🅒🅗🅐🅟🅣🅔🅡 ➍

1K 228 20
                                    

කාලය හෙමින් හෙමින් ගත වුනා. දැන් එයාලා කැම්පස් එකට ඇවිත් සතියක් වෙනවා. ඒත් යීබෝයි ශානුයි නම් තාම තරහෙන් හිටියේ ශාන් නම් ඇද ගන්න බැරි උන නිසා ඒත් යීබෝට නම් එහම සාදාරන හේතුවක් තිබ්බේ නෑ ඒවුනාට යීබෝට ශාන්ව පේන්න බෑ , විශේශෙන්ම ශාන්ගේ ලොකුකමයි , අහංකාරකමයි.

 ශානුයි යීබොයි හිටියේ එකම ක්ලාස් රූම් එකේ මේ දෙන්නා එදා ඇදට වගේම පුටුවටත් රන්ඩු උනා. ඊට පස්සේ ප්‍රොෆෙසර් ඇවිත් යීබෝට වෙන පුටුවක් දුන්නට පස්සේ ඩෙස් එකට රණ්ඩු උනා. ප්‍රොෆෙසර් කලේ වෙන ඩෙස්ක් එකක් ඇරන් යීබෝට දීලා ශාන්ට එහා පැත්තෙන් වාඩි කරවපු එක. ඔක්කොම රණ්ඩු ඉවර වෙනකොට කාලෙ ගෙවිලා තිබුන නිසා එදා ප්‍රොෆෙටට එයාගේ ලෙක්චර් එක කරගන්න බැරි උනා.

ඔහොම පොඩි පොඩි රණ්ඩු කීපයක් මේ සතිය ඇතුලත් සිද්ද වුනා. බින් නම් පරණ රේඩියෝව වගේ හැම වෙලාවෙම කිව්වේ ශාන් එක්ක රණ්ඩුවට යන්න එපා කියලා.

'අනේ තෝ කට වහගෙන හිටපන්කෝ එකව  අවුස්ස ගන්නවා කියන්නේ කුලු හරකෙක් ඇවිස්සුනා වගේ තමා  , මං මෙ ඒකත් එක්ක රන්ඩු වෙන්නේ තරහටමටි නෙමේ ආතල් එකටත් එක්ක' බින් රන්ඩු වෙන්න එපා කියන් හැම වෙලාවකම යීබෝගෙ උත්තරේ උනේ ඒක

අද උදෙන්ම යීබෝ නැගිට්ටා , ඒ ඉර අනිත් පැත්තෙන් පායපු නිසා නෙමේ බින්ගේ බර්ත් ඩේ එක නිසා , හිමීට වොශ් රූම් එකට ගිය යීබෝ වතුර බල්දියක් පුරවගෙන එලියට ආවා, දැන් පාන්දර 1ට විතර ඇති.

හෙමිනි හෙමින් බින්ගෙ ඇද ගාවට ගිය යීබෝ වතුර බාල්දිය හලන ගමන් 

'හැපි බර්ත්ඩේ බිනෝ' කියලා හයියෙන් කෑගැහුවා.

වතුර එකෙන් නාපු පාර බින් නැගිට්ටේ අමු තිත්ත කුනුහරුප ගොඩක් කියාගෙන. මහ පාන්දර සීතල වතුර නාපුවහම දැනෙන ෆීලින් එක අමුතුවෙන් කියන්න ඕන් නෑනේ.

බින්ගෙ ඇද තිබ්බේ යීබෝගේ ඇද උඩ නිසා බින් වගේ එහා පැත්තේ ඇදේ නිදාගෙන හිටිය චෙනුත් නෑවා ඒවගේම වගේම චෙන්ගෙ ඇදෙන් වතුර රූටල ඇවිත් වැටුනේ ශාන්ගෙ ඇග උඩට , දැන් යීබෝඇර අනිත් 3දෙනාම නාලා.

'තමුසෙට මොනවද වෙලා තියෙන්නේ' ශාන් කෑගහලා ඇහුවත් යීබෝ ඒක ගනන් ගත්ත බවක් පෙනුනේ නෑ.

𝐅𝐋𝐎𝐖𝐄𝐑𝐒 𝐁𝐋𝐎𝐒𝐒𝐎𝐌 [ᴢʜᴀɴʏɪ]✔Where stories live. Discover now