සමහර වෙලාවට දුප්පත් එකෙක්ගෙ ප්‍රශ්න කියන්න ඕනෙ දුප්පත් එකෙක් එක්කමයි
සල්ලි තියෙන එකෙක් එක්ක ඕව කතාකරාම උන් අපිට අනුකම්පා කරලා හිගමන් දෙනව වගේ කීයක් හරි දෙන්න ට්‍රයි කරනව
අනුන්ගෙ න් හිගා කන්න දුප්පත් උනාට මම කැමති නෑ
ඒක නිසා මගෙ සල්ලි ප්‍රශ්න ගැන මම පවන් එක්ක කතා කරන්නෙ නෑ ඌ මගෙ හොදම යාලුව උනත්
මම මගේ එහෙම ප්‍රශ්න කතාකරන්නෙ ජෙමා එක්ක
ඌත් මම වගෙ හරිම අමාරුවෙන් ජීවත්වෙන එකෙක්
"මචන් ම්ම සීනියර් බැච් එකේ සිරාට (ශිරාන්ගෙ කාඩ් එක) රුපියල් 13000ක් ණයයි ඒක ගෙවාගන්න විදියක් හිත හිත ඉන්නෙ"
"උබ මොකටද බන් එච්චර ණයක් ගත්තෙ"
"මගෙ අත කැඩුනු වෙලාවෙ ...ඌනෙ වියදම් කලේ ඒගාන ගෙවන්න ඕනෙ
උබ වීකෙන්ඩ් එකේ සුපර්මාර්කට් එකේ වැඩ කරනවනෙ...ඒකෙ ටැම්පරියක් නැද්ද"
"ක්‍රිස්මස් ලග නිසා මේදවස් වල ඇතුල ඩෙකරේට් කරනව....අලුතෙන් ආපු බඩුත් ගොඩක් රක්කවලට දාන්න ඕනෙ...මැනේජර් කියුව පුලුවන්නම් තව කිඔප දෙනෙක් එක්ක එන්න කියලා උබ කැමතිනම් යමන්"
" මේ වීකෙන්ඩ් එකේද බන් තියෙන්නෙ "
"ඔවූ ඔවූ බන්...මේ සති අන්තෙ රෑ දොලහවිතර වෙනකන් වැඩ තියෙයි පොඩි ඕටි පාරකුත් හම්බුවෙන නිසා සිකුරාදා සෙනසුරාද ඉ රිදා තුනම වැඩ කරොත් හයදාහක් විතර හොයාගන්න පුලුවන් "
"එලකිරිනෙ බන් උබනම් දෙයියෙක්....අනේ බන් මැනේජර් ට කියපන්කො මම ගැන"
"එහෙනම් පොඩි සීවී එකක් හදලා දීපන් ....මතක ඇතුව සිකුරාද වරෙන් උබ ආවෙ නැතොත් මමත් චොර වෙනව....බොරු කරලා මැනේජර් තරහ කරගන්න මට බැනෙ "
"බය වෙන්න එපා ...මේ පීකරේ කියුවොත් කියුව ...ඔලුබෙ පන තිබ්බොත් අනිව එනව"
ජෙමා එක්ක කතා කරලා එද්දි ඇලඩින් (අපේ බැච් රෙපා මුන ගැහුනා)
"පීකරේ... කොල්ලො උබ මීට් වෙන්නමයි ආවෙ ....අද කවුන්සිල් එකේදි අන්තර්විශ්ව විද්‍යල කථික තරගෙකට අපේ ෆැකල්ටියෙන් නම් දෙකක් යෝජනා කරා....උබයි...සිරා අයියයි....ටිකක් හොදට පුරුදුවෙලා තරගෙට පලයන්කො... "
![](https://img.wattpad.com/cover/318177282-288-k398472.jpg)
DU LIEST GERADE
case කේස්
Romantikකුතුහලය ත්‍රාශය භීතිය ඇතුලට ෆන් ඇන්ඩ් ලවු මික්ස් උන ජොලි කතාවක්. කියවලම බලන්න. ආදරනීය නීති ශිෂ්‍යන් දෙදෙනෙක් බයානක අපරාධකරුවෙක් පරදවපු ෆට්ට කේස් එකක්.