'අහ්..බො මට ඔයාට කියන්න දෙයක් තියේ'
'මොකක්ද'
'අපි දෙන්නා අද ක්ලබ් එකට පනින්නයි හදන්නේ'
'වාව් ශාන් ඔය ඇත්තමද' යීබෝ උඩ පැනලා අත්පුඩි ගහන ගමන් ඇහුවා.
.....................................................
යීබෝයි ශානුයි ක්ලබ් එක ඇතුලට ගියා. ශාන් මීට කලින් ක්ලබ් ඇවිල්ලා තිබුනත් යිබෝ මේ ක්ලබ් එකකට ආව පලවෙනිපාර ඒක නිසා යීබෝ පොඩි එකෙක් වගේ වටපිට බලන ගමන් ඇතුලට ගියා.මේ හැම වෙලාවෙම ශාන් හිටියේ යීබෝගෙ අතින් අල්ලගෙන, යීබෝට ක්ලබ් යන්න ආසයි කියලා යීබෝ දවසක් නිකමට කිව්වා , ඒක හින්දා තමයි ශාන් යීබෝව එක්කන් ආවෙ
ක්ලබ් එක ඇතුලෙ සේවකයෝ කිහිප දෙනෙක් ඇරෙන්න කවුර්ත් හිටියේ නෑ , මොකද ශාන් අද මේක එයාට වෙන් කරගෙන තිබුනේ.
'බෝ මොනවද බොන්නේ'
'බියර් එකක්'
'ඔයා බියර් බොනවද' ශාන් පුදුමෙන් වගේ අහුවා
'ඔව් ශාන් මෙහෙම තැනකට ත් ඇවිල්ලා මට බීම එකක් බොන්න කියලද කියන්නේ'
'ඔයා ඔයාගෙ ලිමිට් එක දන්නවා නේද බෝ'
'ඔව් ශාන් අයියෝ'
ශාන් යීබෝටයි එයාටයි බියර් කෑන් ටිකක් අරගත්තා.
ශාන් නම් ගත්තේ බියර් කෑන් එකයි ඒත් යීබෝ මේ ඉවර කරන්නේ එයාගෙ තුන්වෙනි බියර් කෑන් එක
'ශාන්'
'හ්ම්ම්'
'ඔයා ලස්සනයි'
'මං ඒක දන්නවා බෝ'
යීබෝ පොඩි බබෙක් වගේ ශාන්ට රැව්වා. යීබෝ කතා කරන විදිහෙන් යීබොගෙ ලිමිට් පැනලා කියලා ශාන්ට තේරුනා.
'දැන් ඇති බො අපි යමු'
'අනේ බෑ අප්පා' යීබෝ ශාන්ගෙ අතේ එල්ලිලා කෑගහන්න ගත්තේ හතරවෙනි බියර් එකත් කටට හලාගන්න ගමන්
ශාන් ඇස් වලින් එතන සේවකයෙක්ට කිව්වේ ඉතුරු බියර් කෑන් ටික ගන්න කියලා , කොහොමත් යීබෝ දැන් මේක නවත්තනේ නැ කියලා ශාන් දැනන් හිටියා.
සේවකයෙක් ඇවිත් එතන තිබ්බ ඉතුරු බියර් කෑන් ටික අරන් ගියා.
'මට බොන්න දෙන්නෙ නැතුව අරන් ගියා' යීබෝ ශාන්ගෙ අතේ එල්ලිලා අඩන්න ගත්තා.
CZYTASZ
𝐅𝐋𝐎𝐖𝐄𝐑𝐒 𝐁𝐋𝐎𝐒𝐒𝐎𝐌 [ᴢʜᴀɴʏɪ]✔
Dla nastolatków[𝘾𝙊𝙈𝙋𝙇𝙀𝙏𝙀]✅ කැම්පස් එකේදි හම්බුන තරහකාරයෝ දෙන්නෙක් ආදරේ කරන්න ගත්තොත් ❤💚 𝙏𝙝𝙞𝙨 𝙞𝙨 𝙤𝙣𝙡𝙮 𝙛𝙖𝙣 𝙛𝙞𝙘𝙩𝙞𝙤𝙣 𝙙𝙤𝙣'𝙩 𝙘𝙤𝙢𝙥𝙖𝙧𝙚 𝙬𝙞𝙩𝙝 𝙧𝙚𝙖𝙡 𝙘𝙝𝙖𝙧𝙖𝙘𝙩𝙚𝙧𝙨 ________________________________________________________ U...