'මචන් යීබෝ' කැන්ටිමේ හිටපු යීබෝ ගාවට බින් දුවගෙන ආවා.
'ඇයි බන් මේ'
'අපේ පපා ඇක්සිඩන්ට් වෙලා ඒක නිසා මට යන්න වෙනවා , දැන් තමයි මමා කෝල් එකක් දීලා කීවේ ,
'තනියමද යන්නේ'
'නෑ බන් චෙන් ගගා එනවා'
'හ්ම්ම් , එතකොට බෑනවත් පෙන්නලාම එන්න පුලුවන්නේ නේද' යීබෝ ඇගට නොදැනෙන්න කිවා
'අනේ පලයන් බන් , මං යනවා ශාන්ටත් කියන්න'
'හරි බන් පරිස්සමින්'
චෙනුයි බිනුයි යන්න පිටත් වුනා.
....................................................................
'අර දෙන්නා ගිය නේද' ශාන් රූම් එකට එන ගමන් ඇහුවා.
'ඔව් , ඔයා කාලද ආවෙ ශාන්'
'ඔව් බෝ '
යීබෝයි ශානුයි වොශ් එකක් දාගෙන නිදා ගන්න ගියා.
'බෝ' ශාන් මේ කතා කරන්නේ ඇදේ ඉන්න ගමන්
'හ්ම්ම්'
'අපි දෙන්නා රණ්ඩු වුන ඇද නේ ඔය'
'හ්ම්ම්'
'මං ඕකෙ නිදියලා ම නැති නිසා ඕකට එන්නම් නිදා ගන්න'
යීබෝට ශාන්ගෙ ප්ලෑන් එක තේරුනා
'ඉඩ ඇති වෙයිද ශාන්' යීබෝ හිනාව කා ගෙන ඇහුවා
'ඉඩ ඇති බෝ කොහොමත් ඔයා නිදියන්නේ මගේ ඇග උඩනේ' ශාන් යීබෝගෙ ඇදට ඇවිත් ඒ බෙඩ් ශීට් එක දෙන්නම වැහෙන්න පොරව ගන්න ගමන් කිව්වා.
යීබෝත් එයාට පහසු විදිහට ශාන්ව බදාගත්තා.
වෙලාව ගත වුනා , ඒත් යීබෝ නම් තව ඇහැරලා , නින්ද යන්න ආවත් බලෙන් ඇස් ඇරගෙන හිටියා.
'ශාන්' යීබෝ හෙමීට මිමිනුවා
'නිදිදෝ'
'හි..හී නින්ද ගිහින් වගේ' යීබෝ ශාන්ගෙ මූනට එබෙන ගමන් කිව්වා.
'මේ තියෙන්නේ මං ආසම දේ 'ශාන්ගෙ කටට පහලින් තියෙන මෝල් එක අත ගාන ගමන් කිව්වා. යීබෝ කරුවරට බය නිසා ටේබල් ලෑම්ප් එක ඔන් කරලා තිබුනේ, ඒකෙන් ශාන්ගෙ මූන පැහැදිලිව දැකගන්න පුලුවන් වුනා.
YOU ARE READING
𝐅𝐋𝐎𝐖𝐄𝐑𝐒 𝐁𝐋𝐎𝐒𝐒𝐎𝐌 [ᴢʜᴀɴʏɪ]✔
Teen Fiction[𝘾𝙊𝙈𝙋𝙇𝙀𝙏𝙀]✅ කැම්පස් එකේදි හම්බුන තරහකාරයෝ දෙන්නෙක් ආදරේ කරන්න ගත්තොත් ❤💚 𝙏𝙝𝙞𝙨 𝙞𝙨 𝙤𝙣𝙡𝙮 𝙛𝙖𝙣 𝙛𝙞𝙘𝙩𝙞𝙤𝙣 𝙙𝙤𝙣'𝙩 𝙘𝙤𝙢𝙥𝙖𝙧𝙚 𝙬𝙞𝙩𝙝 𝙧𝙚𝙖𝙡 𝙘𝙝𝙖𝙧𝙖𝙘𝙩𝙚𝙧𝙨 ________________________________________________________ U...