රෑ දොලහ කණිසම වැදුනේ ජන්කුක්ගෙ කාමරේ ඇතුලට හද එලිය නො අඩුව එද්දි..සරාස් ගාන සද්දෙකුත් එක්ක කූඩූවේ ලස්සන සුදු පරවියා එලියට ආවේ රත්තරන් පාට ඇස් වල වේදනාත්මක කදුළු ගලද්දි... එච්චර සිද්ධියක් වෙද්දි ජන්කුක් නම් ඇදේ පෙරලි පෙරලි නිදි.. එන්න එන්නම පරවි පැටියා ලොකු උනේ හරිම පුදුම විදිහට... ඒ සිද්ධිය කොහොම උනත් එයාට ඒකෙන් ලොකු වේදනාවක් ඇති වෙනවා කියලනම් පැහැදිලි...නොනවතින කදුළු එක්ක පරවියා මනුස්ස ස්වරූපයක් ගත්තෙ හිතා ගන්න බැරි විදිහට... මේ අතර ඇදේ එහා කෙරවලේ ඉදන් මෙහා කෙරවලට පෙරලෙමින් හිටපු ජන්කුක් ගැස්සිලා ඇහැරුනේ එයාගෙ කාමරෙන් අඩන සද්දයක් ඇහෙන නිසා...එහෙමම පරවි කූඩුව දිහා බලපු කොල්ලට නම් ඇගෙන් හින් දාඩිය දාන්න ගත්තේ... ලොකු තටු දෙකකින් තමන්ගේ නිරුවත වහ ගන්න දගලන කෙල්ල දැක්කම ... ඒ සැනින් ඇදෙන් බැස්ස කොල්ල කූඩුව ලගට ගියේ ලග තිබ්බ රෙද්දකුත් ඇරන් ..සැක නිසාම ඈත තියා රෙද්ද කෙල්ලගේ ඇගට විසික් කරල බැලුවෙ එයාගේ පරවි පැටියව ..... කොල්ලගෙ ඇස් රතු වෙලා නහර ඉලිප්පෙන දිහා අර කෙල්ල බලන් හිටියෙ බය වෙලා...
" කොහෙද කියපන් මගෙ පැටියා.."
මෙච්චර වෙලා එතන උන කිසි දෙයක් දන්නෙ නැති ජන්කුක් එයාගෙ පරවියා කොහෙද ඇහුවෙ එතන ඉන්න අමුතු ජීවියා පරවියාව කෑවා කියලා හිතලා.." මං.... මත අමාලුයි ..."
හුරතල් කට හඩකින් එහෙම කියපු කෙල්ල එහෙම ම ඉස්සරහ හිටපු ජන්කුක්ගෙ ඇගට බර උනෙ ඇස් පියවිලා යද්දි.." යාආආ ඒයි අමුතු කෙල්ල මෙ ...ශිට් කොහෙන් පාත් වෙලාද මන්දා..මගෙ පරවි පැටියත් ගිල්ල.. හෙට උදේට ජින් හයෝන් දැක්කොත් මල කෙලියයි .."
කියුට් දෙයියනේ... පරවියාව ගිල්ල කියල හිතන්න බෑ නෙ අයිශ් ඒක අහන්න සිහිය ගන්න එපැයි..
තනියම කියව කියව කෙල්ලට වතුර ඉස්සෙ කෙල්ලගේ කටෙන් කෙදිරියක් එක්ක සිහිය එද්දි..
"හ්ම් හරි පිහාටු කෙල්ල මට දැන් කියන්න පුළුවන් ද ඔයා කවුද කොහෙන්ද කො මගේ පරවියා කියල ..ම් "
කොල්ල ටිකක් හොදින් ඇහුවෙ එයාට අමුතු කෙල්ල බය කරන්න උවමනාවක් නැති නිසා..
" ම්..... ම... මං එයා "
"හෑ ... මොකක් ..ඔ- ඔයා දැන් ම-මට කියන්නේ මගෙ කූඩුවෙ හිටපු පරවියා ඔයා කියලද.."කොල්ලට හුස්ම ගන්නත් අමතක වෙලා ගියේ ඒ කතාවට කොහොම විශ්වාස කරන්නද දෙයියනේ තමන් ආසාවෙන් ගෙනාපු කුරුල්ල මනුස්සයෙක් වෙලා කීවම..අනික එයාගේ හියෝන්ල .. කොල්ල මොනා කියන්නද එයාලට ... ප්‍රශ්න තොගේක පැටලුන කොල්ල ආයමත් ඒකම ඇහවේ හොදටම ශූවර් කර ගන්න ... ආයෙමත් කෙල්ල ඔලුව ගැලවෙන්න තරන් හෙල්ලුවේ ඒ එයා කියන්න ...
"හරි දැන් මං කොහොමද ඒක පිළිගන්නේ ...🤨.."
ටිකක් වෙලා කල්පනා කරපු කෙල්ල.. කොල්ලො ඇගට දාපු ශීට් එක පහලට කාරේ කොල්ල ඇස් වහන් බෙරිහන් දෙන්න ගනිද්දී..
"යා යා මොකද ඔය කරන්නෙ ආආ.. ඒ සැරේ මොකද අතින් අදින්නෙ ආආ.."
"ඇස් අලින්න "
" තමුසෙ මාව රේප් කරන්නෙ එහෙම නෑ.."
බොරුවට කෑ ගහන ගමන් ඇස් ඇරපු ජන්කුක් ට කටේ වචනත් එක්ක හිර උනේ ඇදේ ඉදන්ම කෙල්ල තමන්ගෙ සුදු පාටින් දිලිසෙන ලොකු තටු දෙක දිගෑරපු නිසා ....නෑ ඒක ලස්සනයි නෙමෙයි ඒක ඇත්තටම වශි වෙන විදිහෙ ලස්සනක් ..
-----------------------------------------------------------
හලූ බබාලා ..🤗♥️
කෝමද අද කතාව 🥺💕.. අඩු පාඩු තියේනම් කියල්ලෝ 😙..
එහෙනම් බායි 😁👋
කමෙන්ට් කලන් යල්ලෝ 🥺❤️
📝 ChocoBunny 🍫🐰✨
YOU ARE READING
My Girlfriend Is a Bird 🕊️[Complete]
Fantasyකලු පාටට පෙම් බදින ශේවේත වර්ණ කිරිල්ලයකගේ හා නර්තනය ජීවීතය කර ගත් මනුෂ්යයකූගේ කතාව ......🌒🖤