🅒🅗🅐🅟🅣🅔🅡 ➌⓿

1.2K 176 61
                                    

අවුරුදු 2කට පසු.....

ශානුයි යීබෝයි එයාලගේ අධ්‍යාපන කටයුතු ඉවර වෙලා ශාන් එයාගේ කම්පැනි එක බාරගනිද්දී යීබෝ වෙන කම්පැනි එකක account තනතුරකට ගියා.

මේ අවුරුදු 4ටම ශානුයි යීබෝයි හිටියේ එකට වගේම ඒ දෙන්නගේ ආදරෙත් වෙනසක් උනේ නෑ.

........................................................................

යීබෝ වැඩ කර කර ඉද්දී යීබෝට ආවෙ කෝල් එකක් ශාන්ගෙන්

'බෝ"

'කියන්න ශන්ගා'

'මට ඔයාව හම්බෙන්න ඔන පාර්ක් එක ගාවට එන්න'

යීබෝ වැඩ ඉවර වෙලා ගියේ ශාන් එන්න කිව්ව පාර්ක් එකට එතකොට දැක්කා ශාන් ඔංචිල්ලාවක් උඩ වාඩිවෙලා ඉන්නවා.
යීබෝත් ගිහින් ශාන් ලග තියෙන ඔංචිල්ලාවේ වාඩි උනා.

"ශන්ගා"

"බබා"

'ඔයා මොකක් හරි ප්‍රශ්නෙක ද ශන්ගා'
යීබෝට ශාන්ගෙ මූන දැක්කහම ශාන් ඉන්නේ ප්‍රශ්නෙක කියලා හිතුනා.

'බබා මට ඇමෙරිකා යන්න වෙලා තියෙනවා බිස්නස් වලට ආපහු අවුරුද්දකින් විතර තමයි එන්න වෙන්නේ'

'ම්ම්ම්'

'මං දන්නව මේක හරිම ආත්මාර්ථකාමී ඉල්ලීමක් කියලා ඒත් ඔයාට ත් මං එක්ක යන්න පුලුවන්ද '

'ශන්ගා'

'ඒත් මට ඔයාව නැතුව පැයක්වත් ඉන්න බෑ එහෙම එකේ මං අවුරුද්දක් ඉන්නේ කොහොමද'

'ශන්ගා ඔයා දන්නවනේ මගේ මමාගේ තත්වේ ගැන එයාගෙ වැඩ පපාට තනියම කරන්න බෑ ඒ නිසා මාත් මෙහෙ ඉන්න ඕන මට මගේ මමා වෙනුවෙන් යුතුකම් ඉශ්ට කරන්න තියෙනවා'යීබෝ ශාන්ගෙ අත් එයාගෙ අත් වලට මැදි කරන් කිව්වා.

යිබෝගේ මමා මීට සති 2කට කලින් පැරලයිස් උනේ හැමෝවම බය කරලා.

ඒත් එක්කම ශාන්ගේ කම්පැනියේ ඇමෙරිකා බ්‍රාන්ච් එකේ ප්‍රශ්නයක් ආවෙ ශාන්වයි යීබෝවයි අවුරුද්දකට ඇත් කරන ගමන්.

........................................................................

අවුරුද්දකට පසු.....

යීබෝ හිටියේ හොදට නිදාගෙන

ෆෝන් එක දෙතුන් පාරක් රින් උනත් යීබෝ එයාගෙ නින්ද නැති කරගන්න සූදානමක් තිබුනේ නෑ , කෝල් කරන එකාට එපා වෙයි කියලා යීබො තවත් බ්ලැන්කට් එකට තුරුල් වෙන ගමන් හිතුවා.

𝐅𝐋𝐎𝐖𝐄𝐑𝐒 𝐁𝐋𝐎𝐒𝐒𝐎𝐌 [ᴢʜᴀɴʏɪ]✔Where stories live. Discover now