part 15 🕊️

95 26 0
                                    

ගෙවුන කාලය හ්ම්....... ඒක හරි සුන්දරයි... ඇත්තටම ඒ කාලෙ ගොඩක් ලස්සන හුරතල් දේවල් වලින් පිරිලා අදටත් ... තවමත් හැමකෙනාගෙම හිත් එහෙමයි... හැමෝටම හම්බෙන හදවත එක වගේ එකම රිද්මෙට ගැහුනට ...හිත කියන එක එක එක්කෙනාට වෙනස්... ටිකක් එහෙම නැත්නම් මහා පරිමාණ විදියට... කවුරුත් නොදන්න විදිහට මාස හයකට කලින් බර්ඩි හිතට  ඇතුළු උන ආගන්තුක හැගීම් හරි අපුරුවට එයා ගලපන් දලු දාන්න ඉඩ දුන්න ... නොදැනුවත්වම එයාගෙ ඇගේ වැදුන හැඩි දැඩි පිරිමියා  බර්ඩිගේ මුළු හිතම පුරවල තිබ්බ.....

ඒක එහෙමයි වෙද්දි ත් තාමත් බර්ඩි ගේ හදවත නම් එක්කෙනෙක් ඉස්සරහ විතරක්ම රේස් තියන්න පුරුදු වෙලා හිටියා....

තව අතකින් තමන්ගේ මුලු ලෝකෙම ලස්සනට වෙනස් වෙලා හැඩ වෙලා , පරිණත වෙන විදිහ නිහඩවම රස වින්ද කෙනෙක් හිටියා...හදවතයි හිතයි දෙකම එකම කෙනාටම දීපු කෙනෙක් ලස්සන හීනයක් බොද වෙනව අවංක හිනාවෙන් බලන් හිටියා... වෙන කවුරුත් නෙවෙයි අපේ ජන්කුක්... ජින් හයෝන්ගේ... නැත්නම් අනිත් හයෝන්ලගේ චූටි කුකී... අවුරුදු 24 ට කුරුල්ලෙක් ඕන කියලා අඩපු කුකී.. අදටත් කිසිම වෙනසක් නොපෙන්ව ලස්සනම හිනාව හැමෝටම දිදී එයාගේ හිතෙයි,හදවතෙයි දළු දාපු හැගීම් එහෙම වල දාගන්නව ...

" ජබුංකූ ස්්් මේ මේක හොදයිදෝ... අද යුවී එනව කීව... අවුල් ද මේ ඇදුම... මේ බලන්න මගෙ තටු පේන්නේ නෑ නෙ.."

දුර ඈතක හිටපු ජන්කුක් ගැස්සිලා ගියේ කෙල්ලගේ සද්දෙට..යුවී හ්ම්.. කුක් ට අනුව නම් එයාගේ ලෝකෙම උදුර ගත්ත   රාක්ෂයා ... හැබැයි ඉතින් බර්ඩිගේ හිත ගත්ත කෙනා ... ඉතින් දැන් ජන්කුක් මොනා කරන්න ද... අදත් වෙනද වගේම යුවී ඉස්සරහට යන්න කෙල්ලව උපරිම ලස්සන කරල ඇන්දුව.. හැමදාම වගේ ජන්කුක් බර්ඩි නිසා අඩියක් පස්සට තිබ්බ...

"ඔන්න හරි ඔය ඉන්නෙ සුපිරියට ...යුංගි හයෝන්ටත් කියල යන්. අද ගෙදර එයා ... මං ඇකඩමි එකට යනව ඔයාව දාල වෙලාවට එන්න ඕන හරි.."

" හරි හරි යමු අනේ ....යුංගී ඔප්පා මං යනෝ..."

" ඔහ් හරි කෙල්ල.. පරිස්සමින්...  ආදරේ කරා වගේම මතක තියාගන්න ඔයා කෙල්ලෙක්..ඒ වගේම ඔයා වෙනස් බර්ඩි බබෝ.. හරිද .."

My Girlfriend Is a Bird 🕊️[Complete]Where stories live. Discover now