ජිවිතේ කියන එක එක එක්කෙනාට වෙනස්... ඒ අතරින් අපේ ජන්කුක්ගෙ ජිවිතේ නම් වෙනස්ම එකක් ... වෙනස් නෙමේ ඒක මේ ටික වෙලාවට විකාරයක් ම වෙලා ගිහින් ... වෙන මුකුත් නිසා නෙවෙයි ජියෝන් බර්ඩි නිසා .. අහ් ජියෝන් බර්ඩි වෙන කවුරුත් නෙවෙයි මෙ අපේ පරවි කෙල්ල .. කෙල්ලට නමක් නැති නිසා කොල්ල වෙනම වෙලාවක් අරං කෙල්ලට දාන්න නමක් හිතුව ... හැබැයි ඒ ටික වෙලාවට කල්පනා ලෝකේ ගිලුන ජන්කුක් ආයෙම මේ ලෝකෙට ආවේ බඩු පෙරළෙන සද්දෙකට .. එවෙලේ ඉදන් තමයි ජන්කුක්ගෙ ජීවිතේ කනපිට හැරෙන්න ගත්තෙ ..පහලට ගියපු ජන්කුක් ට නම් දකින්න පුළුවන් උනේ එච්චර හොඳ දර්ශනයක් නම් නෙමෙයි.. පිටි ටින් එක සම්පූර්ණයෙන්ම ඔලුවෙ ඉදන් හලන් ජන්කුක් ගේ ආසම කූකීස් කන ගමන් වැටිච්ච කිරිපිටිත් ඇගිල්ලෙන් ලෙව කන කෙල්ලව දැක්කාම නම් කොල්ලටල එලෝ පොල් පෙනුනා...කොල්ලට මැවිලා පෙනුනා ජින් හියුන් එයාට අර ලස්සන රෝස පාට පෑන් එකෙන් පස්ස රත් කරන විදිහ.. ඒත් මොනවා කරන්නද කෙල්ලට මුකුත් තාම තේරුම් ගන්න බෑ මොකද එයාට තාම සාමාන්‍ය මනුස්ස ජීවිතයට අලුත්.. කෙල්ලට බනින්නත් හදල ආයෙම කට වහන් කෙල්ල ලගට ගිහින් ආයේ එහෙම කරන්න එපා කියන ගමන් ආයෙමත් කෙල්ලගෙ ඔලුවට සෝදල ඇදෙන් ඉන්දවලා පහලට ගියෙ කිචන් එක අස්කරන්න..
" ජබුංකූ ඔයා කොහෙදෝ..."
අහ් ජබුංකූ කියන්නේ ජන්කුක්ට ... කෙල්ලට කොච්චර නම කියල දුන්නත් තාමත් කියවෙන්නේ ජබුංකූ කියල 😂..
" මෙහෙ .. ඒ සැරේ මොකක්ද..."
" අහල්ලකෝ ජබුංකූ මේ මෙ බෝතලේ එක සූදයිඉඉඉ... ඇරල දෙන්නකෝ අනේ..."
"අහ් ඔන්න හරි ඕක වාශ්ප වෙයි හොදද.."
"හරි"
ඊළග තප්පරේ බර්ඩි ගෙ සද්දයක් නැති නිසා බලපු ජන්කුක් කෑ ගහගෙන කෙල්ල ලගට දීව...
" තමුසෙට පිස්සුද ඕයි..ආආ මැරෙන්න ද හදන්නෙ .. උදේ ඉදන් වද දෙන එකේ ඉවරයක් නෑ මගුල"..
කෙල්ල දුවගෙන ඇවිත් කොල්ලට කියල ඇරගත්ත පර්ෆියුම් බෝතලේ කටේ ගහන් බොන්න හදනව දැක්කාම නම් කොල්ලට මාරයා ආවේස උනා ..නෑ කොල්ල ඊට වඩා බය උනා .. බැරිවෙලා හරි පෙව්නනම් .. කොල්ලට ඒක ගැන් නම් හිතන්නවත් බැරි උනා.. පපුවත් එක්කම මොකක්ද වෙලා යද්දි කෙල්ලට කෑගැහුව කොල්ල බර්ඩි අතේ තිබ්බ පර්ෆියුම් බෝතලේ අරන් පොලේ ගැහුව. තද කරල ඇස් පියා ගත්ත කොල්ල ආයේ ඇස් ඇරියේ ඉකි ගහන සද්දෙට..
YOU ARE READING
My Girlfriend Is a Bird 🕊️[Complete]
Fantasyකලු පාටට පෙම් බදින ශේවේත වර්ණ කිරිල්ලයකගේ හා නර්තනය ජීවීතය කර ගත් මනුෂ්යයකූගේ කතාව ......🌒🖤