පරවියාව අරන් ගෙදර ආපු කුක්ට දකින්න හම්බුනේ වහපු දොර එක්ක එයාගෙ ගෙදර..තමන් ළග තිබ්බ යතුරෙන් දොර ඇර ගෙන කාමරේට ගිහින් එහෙමම තැනක් බලල කුඩුව එල්ලුව.... ටිකක් වෙලා පරවියා දිහා බලන් ඉදල ආයෙම පහලට ඇවිත් උගෙ කෑමත් කූඩුවට දාලා පරවියා දිහාම බලන් ඇදෙන් ඇල උනා... වෙනද ඇකඩමි එකේ එයාගෙ චූටි බට්ටො ටිකට dancing part උගන්නන කුක්ට කම්මැලි කමයි සතුටුයි මිශ්‍ර උන ලස්සන හැගීම් ගොන්නක් එක්ක එහෙම ම නින්ද ගිය ....
හැබැයි එයා නොදැක්ක එක දෙයක් තිබ්බා .. ලස්සනයි කියල හිත ගිහින් අරන් ආව කුරුලු පැටියගෙ ඇස් .... කදුළු බිංදු දෙක තුනක් එක්ක දිලිසුන රත්තරන් පාට අහිංසක ඇස් ... දැනුන නිදි මතත් එක්කම කුක්ට මග ඇරුන දේ .....
හවස් වෙන්න වෙන්න ඔක්කොමල ගෙදර ආවත් ඔක්කොම පුදුම බඩගනී කන්න ඕන ගාගෙන බෙරිහන් දෙන කොල්ල නැති නිසා ... ඒ මොනා නැතත් හොප්වීමින් ත්‍රිබලට නම් ඕන උනේ ජන්කුක් ගෙනාපු කුරුල්ල මොකාද,මොන පාටද කියල දැන ගන්න ...දුවන්න ගියපු කොල්ලො තුන්දෙනා ජින්ට අහු උනේ ආපහු එයාලගෙම රූම් වලට එලවද්දි...
උයන්නත් ඔක්කොම ලෑස්ති කරපු ජින් යුංගිට ගිහින් කුක්ව බලන්න කීවෙ ආයෙත් නිදා ගන්න ලෘස්ති උන නිසා ...
(කුක්සන්ගෙ කාමරේ 🙂...මටත් ඕන මෙහෙම රූම් එකක් 🥺)
දොර ඇරන් ඇතුලට ගිය යුංගි ගෙ ඇස් වලට මුලින්ම හම්බුනේ ඇද ලගටම වෙන්න තිබ්බ කූඩුව...ඊලගට එයාගෙ ඇස් නැවතුනේ කුකීගෙ මූණ දිහා එක එල්ලේ බලන් ඉන්න පරවියාව ..
ඊළග තප්පරෙ පරවියාගෙයි යුංගි ගෙයි ඇස් එකට ගැටුනෙ තප්පර ගානකට ...යුංගි උත්සාහ කරා ඒත් එයාට බැරි උනා ඒ රත්තරන් පාට ඇස් වල කිව කතාව .... ටික ටික හද එලිය කාමරේට එද්දී ඒ ඇස් වල වෙනස තේරුම් ගන්න යුංගි උත්සාහ කරෙ නෑ.. මොකද ඊලගට එයාගෙ ඇස් ගියා එයාගෙ චූටි මල්ලි ලග ... බාගෙට ඇරුණු කටෙන් පේන හා දත් දෙක ...යුංගිව අවුරුදු ගානක් ආපස්සට ගියා...[ එයා 🥺].
ආයෙත් ඔලුව ගසල කලින් පෙනුම අරගත්ත යුංගී ජන්කුක් ගෙ ඇගේ තිබ්බ බෙට්ශිට් එක ඇදලා දාලා කෑ ගැහුවෙ ඇද අයිනෙ හිටපු ජන්කුක් එහෙමම බිම වැටෙද්දි....
" යා ... මොකක්ද ඒ කලෙ ... තව ටිකෙන් කොන්ද කැඩෙනවනෙ..."
" ඒ මගුලෙන් වැඩක් නෑ මෙහෙ එනව යන්න . ආ ඔය පරවියා අරන් වරෙන් අරුන් කෙල හල හල ඉන්නෙ ඕකව බලන්න ..."
"හලේ යුංගි හියෝන් "
එහෙමම කෑ ගහන් කූඩුවත් අරන් කොල්ල පහලට ආවා.. හැබැයි ඒ මොහොතේ පරවියා ගෙ ඇස් වල තිබ්බ සෑනසීම් සහගත බව කවුරුත් දැක්කෙ නෑ "
-----------------------------------------------------------
හලූ 😁👋..
කෝමද 😊... ඔන්න ඔයාලගෙ වීරයා කතාවට එන්ටර් වෙන්න ලගයි 🤗😂..
වැරදි තියේනම් සොලි 🥺...
කමෙන්ට් එකක් දාල්ලෝ 🥺❤️....
📝 ChocoBunny 🍫🐰 ✨
YOU ARE READING
My Girlfriend Is a Bird 🕊️[Complete]
Fantasyකලු පාටට පෙම් බදින ශේවේත වර්ණ කිරිල්ලයකගේ හා නර්තනය ජීවීතය කර ගත් මනුෂ්යයකූගේ කතාව ......🌒🖤