🅒🅗🅐🅟🅣🅔🅡 ➋➋

813 178 28
                                    

ශාන් විනාඩි කිහිපයක් යීබෝට තුරුල් වී හැඩුවේය. තමගේ දෙමව්පියන් මෙසේ හැසිරීම ගැන ඔහුට තිබෙන්නේ වේදනාවකි. තමන්‍ට තමන් පිලිබදවම කනගාටුවක් දැනෙන්නට විය. අන් අයගේ ප්‍රයෝජනයට ගැනීමට තමන් වෙලදසැලක විකීනීමට තිබෙන භාන්ඩක් යැයි තම දෙමව්පියන් සිතන්නේ ඇයි කියා ඔහු කල්පනා කලේය.

ටික වෙලාකකින් ශාන් යීබෝගෙන් ඈත් වුනා

'ශන්ගා අපි යමු' යීබෝ ශාන්ට මොකුත් කියන්න ගියේ නෑ , ශාන්ගේ දෙමව්පියන්ගෙ තීරණ වලට ශාන් පලි නැත. ඇත්තටම සල්ලි වලට තමන්ගේ පුතාගෙ ජීවිතේ දෙන්න තරම් අම්මෙක් කුරිරු උනේ කොහොමද කියලා යීබො කල්පනා කලා , ශාන්ගෙ ආදරය ගැන යීබෝට කිසි සැකයක් නෑ , මොකද තමන්ගේ ජීවිතේ වෙනුවෙන් ශාන් මැරෙන්න වුනත් සූදානම් බව ශාන් මේ වෙනකොටත් ඔප්පු කරලා ඉවරයි.

යීබෝ එයාලගේ රූම් එකට යන්න හැදුවත් ශාන් යීබෝව එක්කන් ගියේ යුනි එකේ රූෆ් ටොප් එකට ,

'මැනික' පිටිපස්සට හැරිලා බර කල්පනාවක හිටපු යීබෝගෙ බද වටේට දෑතක් එතුනා

'හ්ම්ම්'

'ඔයාට මාව විශ්වාසයි නේද'

'විශ්වාස නැත්නම් මං ඔයාට ආදරේ කරයිද'

'මං කොහොමත් එයාලා කියන දේ කරන්නේ නැ මැනික, එයාලට බෑ මගේ ජීවිතේ ගැන මේ විදිහේ තීරන ගන්න'

'ඒ වුනත් මෙක ලේසි වෙන්නෑ ශන්ගා'

'මට තේරෙන්නෑ බෝ , එයාලා මගේ ජීවිතේට මෙච්චර ඇගිලි ගහන්නේ ඇයි කියලා මට පුදුමයි එයාලා මනුස්සයෝ වෙච්ච එක ගැන දැක්කද මගේ අම්ම මට කතා කරපු විදිහ , ශාන් කියලා කතා කලේ මට කවදාවත් මගේ අම්මවත් තාත්තවත් පුතේ කියලා කතා කරලා නෑ , මං හරි ආසයි මට කවුරු හරි එහෙම කතා කරනවට , මෙයාලා සල්ලි වලට මාව මරලා දාන්න කිව්වොත් ඒකත් කරයි බෝ , මට මේ ජීවිතේ එපා වෙලා තියෙන්නේ මැනික, මේ දවස් ටිකේ විතරයි මං සතුටින් හිටියේ , ඒත් මට එ සතුට තියාගන්න පුලුවන් වුනේ දවස් කීයද , ඇයි දෙයියෝ මට විතරක් මේ විදිහට සලකන්නේ'

ශාන් යීබෝව පිටිපස්සෙන් බදාගෙන අඩ අඩා කියද්දි යීබෝ ඉක්මනට අනිත් පැත්ත හැරිලා ශාන්ව බදාගෙන ඒ පිට හෙමීට අතගෑවා.

𝐅𝐋𝐎𝐖𝐄𝐑𝐒 𝐁𝐋𝐎𝐒𝐒𝐎𝐌 [ᴢʜᴀɴʏɪ]✔Where stories live. Discover now