ට්‍රිප් එක ගිහින් සතියක් ගෙවිලා ගියා. මේ සතියේ සිද්ද වුන වැදගත් සිදුවීම් වුනේ චෙනුයි බිනුයි affair එකක් පටන් ඇරගෙන තිබුනා , ඒ වගේම තමයි ඊගාව මාසෙ තියන කම්පෙටිශන් එකකට යීබෝටයි ශාන්ටයි එකට ඩාන්ස් කරන්න තිබුනා. යීබෝයි ශානුයි තමා කැම්පස් එකේ ඉන්න බෙස්ට්ම ඩාන්සර්ස්ලා දෙන්නා .
අද සිකුරාදා , බිනුයි චෙනුයි ෆිල්ම් එකක් බලන්න ගිහින් තිබුනා. යීබෝටත් තනියම කරන්න දෙයක් නැති එකේ යීබෝත් එලියට ගියේ අවශ්‍ය පොත් ටිකක් අරගන්නයි ස්කෙච් බෝඩ් එකක් ගන්නයි .
යීබෝ පාර අයිනෙන් යනකොට වේගෙන් වාහනයක් ඉස්සරහින් ආවා , ඒත් එක්කම අනිත් පැත්තෙනුත් ආපු වාහනයක් නිසා ඉස්සරහින් ආපු වාහනේ යීබෝට හිතන්නවත් නොදී යීබෝගෙ පැත්තට කැපුවා. යීබෝ එකපාරට අනිත් පැත්තට ඇදෙනවා විතරයි මතක , යීබෝගේ වටේට කලුවර වුනා.
.................................................................................
යීබෝ නැගිට්ටේ නාස් පුඩු වලට දැනෙන බෙහෙත් ගදයි , වටේට ඇහෙන ශබ්දයි එක්ක . තමන් ඉන්නේ හොස්පිටල් එකක කියලා නම් යීබෝට තේරුනා.
යීබෝ හෙමීට ඇස් ඇරලා බලද්දි වටේට බිනුයි , චෙනුයි තව කැම්පස් එකේ යාලුවෝ වගේකුයි වටේට හිටියා.
'උබට කොහොමද බන්' බින් යීබෝගේ අතක් අල්ලා ගෙන ඇහුවා.
'මට මොකද වුනේ බන් අනිත් පැත්තට ඇදෙනවා විතරයි මතක' යීබෝ කිව්වේ ඇදෙන් හාන්සි වෙන්න උත්සහ කරන ගමන් , බින් යීබෝට ඇදෙන් හාන්සි වෙන්න උදව් කලා.
'ඔයාව එතනින් ඇදලා ඇරගෙන තියෙන්නේ ශාන් , ඒත් ශාන් හැප්පිලා , උබට ශොක් එකට එතනම කලන්තේ දාලා , බින් ඒ උබට කෝල් කරනකොට තමා මනුස්සයෙක් කිව්වේ උබලා හොස්පිටල් එකේ කියලා , උබේ පැත්තට ආපු වාහනේම තමයි උබලව අරන් ඇවිත් තියෙන්නේ' චෙන් කිව්ව දේට යීබෝ පුදුම වුනා ,තමන්ගේ තරහකාරයා මෙහෙම දෙයක් කරයි කියලා නම් යීබෝ කවදාවත් හිතුවේ නෑ.
.........................................................................................
flashback....
ශාන් එලියට ආවේ එක්සයිස් කරන්න , හැමදාමත් ශාන් මේ වෙලාවට කැම්පස් එකෙන් එලියට ඇවිල්ලා එක්සයිස් කරනවා.
YOU ARE READING
𝐅𝐋𝐎𝐖𝐄𝐑𝐒 𝐁𝐋𝐎𝐒𝐒𝐎𝐌 [ᴢʜᴀɴʏɪ]✔
Teen Fiction[𝘾𝙊𝙈𝙋𝙇𝙀𝙏𝙀]✅ කැම්පස් එකේදි හම්බුන තරහකාරයෝ දෙන්නෙක් ආදරේ කරන්න ගත්තොත් ❤💚 𝙏𝙝𝙞𝙨 𝙞𝙨 𝙤𝙣𝙡𝙮 𝙛𝙖𝙣 𝙛𝙞𝙘𝙩𝙞𝙤𝙣 𝙙𝙤𝙣'𝙩 𝙘𝙤𝙢𝙥𝙖𝙧𝙚 𝙬𝙞𝙩𝙝 𝙧𝙚𝙖𝙡 𝙘𝙝𝙖𝙧𝙖𝙘𝙩𝙚𝙧𝙨 ________________________________________________________ U...