Ep 36
සෙනග ගොඩේ එහා මෙහා යන මිනිස්සු අතරෙ උස සුදු ලස්ස්න කෙනෙක් ඉන්නවාද කියලා බල බල පුටුවෙ වාඩි වෙලා ඉදල ඇතිවෙලා මම නැගිටලා ඇවිදල බලන්න හැදුවා
ඒ වෙලාවෙ සින්හකොඩි ගොඩක් උස්සගෙන දුවන් ආපු කොලු නඩයක් මගේ ඇගේ වැදිලා මම වැටෙන්න ගියත් හයිය අතකින් මාව අල්ලගත්තා
අයිස් කැප් එකයි ලොකු කන්නාඩි දෙකයි නිසා වෙන අයට අදුන ගන්න බැරි උනත් ඒ සුදු අත් දෙකේ පහස මට හොදට පුරුදුයි
"ලෙඩ්ඩු මොකද මේ අරගල කරන්න ඇවිත්"
""මට මගෙ හිතත් එක්ක අරගල කර කර ඉදලා ඇති වෙලා....මම මගේ අරගලේ පැරදිලා ඉවරයි""
"එන්න එපා කියුවනෙ ...ඇයි ආවෙ"
"මේක ප්රජාතන්ත්රවාදී අරගලයක් නම් ...කකුල කැඩුන මිනිහෙක්ටත් මේක ඇතුලෙ ඉඩක් තියෙන්න ඕනෙ"
"කකුල නෙමෙයි කට කැඩුනන්ම් තමයි හොද....එන්න එපා කියුවෙ හොද නැති නිසානෙ"
" එහෙනම් තමුසෙට එන්න තිබුනනෙ බලන්න"
"මට වැඩ"
"ඔවූ දන්නව....දැන් හෙන ලොක්කෙක්...අරගලේ බලවතා...අරගලේ සන්නාම නාමය"
"එහෙම එකක් නෑ...මම මේකෙ පොඩි වැලි කැටයක්....මේක මහ විශාල ව්‍යපාරයක්"
"" මට බයයි...ඔයා හයිලයිට් වෙනව වැඩී...දේශපාලනේ හොදයි මෝඩයන්ට....ඔයා වගේ ඉගන ගන්න දක්ශ කොල්ලෙක් නිකන් ජීවිතේ නාස්තිකරගන්නව මේව නිසා
ඇයි තමන් විහින්ම නැහෙන්න යන්නෙ""
"දන්නෙ නෑ...
මම ඒකට හේතුව දන්නෙ නෑ
ඒත් මම දේශපාලනේ දිහාවට ඇදිලා යනව
සමාජ වාදය අරගලය මගේ ඇගේ තියෙනව
ඒක හරියට කැලෑ බල්ලෙක් ගෙනත් හීලෑ කරත් ඌට කැලෑව පෙනෙද්දි ඔක්කොම අත එරලා කැලෑවටම යන්න හිතෙනව වගේ ඇගෙන්ම එන දෙයක්"
"
""ජැක් ලන්ඩන්ගෙ වනපෙත අඩගසයි (කෝල් ඔෆ් ද වයිල්ඩ්) කියවලා ඔලුවට ගත්තු මනස් ගාත...ඔයා බල්ලෙක් නෙමෙයිනෙ..ආත්මයකින් පාලනය කරන්න"
YOU ARE READING
case කේස්
Romanceකුතුහලය ත්‍රාශය භීතිය ඇතුලට ෆන් ඇන්ඩ් ලවු මික්ස් උන ජොලි කතාවක්. කියවලම බලන්න. ආදරනීය නීති ශිෂ්‍යන් දෙදෙනෙක් බයානක අපරාධකරුවෙක් පරදවපු ෆට්ට කේස් එකක්.