🅒🅗🅐🅟🅣🅔🅡 ➏

1K 215 13
                                    

ශාන්ගේ හිනාව දැක්ක ගමන් යීබෝට මොකක් හරි අවුලක් වෙලා කියලා හිතුනා. ඒත් කිසි දෙයක් හිතන්නේ නැතුව තුවායත් ඇරන් වොශ් එකක් දාලා , තුවාය ඇදගෙන එලියට එනකොට යීබෝගේ ඇදුම් සේරම බිම සී සී කඩ විසිරිලා තිබ්බා , නිකන් නෙමේ ඔක්කොම නිල් පාට වෙල , ඔව් ඔව් ශාන් ඊයේ ඇදුම් ඔක්කොටම නිල් දාලා තිබ්බා ඊට පස්සේ යීබෝ වොශ් රූම් ගිය ටිකට ඇදුම් ටික තැන තැන විසික් කරලා දැම්මා.

'සියාවෝ ශාන් මං උබව මරනවා.' යීබෝ උපරිම හයියෙන් කෑගැහුවා.

 යීබෝ ටවල් එක පිටින්ම ඉදගෙන බින්ට කෝල් එකක් ගත්තා.ඊට පස්සේ විස්තරේ කියලා බින්ගේ ඇදුමක්ම ඇද ගත්තා. බින් යීබෝට වඩා ලොකු නිසා ඒවා ඇන්දහම යීබෝ නිකන් හොල්මනක් වගේ 

ඊට පස්සේ නිල් පාට ඇදුම් ඔක්කොම හේදුවා, ඊටපස්සේ වැනුවා කොහොමහරි එදා යීබෝ ලෙක් ගියෙත් නැත්තේ අදින්න ඇදුමක් තිබ්බ නැති නිසා

.....................................................................................

දවස් දෙකක් නිවී සැනසිල්ලේ ගෙවිලා ගියා . යීබෝ ශාන්ට රිටන් එකක් දෙන්න හොය හොයා හිටියේ , යීබෝ ආට් රූම් එක පැත්තෙන් ලයිබ්‍රි එකට යනකොට නිකමට වගේ ආට් රූම් එක දිහා බැලුනා. එතකොට හුරු පුරුදු රුවක් හිටියා. ඒ ශාන් වෝට කලර්ස් වලින් චිත්‍රයක් අදින ගමන් , ඒක දැක්ක යීබෝට කුපාඩි අදහසක් ආවා. යීබෝ එතන එහා පැත්තේ තියෙන ලෙක්චර් හෝල් එකට වෙලා ශාන් යනකම් බලාගෙන හිටියා.

ටිකකින් ශාන් ෆෝන් එකත් කනේ ගහගෙන එලියට ගියා. යීබෝ හෙමින් හෙමින් වටපිට බලා ආට් රූම් එකට රිංගලා ශාන්ගේ චිත්‍රේ දිහා බැලුවා ඇත්තටම ඒක ලස්සනයි. ශාන් විනෝදාංශයක් විදිහට චිත්‍ර්‍ර අදිනවා කියලා බින් යීබෝට කියලා තිබුනා.

 ශාන් විනෝදාංශයක් විදිහට චිත්‍ර්‍ර අදිනවා කියලා බින් යීබෝට කියලා තිබුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

'පව් අප්පා' යීබෝ හෙම කියන ගමන් ලග තිබ්බ වතුර බෝතලේම චිත්‍රෙට හැලුවා.

ඊටපස්සේ හිනා වෙලා එලියට ගියා.

.......................................................................

යීබෝ කෙලින්ම ගියේ කැන්ටිමට එතන බිනුත් හිටියා.

බින් ටික වෙලාවක් යනකන් යීබෝ දිහා බලන් හිටියා යීබෝගේ කපටි හිනාව අදුර ගන්න බින්ට බැරි උනේ නැ , කට්ටිය එහෙ මෙහෙ වෙනකන් ඉදලා බින් යීබෝට කතා කලා. 

'යීබා'

'හ්ම්ම්'

';උබ මොකක්ද මේ පාර කරපු වැඩේ'

'මොන'

'උබ මට බොරු කරන්න එපා යීබා , උබේ හිනාවෙන් මට තේරුම් ගන්න පුලුවන් , මොකක්ද ශාන්ගෙන් මේ පාර ඉල්ලුව ගේම'

'මම' යීබෝ ඇස් ලොකු කරගෙන බින් දිහා බලන් හිටියා.

'කියපන් කියපන් බබා වෙන්නේ නැතුව'

'ඌ ඇන්ද චිත්‍රෙයක් පාට කලා'

ඒ ක ඇහුන බින් යීබෝ දිහා බලන් හිටියේ 'උබ නම් හදන්න බෑ 'වගේ ලුක් එකකින

'හරි අපි යමු අද එලියෙ ඇවිදින්න' යීබෝ කිව්වේ නැගිටලා බින්ගේ අතින් අදින ගමන්

'හරි යමන්' යීබෝයි බිනුයි නැගිටිලා එලියට ගියා.

...............................................................................

ශාන්ට කෝල් එක ආපු නිසා චිත්‍ර්‍ර්‍රෙ එතනම දාලා එලියට ගියා.

කෝල් එක ඇවිදින් තිබ්බේ ශාන්ගෙ පපාගෙන්,කොහොමත් ශාන්ට ඉන්නේ පපා විතරයි මමා කෙනෙක් නෑ, ශාන්ගේ මමා නැති වුනේ පොඩි කාලෙදිමයි.

ශාන්ගේ පපා ගොඩක් නපුරු වගේම තද පුද්ගලයෙක්. එයා ශාන්ව හැදුවේ නීති වලට. ඒකයි ශානුත් නපුරු උනේ. ඒත් ශාන්ගේ පපා ශාන්ට ආදරේ කල ඒත් කවදාවත් ඒක පෙන්නුවෙ වත් දැනෙන්න තිබ්බෙවත් නෑ.

ශාන් කෝල් එක ආන්සර් කරලා ඉවර වෙලා ආවේ එයාගේ චිත්‍රෙ බලන්න . එතකොට ඒක වතුර වලට පෙගිලා ඉවරයි පාට චිත්‍රේ උඩ පාවෙවී තිබ්බා , ශාන් කෙලින්ම ගියේ ප්‍රින්සිපල්ගේ රූම් එකට ගිහින් සිසීටිවි චෙක් කරනකොට ශාන්ගේ සැකේ තහවුරු උනා . ඔව් හිතුව වගේම ඒක කරල තිබ්බේ යීබෝ.

....................................................................................

ඔහොම ඉදපන් මං මගේ ස්ක්‍රෙචින් බෝඩ් එක ඇරන් එන්නම් , යීබෝ කිව්වේ රූම් එකෙන් එලිය ඇවිල්ලා ටිකක් දුර යනකොට

යීබෝ ස්ක්‍රෙචින් බෝඩ් එක කේස් එක ඇරල බැලුවා, ස්ක්‍රෙචින් බෝඩ් එක නම් තිබ්බා ඒත් කෑලි 4කට රෝද දෙක වෙනම බෝඩ් එක කෑලි දෙකක් විදිහට.

ශාන් යීබෝගේ ස්ක්‍රෙචින් බෝඩ් එක කෑලි වලට වෙන් කරලා තිබුනා.


-------------------------------------------------------------------

🌌කොහොමද මේ කොටස

🌌ආපහු එන්නම්


                    ✍chocolate

𝐅𝐋𝐎𝐖𝐄𝐑𝐒 𝐁𝐋𝐎𝐒𝐒𝐎𝐌 [ᴢʜᴀɴʏɪ]✔Where stories live. Discover now