🅒🅗🅐🅟🅣🅔🅡 ➋⓿

876 184 26
                                    

දවස් දෙකක් ගත වුනා. යීබෝයි ශානුයි හිටියේ ලෙක්චර්ස් වලින් හෙම්බත් වෙලා , මේ වෙනකොට බිනුයි චෙනුයි  ගෙදර ගිහින් ඇවිත් වගේම චෙන්ට බින්ගේ ගෙදරින් කැමැත්ත හම්බෙලා තිබුනා.

'බො අපි ගමනක් යමු.'

'කොහෙද'

'පන්සල්'

'හා'

යීබෝයි ශානුයි පන්සලට ආව,පන්සල කියන්නේ හිත නිවන තැනක් , තමන් ආදරේ කරන කෙනා එක්ක පන්සල් එනවා කියන්නේ ඊට වඩා සතුටක්

'ශාන් '

'හ්ම්ම්'

'අපි බීච් යමු'

'දැන් හොදටම හවස් වෙලා බෝ'

'අනේ අප්පා යුනි එකේ අයිතිකාරයාගේ පුතා නේද , අපි ගිහින් එමුකො'යීබෝ නහයෙන් අඩන්න ගත්තා, කොහොමත් දැන් බීච් එක්ක ගියේ නැත්නම් මේක නතර වෙන්නෑ කියලත් ශාන් දැනගෙන හිටියා.

ශාන් යීබෝවත් එක්කන් බීච් එකට ආවා. හවසට බීච් එක ගොඩක් ලස්සනයි කියලා ශාන්ට හිතුනා. යීබෝ නම් කවදාවත් මුහුද දැකලා නැති පොඩි එකෙක් වගේ එහාට මෙහාට දුව දුව හිටියා.

ශාන් හිටියේ මුහුද දිහා බලාගෙන ලොකු කල්පනාවක

එයා යීබෝට ආදරේ කරනවා වගේම යීබෝත් එයාට ආදරේ කරනවා කියලා ශාන් දැනන් හිටියා, එත් මේ සම්බන්දේ දිහා ලෝකේ මොන විදිහට බලයිද, ලෝකේ හිතන දේට බබ්මු ගහගන්න කියලා ශාන්ට යීබෝව අරන් වෙන රටකට යන්න පුලුවන් ඒත් යීබෝගෙ ගෙදරින් මේකට අකැමති උනොත් මොකද කරන්නේ ශාන්ට පුලුවන්ද ගෙදරට බම්බු ගහගන්න කියලා යීබෝව ඇරන් යන්න , බෑ ශාන්ට එහෙම කරන්න බෑ , මොකද තමන්ගේ දෙමව්පියෝ තරම් ආදරේ කරන්න වෙන කාටවත් බෑ කියලා ශාන් දන්නවා , ඒ වගේම යීබෝගෙ මමායි පපායි යීබෝට කොච්චර ආදරේද කියන්නත් ශාන් දන්නවා, ඒ දෙන්නගේ සම්බන්දෙට ගෙදර අය අකැමති උනොත් එහෙම වෙන්නේ එයාලා හැදුන සමාජෙ එක්ක කියලත් ශාන් දන්නවා සමාජෙ කියන දේට ඕනම කෙනෙක්ට විශ ඇතුලු කරන්න පුලුවන් සමාජෙ කියන්නේ බයානක දෙයක් , යීබෝත් එයාගෙ කැමැත්තෙන් ශාන් එක්ක ආවයි කියමු ඒත් ඒ අම්ම තාත්තා විදින දුක කවදා හරි තමන්ට වගේම යීබෝටත් විදින්න වෙනවා මොකද අම්මෙක් ලේ දස මාසයක් කුසේ තියාගෙන ලේ කිරි කරලා පොවලා ලමයෙක් උස් මහත් කරලා හොදට උගන්නනේ සල්ලි වලට නෙමේ ලමයි කරන්නෙ වයසට යනකොට අම්මව තාත්තව බලාගන්න එක විතරයි සමහර අය එහෙමත් නෑ , දරුවෙක් දෙමව්පියන්ගෙන් වෙන් කරලා ජීවත් වෙනවට වඩා හොදයි දෙන්න වෙන වෙනම ජීවත් වෙන එක  , ඒත් ඒකෙන් ඉතුරු වෙන්නේ දුකක් කියලා ශාන් දන්නවා.ඒකයි ශාන් මෙච්චර යීබෝට ආදරෙයි කියන්න පසුබට වෙන්නේ, ඒ වගේම තමයි කවදාවත් තමන් ආදරෙයි කියනක්න් යිබෝ ආදර්‍යි කියන්නෑ කියලා ශාන් දැනගෙන හිටියා.

𝐅𝐋𝐎𝐖𝐄𝐑𝐒 𝐁𝐋𝐎𝐒𝐒𝐎𝐌 [ᴢʜᴀɴʏɪ]✔Where stories live. Discover now