🅒🅗🅐🅟🅣🅔🅡 ➊➋

983 209 14
                                    

'අහ් මේ ඉන්නේ , මං ඔයාව හැමතැනම හෙව්වා ශාන්'  යීබෝ කිව්වේ ශාන් ලගින් ඉද ගන්න ගමන් යීබෝ මෙච්චර වෙලාවක් හිටියෙ ශාන්ගෙ බලු පැටියා කියුටිත්  එක්ක සෙල්ලම් කර කර.

ශාන් හිටියේ ගාඩ්න් එකේ බෙන්ච් එක උඩට වෙලා ඈත අහස දිහා බලාගෙන ලොකු කල්පනාවක.

ශාන් ඔලුව විතරක් හරවලා යීබෝ දිහා බැලුවා.
'දැන් හරිද මගෙ කියුටි එක්ක සෙල්ලම් කරලා මහන්සිද' ශාන් හිනා වෙලා ඇහුවා.

'ඇත්තමයි ශාන් එයා නම් මරු සෙල්ලම් කරන්න'

'මට මේ ගෙදර තියෙන එකම සතුට තමයි ඒ' ශාන්ගේ වේදනාබර කටහඩ ඇහිලා යීබෝ කතාව වෙනස් කරන්න හැදුවත් ශාන් දිගටම කතා කරන්න පටන් ගත්තා.

'දන්නවද බෝ'

'හ්ම්ම්'

'කවදාවත් මේ ගෙදර මං සතුටින් ඉදලා නෑ' ශාන් කිව්වේ යීබෝගෙ උරහිසට බරවෙන ගමන් ,

ටික වේලාවක් දෙන්න අතර නිහඩතාවයක් පැවතුනා ශාන් තාමත් හිටියේ යීබෝගෙ උරහිසට හිස තියාගෙන

'ඔයා කවදා හරි අම්මගේ උණුහුම විදලා තියේද' ඒ ප්‍රශ්නෙට යීබෝ පුදුම වුනා , දැන් තමයි යීබෝටත් මතක් වුනේ ශාන්ට අම්මෙක් නෑ කියලා.

'මට අම්මෙක් ඉන්නවා ශාන්'

'හ්ම්ම් ,ඔයා නම් ගොඩක් වාසනාවන්තයි යීබෝ , දන්නවද මං කවදාවත් අම්මාගේ උනුසුම විදලා නෑ, මගේ මමා පපාව මැරි කරන්නේ බිස්නස් වලට මගේ පපායි මමාගේ පපායි දෙන්නම එකට බිස්නස් කරපු අය , ඒකෙන් තමා දෙන්න මැරි කරන්නේ , මගේ පපා ගොඩක් ගෑනු අය ආශ්‍රය කරන එක්කෙනෙක් තාමත් එහෙමයි , මං ඕන තරම් ගෑනු උදේට එයාගෙ රූම් එකෙන් එලියට බහිනවා දැකලා තියෙනවා , ඒවගේම මගේ මමාත් එහෙම කෙනෙක් , ඒ දෙන්න එකට හිටියේ සෙක්ස් කරනකොට විතරයිලු . ඒකෙ ප්‍රතිඵලයක් විදිහට තමයි මාව ලැබෙන්නේ , මමා ප්‍රෙග්නට් කියලා දැනගන්නකොට ඇබෝශන් කරන වයස පහු වෙලා , පපා කම්පැනිය බාර දෙන්න ලමයෙක් ඕනෙ කියලා ඉතින් මමා පපාගෙන් දේපල ඉල්ලලා ,මාව හම්බුන දවසෙවත් එයා මාව අතට අරන් නෑ , මට කිරි පවා දීලා තියෙන්නේ මේඩ්ලා , මමා බලලා තිය්ව්න්නේ එයාගෙ ෆිගර් එක ගැන විතරයි , ටික කාලෙකින් මමා පපාගෙන් ඩිවෝස් වෙලා , දැනට එයා 3න් පාරක් මැරි කරලාලු '

𝐅𝐋𝐎𝐖𝐄𝐑𝐒 𝐁𝐋𝐎𝐒𝐒𝐎𝐌 [ᴢʜᴀɴʏɪ]✔Where stories live. Discover now