Ep 71
පවන්ගෙ ගෙදර දැන් අනත කදවුරක් වගේ
එහෙම බලද්දි පවන්ගෙ ගෙදර මිනිස්සු අපිට කරේ කිසිම මනුස්සයෙක් නොකරන උදවුවක්
අපි පවන් ගෙ ගෙදර අපේ තිප්පල කරගත්තෙ එතැන අපිට ඕනෙ ආරක්ශාව නියමෙට තියෙනව
පවන්ගෙ ආච්චිල සීයලගෙ කාලෙ ඉදලම ඉදපු ගෙදර මොඩිෆයි කරලයි මේ ගෙදර හදල තියෙන්නෙ
ගෙදර වටේටම ලන්කාවෙ ප්‍රසිද්ද දේශපාලකයන්ගෙ නිලනිවාස ගෙවල් තියෙනව....පිටරට වල එම්බසි තියෙනව රජයේ කාර්යල තියෙනව
හැම තැනම සීසීටීවී කැමරා සිකියුරිටිලා හමුදාව පොලීසිය රහස් පොලීසිය වැහි වැහැලා
ඒක නිසා බලවර්ධන තියා කිසිම පාතාලයෙක් මේ ලේන් එකට ඇවිත් එයාලගෙ ලොකු කම් පෙන්වන්නෙ නෑ
අනෙක පවන්ගෙ තාත්තගෙ බාප්පගෙ සම්බන්දතා නිසා පොලීසියෙ ලොක්කො අපිට කන්ටෑක්ට කරගන්නත් පුලුවන්
ඒ හැමෝම දැන් මේ කේස් එක ගැන දන්නව
එදා සියබලා ආන්ඩුවෙදි උන දේවල් ගැනත් අපි පොලීසියට කට උත්තරදීල ආවෙ අපේ ගැලවීමට
කැලුම්ගෙ අම්මට දැනට තරමක් හොදයි ටිකට් කපන්න පුලුවන් කියලා කෝල් එක ආපු නිසා මට එයාව ගෙනියන්න තැනක් තිබුනෙ නෑ
පවන් ඒ වෙලාවෙත් ඉදිරිපත්වෙලා කැලුම්ගෙ අම්මව පවන්ගෙ ගෙදරට ගෙන්න ගත්තා
ඒ නැන්දා හරිම කුලෑටී හොදටම බය වෙලා හිටියෙ නුපුරුදු තැනකට එක්ක ආව එක ගැන
ඒත් මට එයාව වෙන තැනක තියන්න බෑ බලවර්ධන ඉන්නෙ වියරුවෙන් අපිට ලින්ක් එකක් තියෙන ඕනෙ කෙනෙක්ට එයා රිදවන්න පුලුවන් හැම දේම කරයි
කැලුම් ගෙ අම්ම ගෙදර ගෙනාපු වෙලාවත් ශිරාන් ඒශියල් මුන ගැහුන අවසතාව වගේමයි
කැලුම්ගෙ අම්මගෙ ඇස් පෙනීම හොදටම හොද නැති නිසා එයා පවන්ගෙ ගෙදර ඇතුලට එද්දි ශිරාන්ව කැලුම් කියල වැරදියට වටහාගත්තා
"රන් පුතා....නිදහස් වෙලා ඇවිල්ල ....මගේ පුතා"
නැන්දා ශිරාන්ව දැකපු ගමන් ශිරාන්ගෙ අත් දෙක අල්ලගෙන අඩන්න ගත්තා
KAMU SEDANG MEMBACA
case කේස්
Romansaකුතුහලය ත්‍රාශය භීතිය ඇතුලට ෆන් ඇන්ඩ් ලවු මික්ස් උන ජොලි කතාවක්. කියවලම බලන්න. ආදරනීය නීති ශිෂ්‍යන් දෙදෙනෙක් බයානක අපරාධකරුවෙක් පරදවපු ෆට්ට කේස් එකක්.