🅒🅗🅐🅟🅣🅔🅡 ➊➌

944 207 22
                                    

'බුදු අම්මෝ මාව බේරගනියෝ '
යීබො වොශ් රූම් එක ඇතුලේ ඉදන් මොර දෙනවා ඇහුනා , ඒ සද්දේ කොහොමද කිව්වොත් ශාන්ගෙ අතේ තිබ්බ ෆෝන් එකත් බිම.

ශාන් ඉක්මනට බාතෲම් එක ඇතුලට යද්දි දැක්කේ කොමඩ් එක උඩ නැගගෙන ඉන්න යීබෝව

'ඇයි බෝ මොකද වුනේ'

'අර ඌ මාව කයි' යීබෝ ඇගිල්ලෙන් පෙන්නුව දිහා ශානුත් බැලුවා , බලද්දි දැක්කේ බාත්ටබ් එක උඩ ඉන්න කුරුමිනියෙක්ව

'ආයිශ් බෝ ඔයා මේ කුරුමිනියට බයේද මරන්න හදනවා වගේ කෑගැහුවේ' ශාන් කුරුමිනියව විසික් කරන ගමන් ඇහුවා.

යීබෝ දිහා ටිකක් වෙලා බලන් හිටපු ශාන්

'ආ මේක ඇදගන්න' යීබෝගෙ තුවාය යීබෝට දික් කරන ගමන් කිව්වා ,දැන් තමයි යීබෝටත් වැඩේ මීටර් වුනේ මෙච්චර වෙලාවක් යීබෝ කොමඩ් එක උඩ ඉදන් රගලා තියෙන්නේ උපන් ඇදුම පිටින්

යීබෝගෙ කම්මුල් ලේ පාට වෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ. යීබෝ ඉක්මනින් තුවාය ඇදගෙන එලියටම දිව්වා.

'බෝ ඔයා නාලා ඉවරද' එලියට දුවන යීබෝගෙන් ශන් ඇහුවා.

'ලැජ්ජා හිතුනද දන්නෑ බෝට හරි ඉතින් මට බලන් ඉන්න බැරි නිසානෙ කිව්වේ ' ශාන් තනියම කියවමින් නා ගත්තා.

'ලැජ්ජාවේ බෑ , දැක්කද දන්නෑ , නෑ නෑ දකින්න ඇති එකානේ ටවල් එක දුන්නේ , දැන් කොහොමද මං මූන බලන්නේ' යීබෝ ඇදේ පෙරලි මෙ කල්පනා කරන්නේ , එකපාරට වොශ් රූම් එකේ දොර ඇරෙන සද්දේ ඇහුනා විතරයි යීබෝ මූන කොට්ටේ අස්සේ හංගගෙන නිදි වගේ හිටියා.

ශාන් වොශ් රූම් එකෙන් එලියට ඇවිත් යීබෝ දිහා බැලුවා , ශන්ට තේරුනා යීබෝ ඉන්නේ ලැජ්ජාවෙ බොරුවට නිදාගෙන කියලා.

'ක්ම්ම්...බෝ එන්න කන්න යමු'

'ඔයා යන්න මං එන්නම් ' යීබෝ මූන තවත් කොට්ටේට තද කරන ගමන් කිව්වා.

'මොකද බෝ වෙලා තියෙන්නේ අපි දෙන්නම යමු' 

'මට වෙලා තියෙන දේ මංනේ දන්නේ' යීබෝ හිතුවත් කියන්න ගියේ නෑ

එකපාරට ඇදෙන් පැන්න යීබෝ ශාන් දිහා බලන්නෙවත් නැතුව රූම් එකෙන් එලියට දිව්වා , ශානුත් හිනා වෙවී යීබෝ පස්සෙන් ගියා.

𝐅𝐋𝐎𝐖𝐄𝐑𝐒 𝐁𝐋𝐎𝐒𝐒𝐎𝐌 [ᴢʜᴀɴʏɪ]✔Where stories live. Discover now