ep 37

1.1K 186 4
                                    

Ep 37

"හලෝ"

"හලෝ....මොකද මේ රෑ...මුකුත් අමාරුවක්ද..."

"නෑ නැ...කිසි අමාරුවක් නෑ නිකන් කතා කරේ"

"ආඅ...ඇති යන්තන් නිකන් හරි කතා කරන්න මාව මතක් උනා"

""බත් එක රසයි""

"ඕ....මම් හිතන්නෙ මගෙ කෑම රසයි කියන එක අදමයි ඔයා කියුවෙ"

"වෙනදත් රසයි....අදවත් කියන්න ඕනෙ කියල හිතුනා"

"ඔයා අද සතුටෙන් වගේ ඉන්නෙ....

කකුල අමාරු නැත්තන් මම හොස්ටල් එක ලගට එන්නම්

අපි රෑ ඇවිදින්න යමූ"

"එපා...දැන් රෑවෙලා...ඔයා එන්න එපා

අපි මෙහම කතා කරමු"

"ඒත් මට නම් ඔයාගෙ ඇස් දෙක බලන් අත් දෙක අල්ලගෙන කතා කරන්න ඕනෙ"

"මම් කතා කරේ ඔයාට දෙයක් කියන්න""

""ඇති යන්තන් දැන් වත් ඕක කියන්න ඔයාගෙ හිතේ තියෙන ලැජ්ජව ගියා

කොයිතරම් කල් බලන් හිටියද ඕක අහන්න""

"ප්ලීස් කලින් තීරනේ කරන්න එපා...සම්පූර්න කතාවම අහන්න"

"මාව බය කරන්නද යන්නෙ මැට්ටො...ඔච්චර වෙලා ගන්නෙ ඇයි කෙලින් කියන්න ...නැත්තම් එස් එම් එස් එකක් දාන්න"

"නෑ නෑ මම කියන්නම්....ඔයා මේක අහලා ඕනෙ නම් මට බනින්න

නැත්තන් මට ගහන්න...ඒ ඕනෙ දේකට මම සුදුසුයි"

"ඔන්න දැන්නම් මට ටොක්කක් අනින්න හිතෙනව...පිස්සට"

"මම් කියන්නෙ අපේ සම්බන්දෙ"

"ආඅ....සම්බන්දෙ දුර දිග ගිහින් අපි බදිමු කියන්නනේ යන්නෙ

ඔයා කැමතිනම් අපි ගෙවල් වලට කියමු...මටත් අපේ අම්මට බොරු කියලා ඇතිවෙලා...බලන් හිටියෙ ඔයා ගැන අක්කටයි අම්මටයි කියන්න"

"නෑ නෑ හදිස්සි වෙන්න එපා...මම කියන දේ අහලා ඉන්න"

"ම්ම්ම්...හරි හරි මම තව වෙන මුකුත් කියන්නෙ නෑ

ඔයාම කියන්න

මම ඔයා කියන එක රෙකෝඩ් කරන්නද...එතකොට මුලින්ම ඔයා ආදරේ කියපු හැටි මට හැම දාම අහන්න පුලුවන්නෙ"

case කේස්Dove le storie prendono vita. Scoprilo ora