ටු මයි ලව්ලි කුකී

740 123 39
                                    

එදා මං අපාට්මන්ට් එකට ආවෙ කොහොමද කියන්න මං අදටත් දන්නෙ නෑ. මොන දේ උනත් හොබීයි ටේ හ්‍යොංවුයි දෙන්නම මාත්තෙක්ක හැමතිස්සෙම හිටියා.. එදා ඉදන් මාස ගානක් යනකල් වෙච්ච දේවල් ගැන මට හරි මතකයක් නෑ..

ඒත් හොස්පිට්ල් එකක්, ඩොක්ටර්ස්ලා, බෙහෙත් මහ ගොඩක් වගේ සමහර තිත්ත මතක හීනෙන් වගේ විඩෙන් විඩේ ඉලිප්පෙන මතක අස්සෙ තිබිලා හිටපු ගමන් එළියට පනිනවා..

"කුකී බබා අපි යන්න හදන්නෙ. ඔයාට හොදටම විස්වාසද යන්න ඕනෙ නෑ කියලා ම්?"

ඒ ජින් හ්‍යොං. ටේ හ්‍යොංගෙ හ්‍යොං. එයා ඩොක්ටර් කෙනෙක්.. මං වගේ අයට බෙහෙත් කරන ඩොක්ටර් කෙනෙක්. මාව කන්ට්‍රෝල් කරගන්නම බැරි උන තැන එයාලා මාව මෙහෙ ගෙනත් නවත්තලා.. ටේ හ්‍යොංවුයි හොබියි ඉන්නෙත් මෙහෙ. අපි ඔක්කොම ඉන්නවා මගෙ නපුරා විතරක් නැතුව.

අද වෙද්දි එයා නැතිවෙලා අවුරුද්දකුයි මාස හයක්ම ගෙවිලා. හ්‍යොංලා උදේම එයා වෙනුවෙන් හදපු සොහොනට යන්න ලෑස්ති වෙනවා.. එයා මැරුණයි කියන දේ මට තාමත් විශ්වාස නෑ. මට විස්වාස කරන්න ඕනෙත් නෑ.. ඔයාට එහෙම යන්න බෑ.. මට පොරොන්දුත් උනානෙ දාලා යන්නෙම නෑයි කියලා.. ඔයා මේ කොහෙ හරි ඉන්නවා මැණික මට දැනෙනවා ඒක.

"හරි එහෙනම් කෑම කාලා බෙහෙත් බොන්න කූ.. හොබී ඔයා එක්ක ඉදියි. අපි ගිහින් ඉක්මනට එන්නම් ම්..."

ලොකු කල්පනාවක් එක්ක සාලෙ මැද්දෙ තියන චිමී හ්‍යොංගෙ ෆොටෝ එක ඉස්සරහට වෙලා ඒ මූණ පුරාවට ඇඟිලි තුඩු එහෙ මෙහෙ යව යව හිටපු ටේ හ්‍යොං මං ලඟට ඇවිත් හරි පරිස්සමින් ඔලුව අතගාන ගමන් කිව්වා. මං අසරණයෙක් වගේ ඔලුව හෙල්ලුවා..

"කුකී එළියෙ සීතලයි ඇතුළට එන්න.."

ටේ හ්‍යොංලා ගිහින් ටික වෙලාවකට පස්සෙ හොබී ඇවිත් මාව ගේ ඇතුළට එක්කන් ගියා.

මේ ජීවිතේ ඕනෙවටත් වඩා ඒකාකාරී.. හ්‍යොංගෙ බැනුම් නැතුව ඒ සුවඳ නැතුව මට පාළුයි. කොච්චර කට්ටිය මං වටේට හිටියත් හැමතිස්සෙම පපුව හූරගෙන යන අසරණකමකින් පාළුවකින් මාව වෙලාගන්නවා වගේ මට දැනෙනවා.. එතකොට පිහියකින් පපුව මැද්දටම ඇනගෙන ඇනගෙන යන්න හිතෙනවා.

Love Me Like You Do || Complete || ✅Where stories live. Discover now