන්ට කරන හැමෝටම තැම්කූ

✍chocolate

𝐅𝐋𝐎𝐖𝐄𝐑𝐒 𝐁𝐋𝐎𝐒𝐒𝐎𝐌 [ᴢʜᴀɴʏɪ]✔Where stories live. Discover now