ශාන් කැම්පස් එකේ කැන්ටිමට ආපු පලවෙනි වතාව අද , එයා වෙනදට කෑම ගත්තේ ඕඩර් කරලා. තාත්තාගේ කැම්පස් එක නිසා එයාට ඒක ප්‍රශ්නයක් වුනේ නෑ.
ශාන් එනකොටම එතන හිටපු කෙල්ලො හැමෝම වගේ එතනට ආවා. මොකද කැම්පස් එකෙ කෙල්ලෝ වගේම කොල්ලොත් ශාන්ව ක්‍රශ් කරපු නිසා.
යීබෝ හිටියෙත් කැන්ටිමේමයි පපා එයාට ඇරන් දුන්න අලුත් ෆෝන් එකෙන් බින් එක්ක ෆොටෝ එකක් ගන්න ගමන් , ඒත් ආතක් පාතක් නැතුව දුවගෙන ආපු කෙල්ලෙක් ඇගේ හැප්පුන නිසා යීබෝගේ ෆෝන් එක බිම වැටුනා. යීබෝ කොච්චර වාසනාවන්තද කියනවනම් බිම වැටුනු ඒ ෆෝන් එකෙ උඩින් ගානට ශාන් කකුල තිබ්බා.
යීබෝගේ ඇස් වලට කදුලු ආවා , ශාන් ගියපු ගමන් ෆෝන් එක අතට ගත්ත යීබෝ බලනකොටත් ඩිස්ප්ලේ එක ගීහින් තිබ්බා.
යීබෝ කෑගහගෙන ශාන් පිටිපස්සෙන් යන්න හැදුවත් බින් අතෙන් යීබෝගේ කට වහලා කැන්ටිමෙන් එලියට ඇදන් ගියේ , මේ වෙලාවෙ රන්ඩු වෙන්න ගියොත් ශාන්ගෙන් කෙසේ වෙතත් එයාගේ ෆෑන් බේස් එකේ ඉන්න කෙල්ලන්ගෙන් ගුටි කන්න වෙන නිසා.
'මොන මගුලකටද අරූට දෙක්ක් අනින්න නොදී උබ මාව ඇරන් ආවෙ' බින් අත ගත්ත ගමන් යීබෝ කෑගැහුවා.
'මේ බලපන් මගේ ෆෝන් එක කැම්පස් යනවා කියලා ඇරන් දුන්නේ' යීබෝ බින්ට ෆෝන් එක පෙන්නලා කියද්දි බින්ටත් ගොඩක් දුක හිතුනා.
'ඔව් බන්, ඒත් අපි ඒ වෙලාවෙ ඒකා එක්ක වලියට ගියානම් මොකද වෙන්නේ උට කැමති කෙල්ලොමයි වටේට හිටියේ අපි දෙන්නම හොදටම කනවා එහෙම උනානම්.'
'හ්ම්ම්, ඒත් මං පස්සේ හරි ඕකගෙන් පලිය ගන්න්නවා' යීබෝ කිව්වේ ෆෝන් එක දිහා බලාගෙන.
YOU ARE READING
𝐅𝐋𝐎𝐖𝐄𝐑𝐒 𝐁𝐋𝐎𝐒𝐒𝐎𝐌 [ᴢʜᴀɴʏɪ]✔
Teen Fiction[𝘾𝙊𝙈𝙋𝙇𝙀𝙏𝙀]✅ කැම්පස් එකේදි හම්බුන තරහකාරයෝ දෙන්නෙක් ආදරේ කරන්න ගත්තොත් ❤💚 𝙏𝙝𝙞𝙨 𝙞𝙨 𝙤𝙣𝙡𝙮 𝙛𝙖𝙣 𝙛𝙞𝙘𝙩𝙞𝙤𝙣 𝙙𝙤𝙣'𝙩 𝙘𝙤𝙢𝙥𝙖𝙧𝙚 𝙬𝙞𝙩𝙝 𝙧𝙚𝙖𝙡 𝙘𝙝𝙖𝙧𝙖𝙘𝙩𝙚𝙧𝙨 ________________________________________________________ U...