"ජබුංකූ අනේ හිමින් යන්නකෝ ... මගුල. .. මට ඔහෙට වගේ පත ඇගක් එක්ක දිග කකුල් නැ . අනික මගේ ඇඟ රිදෙනව.."
මූණත් පොල් ලෙල්ල වගේ දෙක කරන් එදා වගේම බර අඩි තිය තිය යන ජන්කුක් පස්සෙ දුවන ගමන් බර්ඩි කෑගහනවා... ඒත් ඉතිං ජන්කුක් නෙමේ එක තප්පරේකට නැවතුනේ.. ජන්කුක්ට තරහයි. වෙන මොකටවත් නෙමෙයි. එයා එපා කියපු දේ කරපු නිසා.ආදරවන්තයෙක් විදියට එයා විතරයි දන්නේ එවෙලේ එයා බය උන තරම. ඒ පපුව ගැහුන තරම් ..
"අහ් , කොන්ද බහිනව බර්ඩි බිමට. මට තමුසේ පේන්න බෑ "
පිටිපස්සෙන් දුවන් ආපු කෙල්ල නොහිතපු විදියට කොල්ලගේ කරට පැන්න පාරනම් කොල්ලට හික් ගෑවුන .. දෙසැරයක් බිම දාන්න හැදල එක පාරට කෙල්ල වැටෙන්න ගිය සැරේ නම් කොල්ල පට ගාල කෙල්ලව තද කරල අල්ලගත්තා ..
"මොකෑ ඇල්ලුවේ .. දැන් එපා කීවේ වැටෙන්න දෙන්නන තිබ්බෙ හුහ්...🙄💔"
කෙල්ල එහෙම කීවේ කටින් පයින්න ගිය හිනාව හිර කරන් .. මොකද කෙල්ල දන්නව එයාව ජන්කුක් වට්ටන්නෙ නැති බව ..
" අනේ අල්ලන්න වැඩේ නෙ .. වැටිලා අන්ඩක් කැඩුනාම මංම එපෑ බෙහෙත් කරන්න .. තව අර ජින් හයෝන් එහෙම මරන් කන්න හදයි මාව ..."
දෙන්නම රණ්ඩු වෙවීම කාර් එකෙන් ගෙදර ආව ..
°°°°°°°°°°°°°°°°°°°
Time pass ~~~~
කාලය ගෙවුනේ හරිම වේගෙන් ඒ කාලෙ ඇතුලත බර්ඩිට ඊරිසියා කරන්න නම් කට්ටිය වැහි වැහැලා හිටිය .. මේ වෙද්දි ඇකඩමි එකේ හොදම ඩාන්සර්ස්ල උනේ ජන්කුක්, බර්ඩි දෙන්න ...
ඒත් කෝ සතුට .. හැමෝටම සතුට බෙදපු බර්ඩිගෙ සතුට .. වෙනද කොල්ලො හත්දෙනාගෙ හිනාවෙන් පිරුනු ගේ අද එයාලට හිනාව ගෙනාපු කෙනා වෙනුවෙන් හිනාව දෙන්න උත්සාහ කරනව... ඒකට හේතුව කවුරුත් නෙවෙයි යූවී ...
යූවී පාවිච්චි කලා හැමෝගෙම සතුට ...
කාලයත් එක්ක යූවි කෙල්ලව මගහරින්න ගත්තෙ ඔක්කොම පුදුම වෙද්දි.... දවසක් බර්ඩිගෙ ඇස් ඉස්සරහම යූවී වෙන කෙල්ලෙක් ව කිස් කරේ කෙල්ලගේ මුළු හිතම කඩලා ... සද්දයක් නැතුව තනියම ගෙදර ආපු කෙල්ල එයාගේ ජබුංකූත් නැතුව තනියම නිදාගත්තෙ කන්නවත් ඇහැරින්නෙ නැතුව..
YOU ARE READING
My Girlfriend Is a Bird 🕊️[Complete]
Fantasyකලු පාටට පෙම් බදින ශේවේත වර්ණ කිරිල්ලයකගේ හා නර්තනය ජීවීතය කර ගත් මනුෂ්යයකූගේ කතාව ......🌒🖤