11.Wht are u dreaming?😐

186 30 1
                                    

__________________________________________________

ඔව් දැන් ඔහුන් ඔහුන්ගේ වී අවසන්..නමුත් කෙසේද එවැන්නක් එකවරම ඉතාම පහසුවෙන් සිදු වන්නේ?

ජුන්ග්කුක්ගේ දෙමාපියන් නොමැති වූ නමුත් නම්ජුන්ගේ පියා ඔහුව තම දරුවා මෙන් රැකගන්නා බවට ජුන්ග්කුක් හට පොරොන්දු විය.එසේම නම්ජුන්ටද අවශ්‍ය වූයේ තම පෙර ආත්මයේ සොහොයුරා හට මෙවර නූල් රොදක තරම්වත් දුකක් හෝ කරදරයක් නොවී රැකගැනිමටයි..

ඉතින් නම්ජුන්ගේ පියාට නම් ඔහුන්ගේ ආදර සබදතා රහසක් නොවීය.
නමුත් ටේ ගේ දෙමාපියන් ඔහුන් කෙසේ හැසිරේවිද?

එදින ටේ හා ජෙනීගේ කතාබහෙන් අමතර ඇය නැවත ටේහියුන්ග් බැලීමට පැමිනියේ නැත.ඉන්පසු ඇය පැරිස් වෙත ගියේ තම මව්බිමේදි සිදු වූ සියලු අමිහිරි මතකයන් මකා දැමීමටයි..

මෙසේ කාලය ගෙවී ගියත් එක් ප්‍රශ්නයක් තිබිනි.
ඒ ටේ ගේ දෙමාපියන්..mr.kim හට මොහුන්ගේ සම්බන්දය සෙමෙන් කන වැකුනත් ඔහු තම පුතා පිලිබද විශ්වාස කලේ ඔහු පෙර ජෙනී විවාහ කර ගැනීමට කැමති වූ නිසයි..අහෝ mr.kim ගේ එම බලාපොරොත්තුවද බිදි ගියේ වීදුරුවක් බිදී ගියා මෙනි.ඔහු ටේගෙන් මේ සම්බන්දය විමසූ විට ටේ සත්‍යම තම දෙමාපියන්ට පැවසූයේ ඔහුට මෙම සත්‍ය තවත් වසන් කර පලක් නැති නිසා පමනක් නොව නුදුරු අනාගතයේ දීම මෙය සිදුවන බව ඔහුට ඉවෙන් මෙන් පැහැදිලි වී තිබූ නිසයි.

P : පුතා ඔයා වැඩක්ද

🐯 : නෑ පපා ඇයී

ටේ තම නිදන කාමරයේ සිටම කෑ ගසාගෙන පහලට පැමිනියේ තම පියා ගැන හොදින්ම දන්නා බැවිනි.එනම් පපා එක්වරක් කතා කරන විටම තමා පැමිනිය යුතුයි..පපා විටෙක දරුණු වූයේ ටේ මුරන්ඩු වූ විටය.තවත් විටෙක ඔහු ඉතාම ආදරණීය පපා ලෙස හැදින්විය හැකිය..

එසේම ඔහුගේ මව ඉතා අහිංසක චරිතයක් උන අතර ඔහු කිසිවිටකත් තම එකම පුතුට පහරක් හෝ ගැසීමට නොසිතුවාය.
ටේ කිසි දිනෙක කිසි ලෙසක තම දෙමාපියන්ගේ සිත් රිදවීමට හෝ නොසිතුවේ ඔහුද තම පණ මෙන් ඒ දෙදෙනා රැකගන්නා බැවිනි.
ඒත් දැන් ඔහුගේ ජීවිතයට තව අයෙක් එකතු වී ඇත.ඉතින් මේ සෙනහස බිදී යාවිද?

Rainy with Love💋  Completed (⚡✔️)Where stories live. Discover now