03.I love u

401 71 6
                                    


🐰💥
එයා එක දවසක් ඒ බස් හොල්ට් එකේදිම මගේ දිහා බලන් ඉදියා.ඔව්..දැනුයි මට මතක් උනේ මාත් එයාව ආයේ හෙව්වත් මගේ එස්සෑම් ජොබ් හොයන ඒවා නිසා ඒක එහෙන්ම මට අමතක වෙලා ගියා..

ඒත් එයා මගේ වැඩ වලට උදව්වක් වෙන එකක් නම් නෑ.එයා මට වඩා අවුරුදු 2ක් 3ක් වැඩි ඇති පොඩි බබෙක් වගේ😏

එහෙම හිතන ගමන්ම මන් ගියේ මගේ රූම් එකට.මගේ රූම් එකේ වොශ් රූම් එක ඇතුලෙන් තව දොරක් තිබුනා.ඇත්තටම ඒක මන් විතරක් දැනන් හිටපු දෙයක්.

මන් ඔයාලට කියුවනේ මම හැදුනේ අනාත නිවාසෙක ඒත් ඔයාලා හිතන තරම් මේ කුකී අහිංසක නම් නෑ.

මොකද මම මගේ මමායි පපායි ගැන අහන හැම වෙලේම අපේ මැඩම් ඒක කතා කරන එක නැවැත්තුවා හරියට ඒක එයා කතා කරන්න අප්‍රිය දෙයක් වගේ ඒක නිසා මන් අවුරුදු 18 උන ගමන්ම මගේ කියලා ගෙදරකට ආවා.මොකද මට ඕන උනා එයාලා මගෙන් හංගන ඇත්ත දැනගන්න අනික මට අයිතියක් තිබුනා මගේ මමා පපා කවුද කියලා දැනගන්න.

එයාලා මට මෙච්චර සල්ලි ඉතුරු කරලා ගියානම් එයාලා මට කොච්චර ආදරේ කරන්නැද්ද?
ඒ වගේම මේ රුම් එක ඇතුලේ මට ඕන හැමදේම තිබුනා මම තනියෙන් තුවක්කු වලින් වෙඩි තියන්න පවා පුරුදු උනා.
මේ අවුරුදු දෙකටම මට හොයාගන්න පුලුවන් උනේ මගේ මමාලගේ පොටෝ එකකුයි නමුයි  විතරයි ඒත් ඒක මට මහමෙරක් තරම් උනා.

පොඩි කාලේ මන් දැනගනිපු විදියට මගේ මමාලට උනේ ඇක්සිඩන්ට් එකක් බ්‍රේක් කැඩුනු ටිපර් එකක් එයාලව යට කරන් ගිහින් තිබුනා.මන් කෝමද බේරුනේ කියන එක අදටත් අභිරහසක්..ඒත් මන් මේ දේවල් හොයද්දී තව කෙනෙක් මට උදව් කරනව කියලා හිතෙනවා.ඒ කවුද කියලා හොයන්න මන් උත්සාහ කරත් මට ඒක බැරි උනා.මොකද මට මෙච්චර කාලෙකට තේරිලා තිබුනේ කවුරුහරි මාව follow කරනවා කියලා..ඒත් කවුද.?

එයා ඇයි එහෙම කරන්නේ..

ඇත්තම කියුවොත් ගොඩක් තැන්වලදි එයා මාව ආරක්ශා කරා කියුවොත් හරි.දවසක් මගේ යුනිවර්සිටි එකෙන් එලියේ සීනියර් සෙට් එකක් මට ගහන්න ඉන්නවා කියලා ආරංචියක් ආවා.මගේ යාලුවෝ හැමෝම බය වෙලා හිටියේ මොකද උන්ගේ පපාලා මාෆියා වල උන් නිසා බට් මේ කුකී නම් බය කියන දේ දන්නෙවත් නෑ.ඒත් මන් යුනි එකෙන් එලියට යද්දී උන් සේරම වැටුනු වැටුනු තැන් වල ලේ පෙරාගෙන හිටියා.ඒ විතරක්ද උන් සේරම වැද වැද මගෙන් සමාව ඉල්ලුවේ.

Rainy with Love💋  Completed (⚡✔️)Where stories live. Discover now